සිංහල ඇඳුම
ගොඩබැසීමේදී, පෙරදී සඳහන් කළ ඔරු අතරින් එක් ඔරුවකට නැග මහත් අපහසුවකින් යුතුව ඔබට ගොඩබසින්නට සිදුවේ. එහිදී, සම්මතයෙන් බැහැර වූ, කිසිඳු විශේෂ හැඩහුරුවක් නැති, වළලුකර තෙක් දිගු වූ සරම් හැඳ, දිගු කෙස් වැටිය නළලින් පසුපසට කොට පීරා උස් නැමි පනාවකින් බැඳ, අතෙහි දිගු කුඩයක් දරාගත් ජනකායක් ඔබ වට කරගනු ඇත.
සිංහලයාගේ විලාසිතා
Sinhalese Man [Image Credits: http://www.imagesofceylon.com/] |
ඔවුන්ගේ ඇඳුමෙහි ඇති මෙම විශේෂත්වය සමඟ පිරුණු උඩුකයත්, ගැහැනියක් බඳු රූප ලක්ෂණත්, සරමින් ගමනට ඇතිවන අවහිරය නිසා සිදුකෙරෙන ගමන් ලීලාවත් දකින සංචාරකයෙකුගේ සිතට කාවදින්නේ ඔහු ගැහැනුන්ගේ දේශයකට ගොඩබට ඇති බවයි. එනමුත් ඔවුන්ගේ පුරුෂගතිය ඉස්මතු වනවිට, ගැහැණු පිරිමි භේදයකින් තොරව ඔවුන් සියල්ලන් තුළම සමතාවයකින් යුතුව බලවත් සේ එය ඉස්මතුවන වන බැවින්, එම සංචාරකයා එකෙණෙහිම අනෙක් අතට නිගමනය කරනුයේ මෙහි කිසිඳු ගැහැනියක් නොමැති බවයි. සමාජයේ කාන්තා පාර්ශවය සහ පිරිමි පාර්ශවය තෝරා බේරා ගන්නට ඔහුට පුළුවන් වන්නේ දින කිහිපයක අත්දැකීම් තුළිනි. ස්ත්‍රී-පුරුෂ භාවය දෘෂ්‍යමාන වන එකම කාරණය වනුයේ පිරිමින් අඳිනවාට වඩා කෙටි වූ හැට්ටයකින් කාන්තාවන් සැරසී සිටීමයි. මෙම ගැහැනු, පුරුෂරූපී උපාංග වන නැමි පනා හෝ කුඩ දැරීමකින් තොරව ග්‍රාම්‍ය බව ආස්වාදනය කරති. මා දැක ඇති සියලු වාර්ගික ජනයා අතරින් සිංහලයා යනු කිසිඳු ගැටළුවකින් තොරව රූපයෙන් අස්වාභාවික ලෙස ගැහැනියක් බඳු ස්වරූපයක් වැඩිමනක්ම හිමි ජන කොට්ඨාසයකි. යමෙකු මාස කිහිපයක්ම දූපතෙහි වාසය කළ පසුව වුවද වයස අවුරුදු දහයත් පහළොවත් අතර වූ ප්‍රාණීන්ගේ ස්වරූපයෙන් ඔහු නිරතුරුව අවුලට වියවුලට පත්වේ. සත්‍ය වශයෙන්ම ඔවුන් කොලු ගැටවුන් වුවත් යමෙකු ස්ථීර විනිශ්චයකට එනු ලබන්නේ ඔවුන් දැරියන් ලෙස හඟිමිනි.
