Prince of Wales Visit to Ceylon 1922

වේල්සයේ කුමාරයා ලංකාවට කීප විඩක්ම ඇවිදින් තියෙනවා. මේ කියන්න යන්නේ 1922 අවුරුද්දේ, ඒ කියන්නේ මීට අවුරුදු 100කට කලින් හිටපු වේල්සයේ කුමාරයා කරපු සංචාරයක් ගැන.


✍ වේල්සයේ කුමරුගේ ලංකා සවාරිය

නැවක මුහුදෙන් යද්දි දවසින් දෙකෙන් රටකට ගිහින් එන්න බැහැනෙ නෙව. ඉතින් එයාලගේ වැයික්කියම බලාකියාගෙන එන්න තමයි සවාරියක් සැලසුම් කරන්නේ. ඉතින් ආසියානු ගමනක් නම් ලංකාවත් අනිවාර්යයෙන්ම ඔය ට්රිප් එකේ එක තිප්පොළක් වෙනවා.

නැවෙහි සිට කුමාරයා රැගත් රාජකීය බෝට්ටුව කොළඹ වරාය ජැටිය වෙත එමින්...

Image Courtesy: The Prince of Wales' Eastern book, a pictorial record of the voyages of H.M.S. 'Renown' 1921 - 1922


1921 නොවැම්බර් මාසේ රාජකීය "රිනොවුන්" (Renown) නෞකාවෙන් මුහුදට බහින වේල්සයේ කුමාරයා හෙවත් එඩ්වඩ් කුමාරයා (පස්සේ කාලෙක නෝනා හන්දා රජකම අතඇරිය කෙනා) ඉන්දියාවේ අරහෙ මෙහෙ කරක් ගහලා කරච්චියේ ඉඳන් ලංකාවට, කොළඹට, සේන්දු වෙන්නේ මාර්තු මාසේ. හරියටම කිව්වොත් මාර්තු 21 අඟහරුවාදා. ඒකාලේ ලංකාවේ ආණ්ඩුකාරයා ශ්රීමත් විලියම් මැනිං, කුමාරයා ඇතුළු පිරිවර බොහොම ගෞරවයෙන් කොළඹදී පිළිගත්තා.

ලංකා ආණ්ඩුකාර විලියම් මැනිං, කොළඹට ආ කුමාරයා පිළිගෙන කැටුව එමින්.
එඩ්වඩ් කුමාරයා තවම අවුරුදු 28ක යස ඉලන්දාරියෙක්. ඉස්සරහින් යන ඔය වයසක මනුස්සයා තමයි අවුරුදු 59ක් වෙච්ච විලියම් මැනිං

"The Prince accompanied by the Governor of Ceylon arriving in Colombo. (March 21st, 1922.)"

Image Courtesy: Endangered Archives Programme - British Library

Extracted from, The Graphic, British weekly newspaper, April 15, 1922:

"The Prince in an Island Paradise
- His Enthusiastic Welcome in Ceylon -

The Prince of Wales, on the conclusion of his memorable tour in India, sailed from Karachi in the Renown to Ceylon for a five day visit before setting out on his further journey to the land of the Rising Sun. At Colombo where he was received by Sir William Manning, the Governor, he had a remarkably hearty welcome, the streets, through which he drove in an open car, being lined by dense crowds; and no less enthusiastic was his reception at Kandy, where he met the Kandyan chiefs, received addresses from the planters, and witnessed a picturesque torchlight procession which was arranged in his honour."


මේ දවස ලංකාවේ ඈයින්ට රජ මඟුල් දවසක්. කුමාරයා සහ පිරිවර දැක බලාගන්න පැය ගණනක් අව් කට්ටේ වේලි වේලි හිටියට අපේ ඈයීන්ට එයාලට දකින්න ලැබුණේ විනාඩි පහකට විතරයි. ඒත් ලොකුවට රථ පෙරහරක් තිබුණේ නැහැ. විවෘත මෝටර් රථයක පිරිවරක් නැතිව, සෙවණ වුණු කොළඹ මංමාවත් දිගේ මයිල පහක පමණ ගමනක්. කුමාරයා පහු කරගෙන ගිය බංගලාවන් මන්දිරයන් හැම එකකම වගේ අත්පොළසන් දීගත්තු නරඹන්නෝ හිටියා.

