Ruins of Enormous Dagobas

මේ පළාතේ වඩාත්ම වැදගත් වෙන නෂ්ටාවශේෂය වන්නේ සීනු හැඩයක් ගන්නා දාගැබ්. බහුතරයක් තනා ඇත්තේ ඝන ගඩොලකින්. මූලික වශයෙන් වශයෙන් මේවා ගොඩනගා තියෙන්නේ ධාතුන් වහන්සේලා නිධන් කරන්න. ඉතා විශාල පරිමාණයෙන් නිර්මාණය කරන ලද අරුමෝසම් ඉටිපන්දම් නිවනයක් ලෙස කවුරුහරි මේවා වරදවා වටහාගන්න පුළුවන්.


Bell shaped candle extinguisher (Bell Snuffer)

ගාම්භීර දාගැබ් හී නටබුන්

Ruins & Government Agents House, Anuradhapura photographed by Skeen & Co. [Image Courtesy: http://www.imagesofceylon.com ]

බොහෝ වෙලාවට ඒ කාලේ මේවායේ සුදු පැහැ බදාම තට්ටුවක් ආලේප කරලා රත්තරන් හෝ පිත්තල වලින් තැනින් තැන සරසලා තියෙන්න ඇති. ගල් කණු ආධාර කරගෙන ඒ වටා අංගණයකුත් තියෙන්න ඇති. 

Balustrades photographed by Scowen & Co. [Image Courtesy: www.imagesofceylon.com ]

සතර දිශාවෙන්ම- උතුර, නැගෙනහිර, බටහිර සහ දකුණ- හොඳට කපා පිළියම් කල පියගැටපෙළක් සහ ඊට ආධාරකයන් ලෙස දෙපසින් ඉහළට යන අලංකාරවත් කොරවක්ගල් දකින්න තියනවා.

View of Thuparama Dagoba photographed by Skeen & Co. [Image Courtesy: http://www.imagesofceylon.com ]

කවදාවත් දාගැබ් අභ්‍යන්තරයට යන්නට භික්ෂූණ් වහන්සේලාට හැරෙන්නට වෙන කාටවත් අවසරයක් ලැබුණේ නැහැ. සමහරක් විට වස්තූන් නිධන් කොට සඟවා තියෙන්න පුළුවන්. ඒත් බොහෝ වෙලාවට හිතෙන්නේ ඔය කියන ධාතූන් වහන්සේලා හැරෙන්න වෙන මොකවත් සඟවා නැහැයි කියලා. මේවා තනා තියෙන්නේ එකල රට කරවපු මහරජුගේ ජනප්‍රසාදයට වටිනාකමක් එක් කරන්න වගේම ඔහුගේ අභිමානය පිනවන්න.

The Thuparamaya Dagebe, Anuradhapura photographed by Joseph Lawton [Image Courtesy: www.imagesofceylon.com ]

මීට පෙර සඳහන් කළ උද්‍යානයක් වන් එළිමහන් කලාපයේ, උතුරු කෙළවර නැගී සිටින ථූපාරාම දාගැබ, ෆර්ගසන් කියන විදිහට ඉන්දියානු මහද්වීපයේ දැනට ඉතිරිවී තියන ස්මාරකයන් හැම එකකටම වඩා සෑහෙන්න පරණයි (ගෘහනිර්මාණ ශිල්ප අත්පොත - පළමු වෙළුම - පිටුව 41). බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුව නිධන් කොට තබා එය තනා ඇත්තේ ක්‍රි.පූ 307දී දේවානම්පියතිස්ස රජු විසින්.

Thuparama Dagoba from South East (With ruins of Dalada Maligava in foreground) photographed by Skeen & Co. [Image Courtesy: http://www.imagesofceylon.com ]

මීට අවුරුදු කිහිපයකට කලින් සැදහවතුන් විසින් එය යළි ප්‍රතිසංස්කරණය කොට තිබෙනවා. එම නිසා දැන් ඕනම කෙනෙක්ට මේ දේවල් වල සාමන්‍ය පෙනුම සම්බන්ධයෙන් හොඳ අදහසක් ගන්න පුළුවන්. එය සුදු පාටයි, ඝණ්ඨාකාරයි, අඩි හැට පහක් පමණ උසයි. පිත්තල කොත් මුදුනතක් තියනවා. පහත අංගණයේ අඩි දහ අටක් පමණ උස කදිම ශිලා ස්ථම්භ කිහිපයක්, පිළිවෙළක් නැති නමුත් ගෞරව සම්ප්‍රයුක්තව එසවී තියෙනවා.


