Moonlight View from the Summit of the Peak

සඳ පෑයු කඳුමුඳුනට, පහළින් ඇති වලාකුළු වියන මවන්නේ මනහර දර්ශනයක්. සියලු පහත් බිම් සහ කඳු පන්තීන් මීදුම් වළාවෙන් වෙලී ගිහිල්ලා. දැන් පහළ බැලුවොත් පෙනෙන්නේ හරියට රළ පෙරළි නගන මහා සුදු මුහුදක් දිහා බලනවා වගේ. ඒත් නිස්කලංකයි. සාමාන්‍ය ලෝකයෙන් වෙන්වෙලා වගේ.

සමනොල ගිරි මුදුනේ හඳපාන

උඩ අහසේ සඳයි තරුයි විතරයි.බෞද්ධ භික්ෂූණ් වහන්සේලා ඔවුන්ගේ කුඩා පන්සල් ආවාස කුටියේ ගිනි මැලයක් වටේට වාඩි වී පහත් ස්වරයෙන් පිරිත් සජ්ඣායනය කරනවා.

සිරිපා කන්දේ ඉතිහාසය

Laxapana Ferry and Adam's Peak photograph by Skeen & Co. [Image Courtesy: www.imagesofceylon.com ]


මෙය නම් හරිම අපූර්ව කන්දක්. අවුරුදු 2,000ක් තිස්සේ, සිතෙන හැටියට නම් ඊටත් වඩා වැඩි කාලයක පටන්, භික්ෂූණ් හෝ අන් කවර කණ්ඩායමක් හෝ කඳු මුදුනේ පිහිටුවා ඇති පා සලකුණ රැක බලාගෙන තියනවා. අවුරුදු දහසක් තිස්සේ රාත්‍රියට ඇසෙන මේ ඔවුනගේ සජ්ඣායන නාදය, පහළින් ඇදී එන සුදු වලාකුළු වියනත් ඉහළින් නැගී එන නිසසල සඳත් තරුත් මධ්‍යයේ, සෑම දිනකම ප්‍රතිරාව දෙන්නට ඇති. වන්දනාකරුවන් මහත් පරිශ්‍රමයක් දරනවා අධික බෑවුම් පැත්තෙ මේ ස්වභාවිකවම සෑදි ඇති උස් පූජාසනයේ මල් අතුරා ඔවුන්ගේ දෙවියන් උදෙසා යම් ආකාරයක නමස්කාර වන්දනාවක් කරන්න.

මේ කඳු මුදුන දූපතේ උසම කූටය නොවුනත් අඩි 7,400ක් උස, දූපතේ ප්‍රකටම කැපී පෙනෙන කඳු මුදුනක්. එය ලංකාවේ මධ්‍යම කඳුකරයේ නිරිත දිග කෙළවර ස්ථාපනය කර ඇති හොඳ මුරපොළක් වගේ. සීනි ගොට්ටක හැඩ ඇති නිසා ඈත මුහුදේ ඉඳන් වුනත් අඳුනගන්න පුළුවන්. 


Temple on Top of Adam’s Peak [Image Courtesy: www.imagesofceylon.com ]