කුමාරයා පිළිගන්නට කොළඹ තැනුණු දැවැන්ත හරසර තොරණ

One of the triumphal arches on the route, Colombo

Image Courtesy: The Graphic, British weekly newspaper, April 15, 1922


බාලදක්ෂයන් හා බාලදක්ෂිකාවන් පෙළ සැදී කුමාරයා වෙත ආචාරය පුදකරමින්

A Hearty Welcome to the Prince
Numbers of Boy Scouts and Girl Guides greeting the Prince on his arrival in Ceylon

Image Courtesy: The Sphere, British weekly newspaper, April 29, 1922

පරිවාර රථ නොමැතිව තනි විවෘත මෝටෝ රියක නැග කොළඹ වීදී දිගේ සංචාරයේ යෙදෙන කුමාරයා සහ මැනිං ආණ්ඩුකාරවරයා.

The Prince Setting out on a drive through Colombo

Image Courtesy: The Graphic, British weekly newspaper, April 15, 1922


✍ කොළඹ දිගේ ✍

දර්ශනීයම ස්ථානය වුණේ චාල්මර්ස් ධාන්ය ගබඩාව කිට්ටුව පාරේ, 7000ක විතර ස්වදේශික සේවකයන් පාර දෙපැත්තේ බලා ඉඳිද්දී බෙර වාදකයන් කණ්ඩායමක් විසින් පැවැත්වූ පෙරහැර. හවස් යාමේ එළඹෙද්දී කොළඹ මාවත් සියල්ලක්ම වගේ දීප්තියෙන් බබළන්නට පටන් ගැනුණා, ප්රීතිය සමරන මිනිසුන්ගෙන් ඒවා පිරී ඉතිරී ගියා. මෝටර් රථ සහ ජින් රික්ෂෝ සියල්ලකම වගේ කොඩි ගහගෙන. කුමාරයා ආණ්ඩුකාර නිල නිවසේ රාත්රී භෝජනය ගනිද්දී පාරට වුණු ස්වදේශික වැසියෝ නළා වාදනය කර කර වර්ණ ගැන්වූ කුඩා කොළ කැබලිති විසි කරමින් රාත්රී වීදි සංචාරයේ යෙදෙමින් කුල්මත් වුණා. මේ වගේ සැමරුමක් කරන්න කොළඹට අවස්ථාවක් ලැබුණේ වසර ගණනාවකට පස්සේ.

එඩ්වඩ් කුමාරයා සහ මැනිං ආණ්ඩුකාරවරයා වීදී සංචාරයේ යෙදෙණු බලන්නට පැමිණි මහා ජන ගඟ පාර දෙපස පෙළ සැදී සිටින අයුරු

A section of the vast crowd that lined the route as Prince and the Governor drove through Colombo

Image Courtesy: The Graphic, British weekly newspaper, April 15, 1922



✍ වර්ණ ප්රදානෝත්වය ✍ 

ඊළඟ උදෑසන කොළඹ කොටුවේ එෂලාන් බැරැක්ක ඉදිරිපිට ලංකා පාබල හමුදා රෙජිමේන්තු වර්ණ ප්රදානෝත්වය 1000ක විතර සෙනඟකගේ සහභාගීත්වයෙන් උත්සවාකාරයෙන් පැවැත්වුණා. එක එක ජාතියේ නිලඇඳුම් ලා ගත් මිනිසුන්; පොලිස් ඇඳුමෙන්, සුදු පැහැ ඩ්රිල් ඇඳුමින්, කාකි ඇඳුමෙන් සැරසුණු ඈයෝ මධ්යාහේන අව් රශ්මිය කාගෙන මේකට ඇවිත් හිටගෙන හිටියා. බැරැක්ක පිට්ටනියේ හෙවණක්වත් තිබුණේ නැහැනේ. කුමාරයාත් අව්ව නොතකා හැම සෙබළෙකුටම, නිලධාරියෙකුටම අතට අත දීලා, සිනාවකින් සංග්රහ කරලා හැමෝගේම සිත් සතුටු කළා.