Sinahalese Boy photographed by Skeen & Co. [Image credit: http://www.imagesofceylon.com/] |
පොල්ටාවා යුද්ධයේදී¹ සිරභාරයට පත්වූ යාර එකහමාරක වූ රැවුලක් වවාගෙන සිටි දොළොස්වන චාල්ස්² රජුගේ හමුදාවේ වූ ග්‍රෙනේඩියර් සෙබලියගේ කාලයේ සිට පසුගිය වසරේ "ස්පාඤ්ඤ 'විස්කරන්ඩො' රැවුල්කාරයාගේ" කාලය අතරතුරදී පුරුෂ බල හෙබි රැවුල්කාර කාන්තාවන් පිළිබඳ වාර්තා වූ අවස්ථාවන් බොහෝ වේ. නයිට් වංශාධිපතියන්ගේ යුගය වූ මධ්‍යතන පුරාතන යුධසමයේදීද, ඇතීනියන්³ සහ ලොම්බාඩ්⁴ කාන්තාවන් දෙවර්ගයම තම හිසකෙස් නිකට වටා රැවුලක් සේ දවටාගනිමින් තම ස්ත්‍රී ලාලිත්‍යය රණකාමී පෙනුමකට වෙනස් කරගත් අවස්ථා දුර්ලභ නොවේ. නමුත් මෙසේ සිදු කළේ සුවිශේෂ අවස්ථාවකට කිසියම් හේතුවක් උදෙසාය. එනමුත් මෙහි සියලු පුරුෂ වර්ගයා කාන්තා විලාසිතා යැයි සලකනු ලබන ඇඳුම් ආයිත්තමින් සැරසීම උපරිම අපුලක් උපදවයි. අනෙකුත් සියලුම රටවල් ස්ත්‍රී-පුරුෂභාවය කඩයිම් කරනා සීමාවන් සලකුණු කරද්දී මෙහි එවැන්නක් නොතිබීම ඉතා අස්වාභාවිකය. මේ නිසා යමෙක්ගේ සිතෙහි මෙම ජනවර්ගයා එලෙස මිශ්‍රවී තිබීම කෙරෙහි වැළකිය නොහැකි පිළිකුලක් සහ අරුචියක් ඉපිදවේ. එය කිසිදින ඉවත්කළ හැකි නොවේ.
උස් නැමි පනා පැළඳින විලාසිතාව සිංහලයන් මහත් අගනා දෙයක් කොට සලකයි. පහත රැටියන්ගේ නිදහස සහ ආශාවන් අහිමි කිරීම උදෙසා දමිළ රජවරුන් තම දුෂ්ට පාලන උපායමාර්ගයක් ලෙස මෙම භාණ්ඩය භාවිතාකිරීම තහනම් කිරීමට නීතියක් ක්‍රියාත්මක කළේ නම්, එසේ නිදහස අවහිර කළ හැකි අන් දෙයක් නොමැත. ජුලියස් සීසර් පවා අප අසල්වැසි ප්‍රංශ ගෝල් දේශයේ මුතුන් මිත්තන් හට ප්‍රහාර දියත් කළේ මෙවන් නිලයක් අල්ලාගෙනය. යටත් වීමේ සංකේතයක් ලෙස තම හිසකෙස් කපා දමනට ඔවුනට සිදුවිය.
Group of Natives by Scowen & Co. [Image Credits: http://www.imagesofceylon.com/] |
මා සැමවිටම සිතුවේ, ඉතා සුළු ලීව්‍රා⁵ කිහිපයකට තම කේශ කලාපය කපා විකුණන්නට පිටිසර ගැමි ළදැරියන් පොළඹවාගන්නා අටියෙන් සල්පිල් කරා යන ප්‍රංශයේ හිසකෙස් මිලට ගන්නා වෙළෙන්දන් සිදුකරනා ගනුදෙනුව වහල් වෙළඳාම සේ ඉතා කුරිරු සහ දුෂ්ට කටයුත්තක් බවය. එය දෙපොළ අලාභහානි කිරීමක් ලෙස සැලකිය හැකි බවය. නමුත් මෙම වෙළෙන්දන් හට සිලෝනය කරා ආ හැකි වේ නම්, පොළඹවාගැනීමෙන් හෝ නැතිනම් බලහත්කාරයෙන් හෝ, කිසිඳු හැඩයක් නැති මෙම දිගු කෙස්වැටියෙන් සැකසූ කොණ්ඩ බෝලය කපා දැමීමෙන්, අනෙක් අතට පොදුවේ සමාජයට, විශේෂයෙන්ම හයසින්ත් මලේ මෙන් කැරලි කොණ්ඩයන්ට අකමැතිවුන්ට, යහපතක්ම සිදුවනු ඇත.