බෞද්ධයෝ, ක්‍රිස්තු පූර්ව හතර වෙනි ශත වර්ෂයේදි වගේ මෙහි මුල්ම වතාවට ආවම ඔවුන් ප්‍රකාශ කලේ මෙය බුදුන් වහන්සේගේ පා සලකුණ කියලයි. පසු කාලීනව, පුරාණ ක්‍රිස්තියානි දර්ශනවාදී නිකායන් (Gnostic Christian sects) එය ආදිකල්පිකම මිනිසාගේ පා සලකුණ ලෙස ආරෝපණය කලා. මොහොමඩාන්වරු ඒ අදහස අනුගමනය කරමින් ඔවුනට මේ කන්දේ හිමිකාරීත්වය ලැබුනම එයට නම් දුන්නා ආදම්ගේ ශිඛරය කියලා. පෘතිගීසීන් එය අභිෂේක කලා ඉසිබියස් සාන්තුවරයාගේ පා සලකුණ ලෙසට. දැන් එය යලිත් බෞද්ධයන්ගේ හිමිකාරීත්වයට පත්ව තිබුනත් මම විශ්වාස කරනවා මොහොමඩාන් වරුන්ටත් සම අයිතියක් ලබා ගැනීමට අවසර ලැබිලා තියනවයි කියලා. පුරාණ ඓතිහාසික වැදගත්කමක් ගන්නා මේ වන්දනීය ස්ථානයට ලැබෙන නාමමාත්‍රික පිළිගැනීම කෙලෙසක සිදුවුනත්, වැල නොකැඩී  අති විශාල වන්දනාකරුවන් සංඛ්‍යාවක් අඛණ්ඩව සියවස් ගණනාවක් තිස්සේ මේ ස්ථානයට ගලාගෙන එනවා. බොහෝ විට ඔවුන් මේ දූපතේ පිටිසර ගම්බද වැසියන්. දැන් වුනත් ඔවුන් කියන්නේ මැයි මාසේ වෙනකොට කඳු ප්‍රදේශය සිය දහස් ගණනක වැසියන්ගෙන් පිරී යන බවක්. මේ වන්දනා නඩ රාත්‍රී කාලයේ කඳවුරු බැඳගෙන දහවල් කාලේ කඳු මස්තකයේ පූජා පවත්වනවා. කළුවා කිව්වා ඔහුගේ පියාත් - අර අපිට වරක් හමුවුනු වයසක ජොලි පොර - ඒවගේම අනෙක් සියලුම සිංහලයනුත් හිතන්නේ එක් වරක් මේ "සමන්තකූටය" නැග්ගත් එය මහා පුණ්‍යකර්ම මහත් පල මහානිශංස ලැබෙන කටයුත්තක් කියලා.

Men Worships at Temple on top of Adam’s Peak (ca. 1890) photographed by Scowen & Co. [Image Courtesy: www.imagesofceylon.com ]



“ආදම්ගේ ශිඛරය මතින් එලිෆන්ටා ගුහා වෙත – ලක්දිව සහ ඉන්දියාවේ රූප සටහන්” : එඩ්වඩ් කාපෙන්ටර්

සිව්වන පරිච්ඡේදය : සිරිපා ශිඛරය හා කළු ගඟ



From Adam’s Peak To Elephanta : Sketches in Ceylon and India by Edward Carpenter

CHAPTER IV: ADAM’S PEAK AND THE BLACK RIVER.

There is a lovely view of cloudland from the summit now the moon has risen. All the lower lands and mountains are wrapped in mist, and you look down upon a great white rolling sea, silent, remote from the world, with only the moon and stars above, and the sound of the Buddhist priests chanting away in a low tone round the lire in their own little cabin or pansela.

This is a most remarkable mountain. For at least 2,000 years, and probably for long enough before that, priests of some kind or another have kept watch over the sacred footmark on the summit ; for thousands of years the sound of their chanting has been heard at night between the driven white plain of clouds below and the silent moon and stars above ; and by day pilgrims have toiled up the steep sides to strew flowers, and to perform some kind of worship to their gods, on this high natural altar. The peak is 7,400 feet high, and though not quite the highest point in the island, is by far the most conspicuous. It stands like a great outpost on the south-west edge of the mountain region of Ceylon, and can be seen from far out to sea—a sugar-loaf with very precipitous sides. When the Buddhists first came to Ceylon, about the 4th century b c, they claimed the footmark as that of Buddha. Later on some Gnostic Christian sects attributed it to the primal man ; the Mahomedans, following this idea, when they got possession of the mountain, gave it the name of Adam's Peak ; the Portuguese consecrated it to S. Eusebius ; and now the Buddhists are again In possession—though I believe the Mahomedans are allowed a kind of concurrent rieht. But whatever has been the nominal dedication of this ancient "high place," a continuous stream of pilgrims —mainly of course the country folk of the Island—has flowed to it undisturbed through the centuries ; and even now they say that In the month of May the mountain side Is covered by hundreds and even thousands of folk, who camp out during the night, and do poojah on the summit by day. Kalua says that his father—the jolly old savage —once ascended " Samantakuta," and like the rest of the Cinghalese thinks a great deal of the religious merit of this performance.


ලක්දිව ගමන් සටහන් පිටු අංක: 28

Comments