✍ මහනුවරට ✍ 

ඊළඟ උදෑසන, ඒ කියන්නේ බ්රහස්පතින්දා තමයි මහනුවර බලා කට්ටිය යන්න පිටත් වුණේ. මේ සඳහා විශේෂ රාජකීය දුම්රියක් වෙන්වුණා. හවස් වෙන්න ලං වෙද්දි වගේ කට්ටියට මහනුවරට එන්න පුළුවන් වුණා. පැය තුනහමාරක කාලයක් වුණු කෝච්චි ගමනේදි ලංකා දූපතේ දර්ශනීයතම දසුන් දැක බලාගන්න කුමාරයට හැකි වුණා. ඒ විතරක් නම් මදැයි, කොළඹ ඉඳන් මහනුවර වෙනතුරු ඇති සෑම දුම්රිය නැවතුම්පොලකම සෙනඟ රැස් කකා හිටියේ කුමාරයා දැක බලාගන්න. කෝච්චි පාර අද්දරට වෙච්ච සෑම පැල්පතකම තම පක්ෂපාතීත්වය පෙන්නුම් කරමින් අලංකාර ගොක්කොළ සැරසිලි හෝ යූනියන් ජැක් කොඩි එසවී තිබුණා. රඹුක්කන ඉඳන් මහනුවර නගරය වෙනතුරුම වගේ, මිනිසුන්; ගැහැනුන්, සහ ළමයින්, වැඩිහිටියන්, එක පෙළට රැස්වී හිටියේ පිරිවර පිළිගන්න. මේ ඝෝෂාවෙන් කොච්චියේ සද්දේ පවා නෑසී ගියා. කඳු බෑවුම් වල පවා සිංහල ගැමියන් නැගීගෙන සිටියේ සිනහවෙන් තම සංතෝසය පුද කරන්න.

කුමාරයා කොළඹ සිට මහනුවර බලා රාජකීය දුම්රියෙන් යද්දී, අලගල්ල, බැද්දවල ජනතාව කුමාරයා වෙනුවෙන් ඉදිකළ සැරසිලි සමඟ කෝච්චි පාර අද්දරට පැමිණ තම හරසර පුදකළ අයුරු

"The Royal Train on the journey between Colombo and Kandy. The Prince had a wonderful reception from groups of Islanders who gathered by the rail side. Ceylon. (March 23rd, 1922.)"

Cingalese enthusiasm for the prince of wales: the royal train passing a native arch of welcome between Colombo and Kandy. - Hailing the prince as he travelled to Kandy. At various points on the railway, natives assembled to get a glimpse of the Prince as the train passed.

Islanders Greeting the Prince During his journey through Ceylon.

The royal train on the journey between Colombo and Kandy. All along the route the Prince had a splendid reception from the groups of islanders, many of whom had tramped many miles to witness the passage of the royal train.



මුළු කඳුකරයේම සිටි මිනිසුන් මහනුවරට එක් රැස් වී හිටියා. තම ජීවිතයටම ලැබෙන එකම අවස්ථාවයි කියාගෙන තමයි කට්ටිය ඇවිදින් තිබුණේ. තේ සහ රබර් වතු කරමින් සිටි වතු කාරයෝ යුද සමයේ ලද පදක්කම් ඔක්කොම ඇඟේ ගහගෙන. ස්වදේශික වැසියන් ඇවිදින් හිටියේ පවුල් පිටින්. වැව අසල තණ පිටියක මේගොල්ලෝ කඳවුරුලාගෙන සිටියා. ලංකා වැවිලිකරුවන්ගේ සංගම් ශාලාවේදීත් පැවිලියන් මන්දිරයේදීත් (වත්මන් මහනුවර ජනාධිපති මන්දිරය ) පැවැත්වූ උත්සව කිහිපයකට එඩ්වඩ් කුමාරයාට සහභාගී වන්නට සිදුවුණා. එදින ඔහු නවාතැන් ගත්තේ මෙම පැවිලියන් මන්දිරයේයි.

මහනුවරට ආ කුමාරයා පැවිලියන් මන්දිරය කරා ගිය අයුරු

The Prince's Procession of Cars proceeding the King's Pavilion

Image Courtesy: The Graphic, British weekly newspaper, April 15, 1922




මහනුවරදී, ලංකා වැවිලිකරුවන්ගේ රයිෆල් බලකායේ ආචාර පෙළපාළියට සහභාගී වෙමින්

Inspecting Planters' Rifle Corps.

