The Bull 'Nandi'

සියලුම හින්දු දේවාලවල, මධ්‍ය රේඛාවේ තබා ඇති ශිව ලිංගයටත්, පිවිසුම් දොරටුවටත් අතරමැද තවත් පූජනීය සංකේත දෙකක් තිබෙනවා. එනම් හිඳි ඉරියව්වෙන් සිටින නන්දි වෘෂභයාත්, කම්භම් නැමැති කොඩි ගසත් (ස්ථම්භයකි) යන මේ වස්තු දෙකයි. 

වෘෂභ නන්දි

මෙතැන තියන වෘෂභයා නම් දිගින් අඩි හතරක් විතරයි. තනි කලු ගලින්ම නෙළා තිබෙනවා. සැදැහැති වන්දනාකරුවන්ගේ නිරන්තර තෙල් ගැල්වීම් නිසා කාන්තිමත් කලු පැහැයක් එහි මතුපිට පෙනුමට ලැබී තිබෙනවා.

Bull Nandi in Brihadishwara temple,
Tanjor India


තන්ජෝරයේ ඇති මහා කෝවිලේ වෘෂභයා නම් දිග අඩි 20ක් විතර විශාලයි. සයනයිට් නැමැති පාෂාණයකින් නෙළා තියෙන්නේ. ඒ වගේ කෝවිල්වල අඩියක් තරම් විශාලත්වයක සිට වැඩිවන, එක එක දිගින් යුතු මෙවැනි වෘෂභ රූ සෑහෙන ගණනක් තියනවා. ඇල්ලිය හැකි තරම් ආසන්නව තිබේ නම් අනිවාර්යයෙන් කළු පැහැයට තෙල් පැහැයට දිලිසි දිලිසි ඉන්නවා. හරකාට (හීලෑවූ හරකා) වගේම ආත්මයටත් දෙමළෙන් කියන්නේ 'පසු' කියලා. ශිව දෙවියන් නිරූපණය කෙරෙන බොහෝ අවස්ථාවල යෙදෙන්නේ ගවයෙක් පිටේ යන ආකාරය. මෙම සත්වයාගෙන් ඒවායේ දැක්වෙන්නේ දෙවියන්ට කැපවූ මනුෂ්‍යය ආත්මය යන්නයි.



Golden Flagstaff, Madurai, India
Meenakshi Amman Temple





මේ තියන කොඩි ගස නම් යන්තම් අලංකාර කරන ලද අඳුරු රතු පැහැයක් ආලේප කළ චාම් අඟල් නමයක් තරම් මහත ලී පොල්ලක්. මදුරාවේ නම්දරාපු කෝවිලක ඇති කම්භම් ස්ථම්භය නම් තේක්ක ලීයෙන් තැනු රන් ආලේපිත දුරින් දුරින් වළලු දැමූ කොඩි ගසක්. එහි ඉහළ මුදුනේ සවි කොට ඇති හරස් පොලු තුනේ කුඩා සීනු එල්ලී වැනෙනවා.

මේ කුතුහලය දනවන වස්තුවේ යම් කායික විද්‍යාත්මක අර්ථයක් ඇති බව පැවෙසනවා. ප්‍රජනන ඉන්ද්‍රියයන්ගේ සිට මොළය කරා සිරුරේ මධ්‍ය රේඛාවේ දිවෙන ස්නායුව (අනුගී ස්නායු පද්ධතිය?) ඉන් නිරූපිත බවයි කියන්නේ. ඇත්තෙන්ම මෙවැනි කෝවිල්වල ඇති සෑම සියලු අංගයකින්ම මිනිස් සිරුර සහ මිනිස් සිරුර හුදෙක් ක්ෂුද්‍ර ප්‍රාණියෙක් පමණක්ම වන විශ්වය දැක්වෙන හැඩයි (ක්‍රිස්තියානි පල්ලි වගේ). මේ දේවල් කොතරම් දුරට අනුරූපිබවක් දක්වනවාද නැද්ද කියා විනිශ්චය කරන්න තරම් මා සුදුසු බව මට හැඟෙන්නේ නැහැ. 