hyacinth flowers |
මෙම මාන්නක්කාර අහංකාර ප්‍රාණීන් කල්ලි ගැසී වාඩි වී පිටුපසට වැටුණු තම දිගු හිස්කෙස් පීරා තෙල් ගල්වනු දකින විට ඒ කටයුත්ත කෙරෙහි මා හට, නේපල්ස්⁶ හෝ අන් තැනක හෝ සිටි ඉතාලි යාචකයන් පිරිසක් එකිනෙකාගේ චරිත ලක්ෂණ අඳුනාගැනීම පිණිස සුහදව එකිනෙකාගේ හිස අධ්‍යයනය කරනා සැටි දුටු අත්දැකීමටත් වඩා ඉතා දැඩි පිළිකුල් සහගත හැඟීමක් ඇතිවේ. මා උදක්ම බලාපොරොත්තුවකින් සිටියේ, "කතරිනා" කරන්නා සේ "කනප්පුවකින්", ඔවුනගේ හිස මත ඔවුනටම ආවේණික වූ එම බෙලි කට්ටෙන් එවැනිම ක්‍රියාවක් සිදුවෙනු දැකීමටයි⁷.
රත්න දීපය
බොහෝ ආගන්තුකයන් හට සිලෝන් දූපතේ ඇති මැණික් ගල්වල විවිධ ප්‍රභේදයන් ප්‍රමාණයත්, මැණික් හමුවන ප්‍රමාණයන් පිළිබඳවත් කතා අසන්නට ලැබේ. එනමුත් සත්‍ය වශයෙන්ම ඒවා ඔවුනට ගාල්ලේදි ප්‍රදර්ශනය කරනවිට ඔවුනගේ අපේක්ෂාවන් පමණට වඩා ඉක්මවා යයි. එහිදී මරකත, රතු කැට, නිල් කැට, පුෂ්පරාග, බළල් ඇස්, වැනි අනේකප්‍රකාර මිණි රුවන් පිරවූ පලඟ බොහෝ සේ විකිණීම සඳහා ඉදිරිපත් කෙරේ. එම මැණිකක ප්‍රමාණය ඇලඩින් ඉන්ද්‍රජාලිත උද්‍යානයෙන් නෙලාගත් මැණික් ගල් මතකයට නංවයි. දීනතම මුසල්මානු සහ සිංහල තොරොම්බල්කාරයන්, අපිරිසිඳුතම තලප්පාවෙහි හෝ සරමෙහි රැඳවූ දීප්තිමත්ම මැණික් කැට ගෙන ඉදිරිපත් කරති. ඊට ආකර්ෂණය වූ ප්‍රසාදයට පත් වූ අපරික්ෂාකාරී සංචාරකයෙකු වුවද ඉන් පරික්ෂාකාරීව විපරම් සහිත වන්නට ආරම්භ කරයි. හොඳ වුවද, නරක වුවද, වෙනස් බවක් තිබුණද, සෑම ගලක්ම වීදුරු ලෙස ඔහු ප්‍රතික්ෂේප කරයි. නමුත් වෙළෙන්ඳන්ගෙන් ලැබෙන විශ්වාසී සහතිකයත්, භාණ්ඩවල ඇති මුලාකරවන සුළු පෙනුමත් සමඟ ඔහු කෙමෙන් කෙමෙන් නැමෙන්නට පටන් ගනී. අවසානයේ ගිනී පහකට හයකට එම මැණික් ඔහු මිලයට ගන්නේ ඒවා ඇත්තෙන්ම ඊට වඩා විසි තිස් ගුණයක් වටිනා බව විශ්වාස කරමිනි. ඔහුගේ ගනුදෙනුව වඩාත් පළපුරුදු අතකට මහා ජයග්‍රහණයක් සේ ඉදිරිපත් කරනතුරු මෙම විශ්වාසදායී මුළාව රැඳී පවතී. ඔහු මහත් සහැල්ලුවකින් ඒවා වීදුරු බවත්, අස්වසන අටියෙන් හොඳ ඉමිටේෂන් බවට සහතික බවත්, ඊටත් වඩා රැවටෙන්නට ඉඩකඩක් තිබූ බවත් පවසනු ඇත.