"The Prince inspecting the Guard of Honour of the Ceylon Planters Rifle Corps. Kandy. (March 23rd, 1922.)"

Image Courtesy: Endangered Archives Programme - British Library

The guard of honour drawn up at Kandy. This guard was composed of members of the Ceylon Planters' Rifle Corps - a smart volunteer body


ලංකා වැවිලිකරුවන්ගේ සංගමයෙන් පිදෙන පිළිගැනීම් සත්කාර මැද

"The Prince receiving an address of Welcome from the Planters Association of Ceylon. Kandy. (March 23rd, 1922.)"

Image Courtesy: Endangered Archives Programme - British Library



සන්ධ්යා සමයේදි මහනුවර මඟුල් මඬුවේදි උඩරට දිස්ත්රික්ක පහ නියෝජනය කරමින් ආ උඩරට සිංහල ප්රභූවරු 80දෙනෙක් කුමාරයා මුණ ගැසුණා. සියල්ලෝම තම නිල මට්ටම පෙන්වන සම්ප්රදායික නිලමේ ඇඳුමින් සැරසී සිටියා. එක් තරුණ නිලමේවරයෙක් සේවා රිබන් පටි තුනක්ම පැළඳ සිටිනවා දැකලා, කුමාරයා නැවතිලා ඔහු සමඟ කතා බහ කරන්නටත් යෙදුණා.

රාජකීය එළිමහන් ප්රියසාදයට පැමිණි උඩරට ප්රභූවරු තම බිරින්දෑවරු සමඟ.

Kandyan Notabilities and their Wives at the Royal Garden Party.

The Prince's visit to Kandy was the occasion for a demonstration of loyalty on the part of the Kandyan chiefs. After dinner on the evening of the Prince's arrival a big durbar was held, at which all the notabilities and their wives attended, and were presented to the royal visitor.

Image Courtesy: The Sphere, British weekly newspaper, April 29, 1922



මඟුල් මඬුවේ පිළිසඳරින් පසුව පිරිවර ගියේ දළදා මාලිගයේ දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ගන්න. අඳුරු ආලෝකයක් ඇති ශාලාවක් මැදින් කුමාරයා කුඩා කුටියකට පිවිසියා. මේ ශාලාවේ ස්වාමීන් වහන්සේලා පිරිසක් බොහොම නිශ්ශබ්දව පසෙකට වී සෙවනැලි සේ සිටගෙන සිටියා. කුමාරයා ඇතුළු ප්රභූ කාණ්ඩේ ගිය කුටිය යකඩ දඬු යොදා බොහොම සවි ශක්තියට සැදූ දොරකින් සමන්විත කුටියක්.

දළදා වහන්සේගේ පැවිදි භාරකාරත්වය හිමි මහනුවර මහානායක හිමි, 1922

The Chief Priest of the Temple

Whose principal duty is the care of the sacred tooth. On festival days it is taken in a gold and jewelled casket on the back of a huge elephant in a torchlight procession.

Image Courtesy: The Sphere, British weekly newspaper, April 1, 1922



මහානායක ස්වාමීන් වහන්සේ අඩි 10ක් පමණ උස සීනුවක් ආකාර රන් කරඬුවක් විවෘත කරන්නට යෙදුණා. ඒ ඇතුළේ වුණේ එකක් ඇතුළේ එකක් ආකාරයට තිබිච්ච තවත් කරඬු 6ක්. ඒ හැම එකක්ම විවෘත කරගෙන ගිය මහනායක ස්වාමීන්, අවාසානයට මැණික් එබ්බවූ කුඩා මන්ජුසාවක් වන් කරඬුවක් ලබා ගත්තා. මෙම මංජුසාව මේසය මතින් තබා එහි පියන විවෘත කරන්නට යෙදුණා. ලාම්පුවක කුඩා දැල්ලක ආලෝකයෙන් දන්ත ධාතූන් වහන්සේ එහි වැඩ සිටිනු කුමාරයාට දැක ගන්නට ලැබුණා. එහි අසාමාන්ය විශාලත්වය නිසා ඔහු දුටු දෙයින් එය මිනිසෙකුගේ දතක් යන්න විශ්වාස කරන්නට ඔහුට තරමක් අපහසු වුණා.