මෙම කෝවිලේ අභ්‍යන්තර කුටි මා දැක්ක තරමට බොහොම චාම් බවක් ඉසිලුවා. කිසි අලංකාර කිරීමක් කොට නැහැ. ද්වාර මණ්ඩපයෙන් යළි එළිමහන් පරිශ්‍රය කරා එන විට මගේ අවධානය යොමු වුණේ පූජකයන්ගේ වාසස්ථානය වූ පහත් ගොඩනැගිලි කිහිපයක් වෙතටයි. මෙම කෝවිලේ පූසාරිවරු දෙදෙනෙක් වාසය කළා. තවත් වෙන්වූ පැලක් සැකසී තිබුණේ සංචාරක පූජකවරයෙකුට හෝ දායකයෙකුට නවාතැන් ගැනීම සඳහායි.

Structure  of the Hindu Kovil and Representation of Human Body


දෙවියන්ගේ දෙවොල් වට මහා පෙරහැර

දැන් පූජනීය නාටකයේ දෙවන අංකය රඟ දක්වන්නටයි ලැහැස්ති වෙන්නේ. පොකුණ ඇතුළේ සෑහෙන වාරයක් යාත්‍රා ගමනේ යෙදුණ දෙවියන් දැන් ද්වාර මණ්ඩපය ඉදිරිපිට ඇති භූමියට වැඩම කරවාගෙන ඇවිත්. මේ භූමියේ රිටි වලින් සැකසූ ජංගම වේදිකාවන් මත අමුතු තාලේ සජීවී ප්‍රමාණයෙන්ම සත්ව රූප 3ක්, වෘෂභයෙක්, මොණරෙක්, ඌරෙක් සේ පෙනෙන කළු පැහැ සතෙක් තබා තිබුණා. නමුත් ඒවායෙන් අර්ථවත් වුණේ මොකද්ද කියලා නම් මම දන්නේ නැහැ*.

Silver Juggernaut Car of Hindu Vale Festival, Ceylon  Photographed by Plate & Co.


වෘෂභයාගේ පිටේ රාගාන්විත ස්වරූපයෙන් ශිව සහ ශක්ති** වඩා හිඳුවා තිබුණා. ඌරෙකුවන් සත්වයා උඩ මුතු මැණික් ආභරණ වලින් සැරසුණ ගණේෂ, ශිවගේ පුත්‍රයා, තබා තිබුණා.මොණරා පිට උඩ සිටියේ, ඔහුගේ අනෙක් පුත්‍රයා සුභ්‍රමණ්‍ය (ස්කන්ධ කුමාර හෙවත් මුරුගන්). මේවාට නැවතත් කපුරු සුවඳ දුම් අල්වනු ලැබුවා. ඉන්පසු ශක්තිසම්පන්න උද්යෝගීමත් වන්දනාකරුවන් බොහෝ දෙනෙක් පැමිණ ජංගම වේදිකා රඳවා තිබූ රිටි වලින් ඔසවා රිටි කරට ගත්තා. ඉන්පසු සියලදෙනාම එක පෙළට පෙරහැරක් සේ කෝවිලේ පිටත ප්‍රාකාර බිත්තියත් කෝවිලත් අතර වූ තණකොළ භූමියේ කෝවිල වටා ගමන් කරන්නට ගත්තා.

බැකස් පූජෝත්සවයේ මතකය

Hindu Vale Festival Colombo Photographed by Plate & Co.


පුරුදු පරිදි සංගීත වාදකයන් තමයි මුලින්ම ගියේ. ඊට පස්සේ නර්තන ශිල්පිණියන්. යාර විස්සක් තිහක් ඈතින් ඈතින් අර වේදිකා උඩ රැඳි සතුන් තිදෙනා තම තමන්ගේ ස්වකීය දෙවියන් පිට උඩ උසුලාගෙන ගමන් කළා. මේ මොහොතේ අපිත් සෙනඟ අස්සට ගිහින් වන්දනාකරුවන් අතරේ අතරමන් වුණා. මේ මොහොතේ මට පුරාණ ආගමික පෙරහරක දර්ශනයක් සිතේ මැවෙනවා. මෙම ජංගම වේදිකා වලට ඉදිරියෙන් සහ පිටුපසින් ඇති හිස් ඉඩකඩ පිරෙන්නට සිටි මිනිසුන් උද්යෝගයෙන් ප්‍රමුදිතව සිටි බව මනා ලෙස පෙන්නුම් කෙරුණා. අත් වනමින් හෝ අතින් අත අල්ලාගෙන හෝ තවත් අයෙකුගේ ඇඟකට හේත්තුවක් දමාගෙන ගිය ගමන ඇවිදීමකට වඩා නර්තනයක් යැයි කිව හැකියි. සමහරක් විටෙක ඔවුන්ගේ කෑගැසිම් සංගීත නාදයත් සමඟ මිශ්‍ර වුණා. දිගු පන්දම් එහාට මෙහාට වැනෙන්නට වුණේ අහසට ගිනිදැල් නංවමින්. එයින් වෑහෙන ගිනි අඟුරු, නග්න පිටමත වැටුණත් ඔවුන්ගේ උද්යෝගය අඩු වුණේ නැහැ. දැල්වෙන පොල්තෙල් සුවඳ නිසා අවට අවකාශය ග්‍රිෂ්මාධික තැනක් බවට පත් කළා. පාරට බරවී ඇති කෙසෙල් අතු සහ පොල් අතු, ගිනිදැල් එළියට වගේම සඳ එළියටත් දිස්නය දුන්නා. එය මේ දර්ශනයට තවත් අලංකාරයක් එක් කළා [1].