Gem Merchants |
අගනා වටිනා ඉතා අලංකෘත මාහැඟි මාණික්‍යයන් ඇත්තෙන්ම වටිනා ප්‍රමාණයක් සිලෝනයෙන් (වෙළඳපොළට මැණික් විශාල වශයෙන් සපයනු ලබන්නේ මෙම දූපතෙන් සහ බුරුමයෙනි) හමුවන මුත් නුමුහුම් සහ වටිනාකමක් ඇති ඒවා සියල්ලක්ම ඉතා ඉක්මනින් ලන්ඩන් සහ පැරීසියේ වෙළඳපොළ සඳහා වූ ඒජන්තවරු විසින් මිලයට ගනිති. අවර ගණයේ භාණ්ඩ පමණක් මෙම තොරොම්බල්කරුවන් කරා එන්නට මඟ සොයා ගනී.
Gem Cutter and Apprentice |
කෝඩුකාරයෙකු විසින් මිලයට ගැනෙන මැණික් යයි රවටනු ලබන දෑ බොහෝවිට සෑම විටකම පාහේ බොහොම හොඳ බර්මින්හැම් වීදුරුය. මේවා නිෂ්පාදනය කෙතරම් සුපිරිද යත්, සත්‍ය භාණ්ඩයේ පෙනුමට තරම්ම අනුකාරක වේ. උපාය දන්නා වෙළෙන්ඳෙකුහට කිසිඳු අපහසුවකින් තොරව මැණික් සේ මෙම වීදුරු කැබලි විකිණිය හැක. මා සමඟ ගිය එක් මඟියෙකු මරකත මුදු හතරක් සඳහා පවුම් 24ක් ගෙවා පසුව දැනගන්නා ලද්දේ ඒ සෑම එකක්ම පැන්ස 24ක් වටනා වීදුරු බවය.
Gem Miners |
අනුවාදක සටහන්
[1] - Battle of Poltava : රුසියාව සහ ස්වීඩනය අතර 1709දී ඇතිවූ යුද්ධයකි. වර්තමාන යුක්‍රේනයේ නගරයකි.
[2] - ස්වීඩනයේ රජු (1697–1718)
[3] - ග්‍රීසියේ අගනගරය වූ ඇතන්ස් හි වැසියන්
[4] - උතුරු ඉතාලියේ කලාපයක එහි වැසියන්.
[5] - පැරණි ප්‍රංශ මුදල් ඒකකයකි
[6] - ඉතාලියේ නගරයකි
[7] - The Taming of the Shrew නම් විලියම් ෂේක්ස්පියර්ගේ නාට්‍යයක අවස්ථාවකි. කතරිනා යනු එහි ප්‍රධාන චරිතයකි. “To comb your noddle with a three-legged stool.” “noddle” යනු හිසය, “comb” යන්නෙන් අදහස් වන්නේ පහර දීමය, එනම් කතරිනා කියනුයේ ඇයට ඔහුගේ ඔළුවට කනප්පුවකින් පත බාන්නට අවැසි බවය.
බංගලාවයි කූඩාරමයි හෙවත් සිලෝනයට සවාරියක්
පළමු පරිච්ඡේදය
"THE BUNGALOW AND THE TENT"
Chapter 01
On landing, which you do possibly with considerable uneasiness in one of the afore-mentioned canoes, you are beset by a nondescript and anomalous crowd, attired in scanty petticoats, reaching to- the ankles, parasols in their hands, and their long hair drawn off the forehead, and turned up behind with a high tortoiseshell comb. These peculiarities of dress, together with their full busts and effeminate features, and the waddling gait caused by the restraint of the petticoats, impress the traveller with the idea that he has landed amongst a nation of women; but when assured of their masculine gender, the similarity amongst them all is so great that he immediately jumps to the conclusion that, on the other hand, there are no women at all ; and it is not till he has had some days' experience that he begins with any success to discriminate between the male and female portion of the community. The only visible distinction between the sexes consists in the women wearing rather shorter jackets than the men, enjoying generally rather coarser features, and dispensing with the masculine appendages of combs and parasols.
