A Tamil Official and His Mode of Life

මං නවාතැන් අරන් ඉන්නෙ මගේ මිත්‍රයා අරුණාචලම්ගේ ගෙදර. ඔහු දමිළ ජාතිකයෙක්. ඉහළ පෙළේ නිලධාරියෙක්. ඔහු එංගලන්තයේ අධ්‍යාපනය ලබන කාලෙ මුළුමනින්ම ඇන්ග්ලිකන් වුණා. ලන්ඩනයට හෝ කේම්බ්‍රිජ් හෝ ඔක්ස්ෆර්ඩ් හෝ පැමිණෙන බොහෝ අනෙකුත් හින්දුවරුන් වගේම ඔහුත් ඒකාලයේ අපවත් ඉක්මවා ගිය බටහිරකරණයකට අසුවුණා.

දමිළ නිලධරයා හා ඔහුගේ ජීවන මාධ්‍යය

Sir Ponnambalam Arunachalam


ඔහු ඒකාලෙ නැඹුරු වුණේ භෞතිකවාදය, විද්‍යාත්මක චින්තනය, සමාජමය සහ දේශපාලනමය බල මණ්ඩල වගේ දේවල් වලට. කෙසේ නමුත් දැන් නම් පේන විදිහට ඔහු ඔහුගේ ජන වර්ගයාගේ කුල සිරිත් වලට, ආගමානුකූල සම්ප්‍රදායන් වලට අනුග්‍රහය දක්වමින් වැඩ කරනවා වගේ. මං බොහෝ දුරට විශ්වාස කරනවා, බටහිර පන්නෙට කාලයක් තිස්සේ හැඩ ගැහුණු අනෙක් හින්දුවරුන් පවා දක්වන්නේත් මේ වගේ ප්‍රතිචාරයක් බව.

"Florence Villa", Peradeniya Road, Kandy photographed by Scowen & Co. [Image Courtesy: www.imagesofceylon.com ]

බංගලාව

ඔහු ජීවත් වෙන්නේ තනි තට්ටුවේ ගල් කුට්ටි වලින් තැනූ සාමාන්‍ය නිවසක. ඉංග්‍රීසින් වාසය කරන බංගලාවක් වගේ කිව්වත් හරි. මේ නිවාස සාමාන්‍යයෙන් පොළවෙන් සෑහෙන කොටසක් ආවරණය කරනවා. වහලය හදලා තියෙන්නේ උළු සෙවිලි කරලා, නැතිනම් පිදුරු සෙවිලි කරලා. මැද කොටසේ වහලය සෑහෙන්න උසයි. ඒ හන්දා හොඳ උසස් තත්වයේ ඉඩ ඇති විසිත්ත කාමර හදා ගන්න පුළුවන්. වහලය බෑවුම් වන පැත්තෙන් නිදන කාමර පිහිටනවා. පිටතින් ආලින්දයක් ගේ වටේටම වගේ යනවා. වහලය අවසන් වෙන්නේ ඊට තරමක් ඈතින් අඩි හය හතක් විතර පොළවට උඩින්. මේ සැකැස්ම නිවසේ අභ්‍යන්තරයට ඉතා අඳුරු සීතල බවක් එක් කරනවා. මොකද ජනේල කවුළු ඇරෙන්නේ ආලින්දයට. හිරු එළියට එයින් ඇතුළු වෙන්න බෑ.

මට හරියටම කියන්න අමාරුයි මේ විදිහට අප්‍රමාණ ලෙස උළු සෙවිලි කරපු වහලයක් යට තියන හිර වෙලා වගේ දැනෙන හැඟීමට මම ආසා කළා කියලා. එළියෙ අහස පේන්නෙවත් නෑ. දකින්න තියෙන්නෙත් ගුහාවක ඉන්නකොට වගේ දකින්න තියන සහන් එළිය වගේ එළියක් විතරයි.