පෙරහැර මෙලෙස කෑකෝ ගසමින් පාලනයකින් තොරව යාර කිහිපයක් ඉදිරියට ගමන් කොට එක්වරම නැවතුණා. දේව රූපයන්හි බර කරට ගත් මිනිසුන් ඒවා රැගෙන ගියේ දහඩිය දමාගෙන මහත් අමාරුවකින්. ලෝක සම්මත සාම්ප්‍රදායික අදහස් වලට අනුව ඒවා සකස් කොට ඇත්තේ පැරැන්නන් දන්නා වූ ලෝහ වර්ග පහකින් යුතු පංචාලෝහ නම් වූ මිශ්‍ර ලෝහයකින්. ඇත්තවශයෙන්ම ඒවා අතිශය බරයි. දේව රූප කරට ගත් අය තමන් උසුලා ගත් රිටි ශක්තිමත් ආධාරකයක් මත තබාගත්තා. මේ ආධාරකත් රැගෙන ගියේ මේ කටයුත්තටමයි. ඔවුන් මෙලෙස විවේකයක් ගන්නා අතරේ නැට්ටුක්කාරියන් කරළියට පැමිණුනා.

Hindu God and Vehicle Images with Hindus, Ceylon 


.........

[1] පුරාණ ඉන්දියානු ජීවිතය රචනා කළ ස්පියර් මහත්මිය තම පොතේ 374 පිටුවේ, ශිව වන්දනය පිළිබඳ වාර්තාවක් ලැබෙන්නේ ක්‍රි.පූ 300දී පමණ බව සඳහන් කරයි. මෙය වර්තා කරන්නේ මෙගස්තිනිස් විසිනි. ඔහු මෙසේ කියන්නේලු. "මහත් ශබ්ද සහිත උත්සවයන්ගෙන් මෙය සමරනු ලබයි. බැතිමත්තු තම සිරුරු තෙල් ගල්වා මල්දම් පැළඳ සීනු සහ කයිතාලම් නාද කරයි." ඇය ඊට තවත් කරුණක්ද එක් කොට ඇත. "ග්‍රීකයන්ගේ අනුමානයන්ට අනුව ශිව වන්දනයේ මූලාරම්භය ලෙස සලකන්නේ බැකස් හෝ දියෝනිසස් දෙවියන්ය. මෙය පෙරදිග කරා එන්නට ඇත්තේ හ'කියුලිස් සමඟ බැකස් දෙවියන් කළ පෙරදිග ගවේෂණයන්ගේ ප්‍රතිඵලයක් ලෙසයි."

Vale Festival, Colombo photographed by Plate & Co.


[අනුවාදක සටහන්: 

* දෙවියන්ගේ වාහන ලෙසින් සලකන සතුන් වේ. ගණ දෙවියන් හෙවත් ගණේෂගේ වාහනය මීයෙකි.

** ශිවගේ බිරිඳගේ ප්‍රචලිත නාමය වන්නේ පාර්වති යන්නයි. ශක්ති කියාද යෙදේ. ]


“ආදම්ගේ ශිඛරය මතින් එලිෆන්ටා ගුහා වෙත – ලක්දිව සහ ඉන්දියාවේ රූප සටහන්” : එඩ්වඩ් කාපෙන්ටර්

සත්වන පරිච්ඡේදය : හින්දු දෙවොලක රාත්‍රී උත්සවයක්.