The Cingalese are, without exception, the most unnaturally effeminate race in appearance that I have ever seen ; and even after several months' residence in the island, one is continually confounded and disgusted by the appearance of creatures from the age of ten to fifteen, whom, but for the certain knowledge that they were men, one would certainly conclude to be women. From the time of the Lady Grenadier in Charles XII.'s army, who, adorned with a beard a yard and a half long, was taken prisoner at the battle of Pultowa, down to the Spanish Whiskeranda of last year, instances of bearded women of a masculine presence have been numerous. And indeed in the chivalric days of old, in time of war, the ladies, both amongst the Athenians and the Lombards, not unfrequently tried to change their feminine into a martial appearance, by arranging the hair of the head under the chin to represent a beard,—but this was only on occasions, and for a purpose; but for a whole nation of men to assimilate to what one has always considered the peculiar fashions of women, is disgusting in the extreme.
This total absence of the strong line of demarcation, that in all other countries marks the individuality of the sexes, is so unnatural, that one receives an impression of unconquerable contempt and dislike for the entire race so mingled, and this feeling is never shaken off. So dearly do the Cingalese prize the fashion of wearing high combs, that the tyranny of the Tamul kings could devise no more galling and offensive enaction against the liberty and predilections of their low country subjects, than by forbidding the use of that article. It is remarkable that Julius Caesar attacked the forefathers of our Gallic neighbours on the same tender point, and obliged them to doff their chevelure as a token of submission.
I have always considered that the trade of the hair merchants in France, who attend fairs for the purpose of persuading the peasant girls to dispose of their locks for a few paltry livres, is so unnatural and so cruel that, like the slave trade, it ought to be repressed m et armis; but if these said merchants could visit Ceylon, and, either by persuasion or force, deprive these long-haired Dondescrlpts of their topknots, it would, on the other hand, be a benefit to society in general, and to those opposed to hyacinthine curls for the genus homo in particular. When watching those mincing conceited creatures sitting in groups, combing and anointing their long back hair, I have felt infinitely more disgust at their occupation, than I ever experienced in viewing the amicable phrenological investigations mutually exchanged by Italian beggars at Naples and elsewhere; and I have often longed, like "Katharina," to perform " with a three-legged stool " the same operation on their noddles, that they were performing with the genuine shell.
Most strangers have heard of the number and the varieties of precious stones in the Island of Ceylon, but the reality, as presented to them at Galle, must far exceed their most sanguine expectations. Plates of emeralds, rubies, sapphires, topaz, cats' eyes, &c. &c., are offered for sale in a profusion and of a size that remind one of those plucked by Aladdin in the enchanted garden. The seediest of Mussulman and Cingalese hawkers produce from the filthiest of turbans and petticoats the most resplendent of jewels. The unwary traveller, although attracted and admiring, probably begins by being very wary and cautious, and pooh poohs every stone, good, bad, or indifferent, as glass; but he gradually yields to the positive assurances of the dealers, and to the dazzling nature of their wares, and generally concludes by giving five or six guineas for stones which he fondly believes are worth twenty or thirty times that sum. This agreeable illusion lasts till, displaying his purchase with triumph to some more experienced hand, he is coolly told they are glass, and consoled by the assurance that they are very good imitations, and might have deceived a far better judge.
Precious stones are actually found in considerable numbers and of great beauty in Ceylon (indeed, that island and Burmah supply the greatest number of jewels for the markets), but all of any purity and value are immediately purchased by the agents for the London and Paris markets, and only the very inferior ones find their way into the hands of the hawkers. Those purchased by the griffs and greenhorns, are almost invariably good Birmingham glass, the manufacture of which is now so perfect, and the imitation so superior in appearance to the genuine article, that an artful vendor has no difficulty in disposing of the glass, even in preference to the jewel. A fellow-passenger of mine gave 24/. for four emerald rings, that afterwards proved to be every one of them glass, and worth some 24 pence.
ලංකා ගමන් සටහන් - 2
Comments
Post a Comment