පැවිලියන් මන්දිරයේ එළිමහන් ප්රියසාදයට පැමිණි උඩරට ප්රභුවරු තම ආචාරය කුමරුන් හට පිළිගන්වමින්.

Kandyan notables being presented to the prince

"Kandyan Notables being presented to the Prince at a Garden Party in the Grounds of King’s pavilion. Kandy. (March 23rd, 1922.)"

Kneeling in Homage Before the Prince - a Scene at Kandy
Kandyan notabilities wearing their quaint portuguese hats, shaped like boats, being presented to the Prince at a garden party held in the grounds of the King's Pavilion

Image Courtesy: Endangered Archives Programme - British Library



ඉළඟට කට්ටිය ගියේ පත්තිරිප්පුව වෙතට. කුමාරයා එතැන ඉඳන් මහ මළුව දිහා බලා ඉන්ඳැද්දී පහළින් පෙරහැරක් යන්නට යෙදුණා. දළදා මාලිගයේ පෙරහැර කරඬුවද සමඟ මහනුවර දිස්ත්රික්කයේ ප්රධාන විහාරස්ථාන පහක වූ ධාතූන් වහන්සේලා රැගත් අලි 150ක් සහිත විශාල පෙරහැරක්. පෙරහැර කරඬුව රැගත් හස්ති රාජයා, මිනිසුන් දොළොස් දෙනෙකු පොලු මඟින් ඔසවාගත් උඩු වියනක් යටින් සෙමින් සෙමින් ඉදිරියට ඇදුණා. සෑම කරඬුවක් රැගත් අලියෙකු පිටුපසින්ම සිටියේ නිලමේවරයෙක්. අතරින් පතර වූ ශිල්පීන් බෙරපද තාලයට අනුව තම නර්තන දස්කම් විදහා පාන්නට වුණා. කුමාරයා ඇතුළු පිරිවර සිටි පත්තිරිපුව අබියසින් යද්දී පෙරහැරකරුවන් සියල්ලෝම මදක් නැවතී තම හරසර ඔහුට පිළිගැන්වූවා.

වෙස් නැටුම් නර්තනයේ යෙදෙන ප්රධාන වෙස් නැටුම් ශිලිපියෙක්

Entertaining the Prince at Kandy

A Kandyan dancer in silver armour who took part in the Perahera dances which were given in the Prince's honour during his stay on "Adam and Eve's Island"



දළදා මාලිගා වාහල්කඩ අභියස සිටිනා ස්වදේශික වැසියන්

Visited by the Prince at Kandy

The Temple of the Tooth is one of the sights of Ceylon. It contains Buddha's tooth, a relic of great veneration throughout the island, as Buddhism is the chief religion there.

Image Courtesy: The Sphere, British weekly newspaper, April 1, 1922


කුමරුන් ඉදිරියේ තම නර්තන දස්කම් විදහා දක්වන වෙස් නැටුම් ශිල්පීන්

Picturesquely arrayed dancers giving performance before the Prince.

Extracted from The Graphic, British weekly newspaper, April 15, 1922

"The Prince's popularity in Ceylon
- His visit to Kandy, the former capital of the island -

The Prince of Wales had a very pleasant time in Ceylon before setting out on his voyage to the far east. Of special interest was his journey into the heart of the island to Kandy, the former capital. On the way, he had an opportunity of seeing the planting country and the forest regions, and at Kandy itself, where he had a splendid reception, everything possible was done to ensure his enjoyment. Among the events organized in his honour were a remarkable torchlight procession and an exhibition of native dancing. It is not improbable that the Prince may again visit the island when returning from Japan."



මෙසේ මහනුවර දවස ගත කළ කුමරු ඇතුළු සපිරිවර සිකුරාදා නැවත කොළඹ බලා පැමිණියේ හවස් යාමයේ වූ තුරඟ තරඟයක් දැක බලාගන්න. මේ විදිහට දවස් පහක්ම ලංකාවේ ගත කරපු එඩ්වඩ් කුමාරයා, පසුදා, සෙනසුරාදා, උදාසන 11ට සිලෝනයට ආයුබෝවන් කියා 'රිනොවුන්' නැවේ නැගී නොට් 21 වේගයෙන් මැලේසියානු අර්ධද්වීපය බලා පිටත් වුණා.

