Buddhist Priest Funeral Ceremony - Kandy, Ceylon 1908

දහනම වන සියවසේ මුල භාගයේදී මහනුවර වැඩ විසූ ස්වාමීන් වහන්සේ නමකගේ ආදාහන පූජෝත්සවය පැවැත්වූ අයුරු


Another View of the cremation ceremony

The Sphere 1908, January 4

An impressive funeral ceremony among the hills of Ceylon


අපි මේ ඡායාරූප උපුටාගත්තේ 1908 වර්ෂයේ ජනවාරි සහ පෙබරවාරි මාසයන්හි පළවුණූ බ්රිතාන්ය පුවත් පත් කිහිපයකින්. අපවත් වූ ස්වාමීන් වහන්සේගේ නමක් ගමක් හෝ අපවත් වූ දිනයක් ඒවායේ සඳහන් කරල නොතිබුණු එක නම් ලොකු අඩුපාඩුවක්. හැබැයි එතුමන්ගේ ශ්රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ගැන නම් අලංකාර විස්තරයක් එහි සඳහන් කරලා තිබුණා.

Carrying the body to the hill.

The Sphere 1908, January 4



මේ කටයුත්ත සිදුකරන්න චිතකය ඉදිවෙලා තිබුණේ මහනුවර ප්රදේශයේ කඳුයායකින් වටවුණු දර්ශනීය භූමියක. "පෙරදිගට උරුම වුණු පලාවන් පැහැය මත නිවර්තන කලාපයේ මලින් පැළැන්ඳු පසුතලයක් ඇති අලංකෘත රංගභූමියක්" විදිහටයි උත්සව පරිශ්රය ගැන වාර්තාකරු සඳහන් කරලා තියෙන්නේ. අද කාලේ දකින තිර වලින් වටවුණු දැවැන්ත චිතක වගේ නෙවෙයි, ආදාහානාගාර නොතිබුණු ඒ කාලේ ඉදිවුණු බොහොම චාම් දර සෑයක්.

The High Priest Delivering his oration

The Sphere 1908, January 4



බෞද්ධයන් තම ස්වාමීන් වහන්සේලාගේ ආදාහන කටයුතු බොහොම උත්සවාකාරයෙන් වත් පිළිවෙත් අනුව සිදුකරන බවත් එය සිදුකරන ආකාරය පිළිබඳ කෙටි සටහනකුත් මේ පත්තරේ ලියා තිබෙනවා. ඒ අනුව පළමුව මහානායක හිමි විසින් අපවත් වන්නට යෙදුණු ස්වාමීන් වහන්සේ පිළිබඳ ගුණ කථනයක යෙදෙනවා. ඉන් පසුව අදාළ වත් පිළිවෙත් සිදුකොට දේහය රැඳවූ දර සෑය මතට භූමිතෙල් එකතු කරනවා. අවසානයේ දර සෑය දල්වනු ලබනවා. වාර්තාකරු ලිපිය අවසන් කරන්නේ ගෙවුණු පනස් වසර තුළ සිලෝනයේ බුද්ධ ශාසනයේ පුබුදුවක් ඇති වී ඇති බවක්. ගණන් බලා ඇති පරිදි සිලෝනයේ ස්වාමීන් වහන්සේලා 7351 වැඩ වාසය කරන බවත් විහාරස්ථාන 3000ක් ඇති බවත් සඳහන් කරනවා.

The burning of the body.

The Sphere 1908, January 4



Ref -
- The Sphere, 1908 January 4
- Leslie's Weekly, 1908 February 13




Buddhists of Kandy, Ceylon
Cremating the body of a priest

Leslie's Weekly 1908, February 13

Comments