Thuparama Dagoba from South East (With ruins of Dalada Maligava in foreground) photographed by Skeen & Co. [Image Courtesy: http://www.imagesofceylon.com ]

මෙහි දක්වා ඇති ඡායාරූපයේ, පසුබිමෙහි ථූපාරාම දාගැබ සහ ඒ වටා ඇති කුළුණුත්, ඊට ඉදිරියෙන් පෙරබිමෙහි දළදා මාළිගාවේ නටඹුන් වල ගල් කණුත් පියගැට පෙළත් පෙන්වා තියෙනවා. දළදා මාළිගාව කියන්නේ විහාරයක්. එය නිමවා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ පූජනීය දන්ත ධාතුව ලංකාවට ප්‍රථම වරට ඉන්දීය මහාභූමියේ සිට රැගෙන එනවිට තැන්පත් කර තබන්න. 

මේ දන්ත ධාතුව වටා මහත් වේගයෙන් යුද්ධ පැතිරුණා. එය අත්පත් කරගැනීම සඳහා කල අරගලයන් තුළින් රාජ්‍යන් කඩා වැටුණා, රාජ්‍යයන් නැගී සිටියා. මම කලින් වෙලාවක කිව්ව, ඒ මෙයම යයි කියන, පුරාතණ අති විශාල කටුස්සෙකුගේ දතක් වන් දිගු දත, මහනුවර තියන නමගිය බෞද්ධ විහාරයක දැන් මහත් අනුභාවයෙන් ආරක්ෂා කර තබාගෙන තියනවා.

පැරණි මූර්ති කලාවේ නිදර්ශක

Stone Figure Guardstone, Anuradhapura photographed by Skeen & Co. [Image Courtesy: http://www.imagesofceylon.com ]

පියගැට පෙළ පාදමේ ඇති දොරටුපාලකයාගේ (ද්වරපල්) කුඩා රූපය, පැරණි බෞද්ධ කැටයම් කලාවේ අගනා නිදර්ශකයක් (මුරගල). බොහොම මෘදු මනෝඥ බවක් ඉන් පෙන්වනවා. එහි වෙනමම විශාල කරන ලද ඡායාරූපයක් මේ සමඟ එක් කර ඇති.


Guardstone and Steps photographed by Skeen & Co. [Image Courtesy: http://www.imagesofceylon.com ]

රුවන්වැලි (රත්තරන් කුඩු/වැලි) චෛත්‍යයේ කිසිම හැඩයක් නැති පිටුපස කොටස වත්මන් අනුරාධපුර ගම්මානයට ඉතා ආසන්නයි. එය පෞරාණික ගොඩනැගිලි වල විශාලත්වය පිළිබඳව යම් අදහසක් ලබාදෙනවා.

Entrance to Ruwanweli Dagoba, Anuradhapura photographed by Joseph Lawton [Image Courtesy: www.imagesofceylon.com ]

ඒ වගේම කාලයාගේ ඇවෑමෙන් විනාශ මුඛයට ඇදගෙන ගොස් ඇති ආකාරය පිළිබඳවත් හොඳ අදහසක් ඉන් ලබාගන්න පුළුවන්. එහි දළ සැලැස්ම දැන් සමාන වෙන්නේ ඉතා දැවැන්ත ඒත් අපිළිවෙළට වෘත්තාකාරව ගොඩ ගැසූ පිදුරු ගොඩකට. අඩි 150ක් උසයි. පහුගිය කාලයේ එළිපෙහෙළි කොට අනාවරණය කරගත්, පහළ ඇති මෘදු ගඩොල් බැම්ම හැරෙන්නට ඉහළ කොටස මුළුමනින්ම ඝන සැරේට වැවුණු තණ පියළි වලින් වැසිලා. ප්‍රවේශ වීමට ඇති පහළ කොටසේ සහ වටා පිහිටි අංගණයේ යටිකැලෑව ළඟකදී සුද්ධ පවිත්‍ර කරලා ඇති හැඩයි.