වේල්සයේ කුමරුන්ගේ පෙරදිග සංචාරයේ පෙළගැස්ම.

The Prince Journey from India to the Far East

The Prince has already left India in the "Renown," arriving at Colombo on March 25 last, and at Port Swettenham, in Malaysia, on March 28. The course of the "Renown" to the Far East is here indicated by a broken black line, with dates of arrival at the various points en route.

Image Courtesy: The Sphere, British weekly newspaper, April 1, 1922



දින 5ක් ලංකාවේ ගතකොට එඩ්වඩ් හෙවත් වේල්සයේ කුමරු රැගත් Renown නෞකාව නැගෙනහිර ආසියාව බලා ගමනේ යෙදන අයුරු

Bon Voyage! The Renown bound for the far east.

The prince leaving Ceylon, after a most enjoyable experience at Colombo and Kandy, for Japan, where his Royal Highness has had a most cordial reception.

Image Courtesy: The Graphic, British weekly newspaper, April 22, 1922


 
Ref:
- The Prince of Wales' Eastern book, a pictorial record of the voyages of H.M.S. 'Renown' 1921 - 1922
- Endangered Archives Programme - British Library
- The Graphic - British weekly illustrated newspaper, April 15, 1922
- The Sphere - British weekly illustrated newspaper, April 29, 1922
- The Advocate - North Western Tasmania's Daily Newspaper, Saturday March 25, 1922

කොළඹ එෂලාන් බැරැක්ක ඉදිරිපිට පැවැත්වූ ආචාර සමාචාර පිළිගනිමින්.

Extracted from
The Advocate, North Western Tasmania's Daily Newspaper - Saturday March 25 1922

"PRINCE IN CEYLON.

- VISIT TO OLD CAPITAL. -

- LOYAL DEMONSTRATIONS. -

- SPONTANEOUS RECEPTION. -

- AUSSIE WELCOME RECALLED -

[By Sir Percival Phillips, special representative of the Australian Press Association on tour with the Prince.]

KANDY (old capital of Ceylon)
Thursday -The Prince of Wales had a wonderful journey to Kandy from Colombo this morning. The entire population of the district for 15 miles on each side of the railway gathered at the wayside stations to see his special pass. It was like the popular demonstrations which greeted him in Australia and Canada. There were solid masses of Cingalese in deep rows on every station platform and on the banks, rocks and trees between them. The people had gone to extraordinary pains to decorate his 70-mile route from Colombo. Even single mud huts displayed the Union Jack., and every tiny village under the palms showed its loyalty with bamboo or garlands strung between the trees.

Crowds all the Way:
For three and a half hours the Prince passed, what appeared to be an almost continuous crowd beginning at Colombo, continuing along the rice-field of the plain, then clinging in thin lines to the steep sides of the hills, where the special began the climb into the cooler air, and swelling again in numbers as the train approached this pleasant little city of Kandy.

The absolute spontaneity of the reception was unmistakable. The people cheered like Europeans, or saluted the Prince with precise volleys of hand clapping. Some stations contributed drummers banging their tom toms.

The Prince was received at the station here by Kandy chiefs in picturesque full dress, with Balloon-like skirts of heavy silk, and jewelled hats. A brief address was followed by as brief a response, after which the Prince motored to the Planters' Hall, where he was greeted by the majority of the 1300 planters of the island, and an infantry battalion.

The town itself was filled to its utmost by visitors from all parts of the island. The Prince shook hands with many of them at the garden party this afternoon.

A Special Honor:
To-night he will attend at the Durbar Hall a reception by the chiefs. Afterwards he will walk to the famous Temple of Buddha's Tooth, adjoining the Durbar Hall, where will be displayed, as a special honor for him, this sacred relic, reported to be a tooth of Buddha.

The Prince of Wales arrived in Ceylon on March 21, and later went by rail from Colombo to Kandy. "All the way," writes Mr Perceval Landon, "the same multitudinous welcome awaited the royal train. Here in Ceylon was no need of watchmen along the line, or of emptied platforms, or of a 'No Mans's Land' beside the track. The masses pressed closesly in beside the moving wheels... It was a triumphal progress all the way."


Comments