The Bungalow and the Tent by Edward Sullivan

මෙතැන් සිට දිග හැරෙන්නේ එඩ්වඩ් සලිවන් විසින් රචිත "THE BUNGALOW AND THE TENT" නම් කෘතියේ සිංහල අනුවාදයයි.

මුල් කෘතිය කියවීමට අවැසි නම් ඩිජිටල් සංරක්ෂණාගාරයේ ඇති ඩිජිටල් ඡායා පිටපත, පහත ලින්කුව ඔස්සේ කියවිය හැක.






කවරයේ කතාව.....




බංගලාවයි කූඩාරමයි 
හෙවත් 
සිලෝනයට සවාරියක්


'අයාලේ ගිය ඇමරිකානු චාරිකා' කෘතියෙහි කතුවර

එඩ්වඩ් සලිවන් විසිනි




රිචඩ් බෙන්ට්ලි,
රාජකීය පොත් ප්‍රකාශකයෝ,
ලන්ඩනය
1854



පිදුම


සලිවන් ආර්යාව වෙතට, ඇගේ ආදරණීය පුත්‍රයා විසින් පිදෙන වගයි.





ප්‍රස්තාවනාව


සියවස් ගණනාවකට පෙර 'බේකන්' විසින්, විශ්වයේ නවතාවයන් බෙදාහැරීම සොබාදහම විසින් නවතා දමන ලද බැව් ප්‍රකාශ කරන ලදි.

"අලුත් කිසිත් හමුවන්නේත් නැත, තැනෙන්නේත් නැත. ලියවෙන්නේත් නැත, කියවෙන්නේත් නැත. පැරණි මුහුණ අනෙක් පස හරවා සඟවාගත් සඳ කුමරිය නව සඳක් ලෙසින් සැමදා බබළන්නා සේ පැරණි දෙයම යළි යළිත් හමුවේ."
කාලය විසින් මේ නිරීක්ෂණය තහවුරු කොට ඇත. මෙම ගරු කටයුතු කියමනේ සත්‍යය "පැරණි පොත්, පැරණි වයින්, පැරණි මිතුරන්, සහ පැරණි ......." (සිව් වැන්න මට අමතක වී ඇත. එය පැරණි ගැහැණුන් නම් වෙන්නට නොහැක ) කෙරෙහි අනුදක්නා බව පැහැදිලිව පෙනේ. ඒ අනුව මෙම ඉදිරි පිටු වලද අලුතින් යමක් වේ යැයි බලාපොරොත්තු විය නොහැක. එය හුදෙක් නැවුම් ආලෝකයක් වැටුණු පැරණි පින්තුරයක වන අලුත් බවක් පමණී. කෝපි වගාවත්, බෞද්ධ දර්ශනයත්, අලි දඩකෙළියත්, කූඩැල්ලොත් බොහෝ විට බොහෝ දෙනෙකුට ක්‍රිකට් හෝ ක්‍රොකේ ක්‍රීඩා මෙන් දැන් හුරුපුරුදුය.


"යහළුවා, නීරස වෙන්න එපා," ට්‍රැවන්කොරයේ මහරාජා ක්‍රිස්තියානි මිෂනාරිවරයෙකුට දහසයවන සියවසේදී මෙසේ පවසන ලදී. "මතකයේ තබාගන්න, ජීවිතය කෙටියි." මම මෙම ප්‍රශංසනීය උපදෙසට මාගේ සම්පූර්ණ අවධානය යොමු කරන්නට මහත් ආයාසයක් ගත්තෙමි. එම නිසා මා මේ ලියා ඇති දේ ඔබට නිරස උපදවයි නම් ඒ වරදට ලියා ඇති වචන ප්‍රමාණය බලා දඬුවම් ලබාදිය නොහේ. තම "නින්ද" අහිමිකරගන්නේ පාඨකයන් හට "සපයාදීම" උදෙසා බව බොහෝ කතුවරුන් හට එල්ල වන චෝදනාවකි. මේ දෝෂාරෝපණයට මා වරදකරුවෙකු නොවන වග මම අවංකව ප්‍රකාශ කරමි. "නින්ද නිපදවූ මිනිසාට උපහාරයක්ම වේවා," වරක් අමරණීය වංශාධිපතියෙකු ප්‍රකාශ කළේය. එය බෙදා හරින්නේ කවරෙකු වුවද, කෙලෙසකින් වුවද, වෛද්‍යවරයෙකු වුවද, දේශකයෙකු වුවද, කතුවරයෙකු වුවද, කරදරකාරයෙකු වුවද ඔහුට යහපතක්ම වේවා යැයි මමද පුනුරුච්චාරණය කරමි.


1854, ඔක්තෝබර් 15,
ලන්ඩනයේදී.





THE
BUNGALOW AND THE TENT;
OR,
A VISIT TO CEYLON.


BY
EDWARD SULLIVAN,
AUTHOR OF "RAMBLBS AND SCRAMBLES IN AMERICA.




LONDON:
RICHARD BENTLEY,
PUBLISHER IN ORDINARY TO HER MAJESTY.
1854.





DEDICATED

TO LADY SULLIVAN,

BY
HER
AFFECTIONATE SON.



PREFACE.


Bacon announced some centuries ago, that Nature had ceased to dispense novelties. " Nothing new can be either found or done, read or related : nothing new but as the moon is new, the old moon with her face turned the other way." Time has endorsed this observation, and the truth of the venerable saw touching the superiority of "old books, old wine, old friends, and old .......," (I forget the fourth, but don't think it is "old women,") becomes daily more patent. The following pages consequently cannot be expected to contain anything new, otherwise than as an old picture in a fresh light is new.

Coffee-planting and Buddhism, elephant shooting and leeches, are probably as familiar to many as cricket or crotchet.

"Friend, be not tedious," said the Rajah of Travancore to a Christian missionary, in the sixteenth century, "remember life is short" I have endeavoured to pay due attention to this admirable advice; and if what I have written be wearisome, the offence can scarcely be visited on the quantity.

It has been laid to the charge of many authors, " that they deprive themselves of sleep, in order to procure it for their readers." I plead a conscientious " not guilty " to this allegation. " Blessed be the man who invented sleep," says the immortal Squire ; and blessed be he, I repeat, who imparts it by any means, whether Doctor, Preacher, Author, or Bore.


London,
Oct. 15, 1854.

Comments