ආලින්දයෙන් නිවසේ එක් කොටසක ඉඳලා තව කොටසකට යන්න හරිම පහසුයි. ගේ ඇතුළෙන් හැම තැනකටම යන්න පාරවල් නෑ . කාමරේකින් කාමරේකට නම් යන්න පුළුවන් විදිහට හැම එකක්ම තව එකකට විවෘත වෙලා තියනවා. නිදහසේ වාතය ගලා එන්න හදපු  ජනෙල් කවුළු නම් ඕනෑ තරම්. සමහරක් ඒවා වීදුරු නැති නිකම්ම නිකම් වැනේසියානු කවුළු පියන් (පැළලි).

Sigiriya Rest House with Maara Trees [Image Courtesy: www.lankapura.com ]

මදුරුවෝ

මදුරුවන්ගෙන් නම් පොඩි කරදරයක් තියනවා. ඒත් මම හිතන්නේ නෑ ඉංග්‍රීසි හෝහපුටුවා තරම් උන් විෂ ඇති කියලා. ඒත් උන්ට වඩා හැඩයි! මේ මදුරුවා තමයි දැනට ඉන්න ලස්සනම කෘමී සතා. නැවත නැවත කරපු නිරීක්ෂණයන්ගෙන් මට හොඳටම තහවුරු වුණා උන් අපේ ඇස් දිහා බලා ඉන්න වග. ඔබ උන් දිහා බැලුවොත් උන් වහාම ඉගිල්ලිලා යනවා. ඔබ පොතක් කියව කියව ඉන්නවනම් උන් ඔබේ අත යට ලගීවි. මේසයක් ළඟ වාඩි වෙලා ඉන්නවනම් ඔබේ පයේ වළලුකර ගාව ලගීවි. ඔබට නොපෙනෙන ඔබේ ඇඟේ කොහේ හරි තැනක් උන්ට හොඳයි ලැගගෙන ඉන්න. වේවැලින් වියපු පුටුවක ඔබ හිඳගෙන ඉන්නවා තරම් උන් ආස කරන වෙනත් දෙයක් නෑ. නමුත් උන් කවදාවත් ඔබ නිදි නැතිනම් ඔබේ මුහුණට පහර දෙන්න එන්නේ නෑ. ඒක නම් අරුම පුදුම දෙයක්. උන් අපි නිදිද නැද්ද කියලා දැනගන්නේ කොහොමද කියලා මට කියන්න බැරි වුණත් මම ගොඩක් වෙලාවට දැකලා තියනවා ඒක වෙන්නේ එහෙම තමයි. ඔබ ඇස් පියාගෙන නිදි වගේ බොරුවට ඇඟෙව්වත් උන් ඔබේ මුහුණ ඉස්සරහට එන්නේ නෑ. ඒත් ඔබ නිදිමතේ වැනෙන්න පටන් ගත්තම ඔන්න ඇහෙන්න පටන් ගන්නවා උන් ඔබේ කණ වේගයෙන් පසු කරගෙන කම්මුලට යනකොට උන්ගේ කුඩා පියාපත් වලින් නගන රිදී සීනු හඬ. කොහොම නමුත් රාත්‍රියේදි නම් මදුරු දැල් වලින් කෙනෙකුට ආරක්ෂාව ලබා ගන්න පුළුවන්. දහවල් කාලයේදි මට උන්ගෙන් ඒ හැටි කරදරයක් වුණා කියලා කියන්න අමාරුයි. නමුත් සමහර අවස්ථාවල, සමහර ස්ථාන වල, කැලෑවක සුළඟක් හමන්නේ නැති වෙලාවට වගේ තත්වය වෙනස්.