From Adam’s Peak To Elephanta : Sketches in Ceylon and India by Edward Carpenter

CHAPTER VII: A NIGHT-FESTIVAL IN A HINDU TEMPLE.

In the middle line of all Hindu temples, between the lingam and the door, are placed two other very sacred objects—the couchant bull Nandi and an upright ornamented pole, the Kampam, or as it is sometimes called, the flagstaff. In this case the bull was about four feet in length, carved in one block of stone, which from continual anointing by pious worshipers had become quite black and lustrous on the surface. In the great temple at Tanjore there is a bull twenty feet long cut from a single block of syenite, and similar bull-images are to be found in great numbers in these temples, and of all sizes down to a foot in length, and in any accessible situation are sure to be black and shining with oil. 

In Tamil the word pasu signifies both ox—i.e. the domesticated ox—and the soul. Siva is frequently represented as riding on a bull ; and the animal represents the human soul which has become subject and affiliated to the god. As to the flagstaff, it was very plain, and appeared to be merely a wooden pole nine inches or so thick, slightly ornamented, and painted a dull red color. In the well-known temple at Madura the kampam is made of teak plated with gold, and is encircled with certain rings at intervals, and at the top three horizontal arms project, with little bell-like tassels hanging from them. 

This curious object has, it is said, a physiological meaning, and represents a nerve which passes up the median line of the body from the genital organs to the brain (? the great sympathetic). Indeed the whole disposition of the parts in these temples is supposed (as of course also in the Christian Churches) to represent the human body, and so also the universe of which the human body is only the miniature. I do not feel myself in a position however to judge how far these correspondences are exact. The inner chambers in this particular temple were, as far as I could see, very plain and unornamented.

On coming out again into the open space in front of the porch, my attention was directed to some low buildings which formed the priests' quarters. Two priests were attached to the temple, and a separate cottage was intended for any traveling priest or lay benefactor who might want accommodation within the precincts.

And now the second act of the sacred drama was commencing. The god, having performed a sufficient number of excursions on the tank, was being carried back with ceremony to the space in front of the porch—where for some time had been standing, on portable platforms made of poles, three strange animal figures of more than life-size—a bull, a peacock, and a black creature somewhat resembling a hog, but I do not know what it was meant for. 

On the back of the bull, which was evidently itself in an amatory and excited mood, Siva and Sakti were placed ; on the hog-like animal was mounted another bejewelled figure—that of Ganesa, Siva's son ; and on the peacock again the figure of his other son, Soubramanya. Camphor flame was again offered, and then a lot of stalwart and enthusiastic worshipers seized the poles, and mounting the platforms on their shoulders set themselves to form a procession round the temple on the grassy space between It and the outer wall. 

The musicians as usual went first, then came the dancing girls, and then after an interval of twenty or thirty yards the three animals abreast of each other on their platforms, and bearing their respective gods upon their backs. At this point we mingled with the crowd and were lost among the worshipers. And now again I was reminded of representations of antique religious processions. 

The people, going in front or following behind, or partly filling the space in front of the gods—though leaving a lane clear in the middle — were evidently getting elated and excited. They swayed their arms, took hands or rested them on each other s bodies, and danced rather than walked along ; sometimes their shouts mixed with the music ; the tall torches swayed to and fro, flaring to the sky and distilling burning drops on naked backs in a way which did not lessen the excitement ; the smell of hot coco-nut oil mingling with that of humanity made the air sultry ; and the great leaves of bananas and other palms leaning over and glistening with the double lights of moon and torch flames gave a weird and tropical beauty to the scene.[1] 

In this rampant way the procession moved for a few yards, the men wrestling and sweating under the weight of the god-images, which according to orthodox ideas are always made of an alloy of the five metals known to the ancients—an alloy called panchaloka—and are certainly immensely heavy ; and then it came to a stop. The bearers rested their poles on strong crutches carried for the purpose, and while they took breath the turn of the nautch girls came.


[1]

Mrs. Speir, in her Life in Ancient India, p. 374, says that we first hear of Siva worship about B.C. 300, and that it is described by Megasthenes as "celebrated in tumultuous festivals, the worshippers anointing their bodies, wearing crowns of flowers, and sounding bells and cymbals. From which," she adds, "the Greeks conjectured that Siva worship was derived from Bacchus or Dionysos, and carried to the East in the traditionary expedition which Bacchus made in company with Hercules."

ලක්දිව ගමන් සටහන් පිටු අංක: 50

Comments