අරුණාචලම් නිර්මාංශිකයි. මට නිකමට හිතුණේ, ගන්න ආහාර පුරුදුත් සෑහෙන්න බලපානවා මේ කෘමී සත්තුන්ගෙනුයි, අධික රස්නෙනුයි සිදුවන හිරිහැර වලින් නිදහස් වෙන්න. හැම දවසකම වගේ සාමාන්‍ය උෂ්ණත්වය 900ක් වෙනවා. එකම වෙලාවේ ඉඳගැනීමයි දිවීමයි කරනවා කියන්නේ ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන් වුණත් මෙහිදී දුෂ්කර සරඹයක්. රාත්‍රී කාලයේදි නම් උණුසුම හොඳටම ඇති ඇඳ ආවරණයක් නැතිව වුණත් නිදියගන්න.  ඒත් මම ඇත්තටම මේ දේශගුණයෙන් සෑහෙන ලොකු සතුටක් වින්දා. කවදාවත් ඒ වගේ ශරීර සුවයක් මීට කලින් දැනිලා තිබුණේ නෑ. අත්විඳින පළමු අවස්ථාවේ මෙහෙම වුණාට බොහෝවිට පස්සේ පස්සේ මේ දේවල් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි දන්න කියන විදිහට අවුරුද්දෙ මේ කාල සීමාවෙදි හැමදාම වගේ මෙහාට ප්‍රසන්න මද පවනක් හමනවා. සාමාන්‍යයෙන් ග්‍රීෂ්මාධික, සුළං නැති කාලගුණයත් එක්ක එන මලානිකකම නම් මට මෙහෙදී දැකගන්න ලැබුණේ නැහැ.

Rest house at Gampola photographed by William Henry Jackson for the World Transportation Commission in 1894. [Image Courtesy: www.lankapura.com ]




“ආදම්ගේ ශිඛරය මතින් එලිෆන්ටා ගුහා වෙත – ලක්දිව සහ ඉන්දියාවේ රූප සටහන්” : එඩ්වඩ් කාපෙන්ටර්

තෙවන පරිච්ඡේදය : කුරුණෑගල



From Adam’s Peak To Elephanta : Sketches in Ceylon and India by Edward Carpenter

CHAPTER III: KURUNÉGALA

My friend A , with whom I am staying here, is a Tamil, and an official of high standing. He became thoroughly Anglicised while studying in England, and like many of the Hindus who come to London or Cambridge or Oxford, did for the time quite out-westernise us in the tendency towards materialism and the belief in science, ' comforts,' representative institutions, and ' progress ' generally. Now however he seems to be undergoing a reaction in favor of caste and the religious traditions of his own people, and I am inclined to think that other westernising Hindus will experience the same reaction.

He lives in an ordinary one-storied stone house, or bungalow, such as the English inhabit here. These houses naturally cover a good deal of ground. The roof, which is made of heavy tiles or thatch, is pitched high in the middle, giving space for lofty sitting-rooms ; the sleeping chambers flank these at a lower slope, and outside runs the verandah, almost round the house, the roof terminating beyond it at six or seven feet from the ground. This arrangement makes the interiors very dark and cool, as the windows open on the verandah, and the sun cannot penetrate to them ; but I am not sure that I like the sensation of being confined under this immense carapace of tiles, with no possible outlook to the sky, in a sort of cavernous twilight all the while. The verandah forms an easy means of access from one part to another, and in this house there are no passages in the interior, but the rooms all open into one another ; and plentiful windows — some mere Venetian shutters, without glass—ensure a free circulation of air.

Mosquitos are a little trying. I don't think they are more venomous than the English gnat, but they are far 'cuter. The mosquito is the 'cutest little animal for its size that exists. I am certain from repeated observations that it catches ones eyes. If you look at it, it flies away. It settles on the under side of your hand (say when reading a book), or on your ankles when sitting at table—on any part in fact which is remote from observation; there is nothing that it loves better than for you to sit in a cane-bottomed chair. But it never attacks your face—and that is a curious thing — except when you are asleep. How it knows I cannot tell, but I have often noticed that it is so. If you close your eyes and pretend to be asleep, it will not come ; but as sure as you begin to drowse off you hear the ping of its little wing as it swoops past your ear to your cheek. At night however the mosquito curtains keep one in safety, and I cannot say that I am much troubled during the day, except on occasions, and in certain places, as in the woods when there is no breeze. 

A. is a vegetarian, and I fancy diet has a good deal to do with freedom from irritation by insects and by heat. The thermometer reaches 90° In the shade, almost every day here ; to sit and run at the same time is a gymnastic feat which one can easily perform, and at night it is hot enough to sleep without any covering on the bed ; but I enjoy the climate thoroughly, and never felt in better health. No doubt these things often affect one more after a time than at first ; but there seems almost always a pleasant breeze here at this time of year, and I do not notice that languor which generally accompanies sultry weather.



ලක්දිව ගමන් සටහන් පිටු අංක: 24



Comments