Ruwanweli Dagoba, Anuradhapura photographed by Joseph Lawton [Image Courtesy: www.imagesofceylon.com ]

පාදමේ බොහොම සියුම්ව කල කැටයම් අතරේ අඩි අටක් පමණ උස අනර්ඝ පිළිම හතරක් පහක් නැගී සිටිනවා. ඉන් එකක් මේ ගොඩනැගිල්ල ක්‍රි.පූ 161දී තනන්නට ආරම්භ කළා යැයි සැලකෙන දුටුගැමුණු රජුගේ. අනෙක්වා බුදු පිළිම.


Buddha Statues at Ruwanweli Dagoba photographed by Skeen & Co. [Image Courtesy: http://www.imagesofceylon.com ]

මේ හැම පිළිමයකින්ම අනුභාවසම්පන්නබව උදාරබව පිළිබඳ වැටහීමක් ලබා දෙනවා. ශරීරය පිළිබඳ හොඳ අවබෝධයකින් පිළිම නෙළා තියන වග කිව යුතුයි.

Ruwanweli Dagoba photographed by Skeen & Co. [Image Courtesy: www.imagesofceylon.com ]

මිනිසුන්ගේ අනර්ඝ නිර්මාණයන් ස්වභාවධර්මය විසින් ක්‍රමක්ක්‍රමයෙන් අකාමකා දමන අයුරු මැනවින් දෘශ්‍යමාන කරන දාගැබ් දෙකක් තමයි ජේතවනාරාමය සහ අභයගිරිය. වනන්තරේ මැද්දෑවේ එකිනෙකට තරමක් දුරින් මේ දෙක පිහිටා තියනවා. අනුපිළිවළින් අඩි 250ක් සහ අඩි 300ක් උසට, කොළ අතු වලටත් උඩින් නැගෙන විදිහට.

Jetawanarama Dagoba

ජේතවනාරාමයේ (වත්මන් අභයගිරිය*) ඉතා විශාල කේතුකාර ගඩොල් ගර්භයම අඩි 200ක් උසයි. එහි මුදුනතේ ඒ ගඩොලින්ම හදාපු සිලින්ඩරාකාර කුළුණක් තිබෙනවා. කේතුකාකාර කොටසේ අධික ලෙස ඝන සැරේට ගස් වැවිලා. කෘතිමව හදාපු මේ කන්දේ ගඩොල් වල ඇති පැලුම් තුළට ගස් වල මුල් ඇතුළු වෙලා, ගඩොල් කොටස් ඒවා තිබූ තැන්වලින් නිරන්තරයෙන්ම පන්නා හරිනවා. පතොක් ගස්, දිඹුල් ප්‍රභේද, සහ අනෙකුත් ගස් වර්ග ඉහළ කුළුණු පාදමතෙක්ම නැගෙනවා. ඉහළ කුළුණු පාදමේ තියන ගඩොල් සැකස්ම ගස් කොළන් වැවෙන්න බැරි වෙන්න අධික බෑවුම්ව කෙළින්ම ඉහළට ඇති නිසා, බහුලව නිතර දෙවේලේ දකින්න ඉන්න වඳුරන් රැළ එහි කුළුණු මුදුනේ කෙළිසෙල්ලම් කරනවා දකින්න පුළුවන්.

අභයගිරි චෛත්‍යයේ සිට අද දකින දර්ශනය

අභයගිරියටත් (වත්මන් ජේතවනාරාමය) ඇත්තේ පෙරකී හැඩයමයි. ඒත් දැන් නම් හොඳටම පඳුරුවලින් වැහිලා ගිහිල්ලා. මූලික වශයෙන් මෙය තමයි ලංකාවේ තිබුණු විශාලතම චෛත්‍යය. කියන විදිහට අඩි 405ක් උසට තිබ්බලු. ඒ කිව්වේ එංගලන්තේ ශාන්ත පාවුළු ආසන දෙව් මැදුර තරම් උසට. ඒත් කාලයාගේ ඇවෑමෙන් දැන් වෙන්නේ අඩි 300ක් පමණ උසක්. ළඟකදි යළි පිළිසකර ඇති ආකාරයට බොහෝ පල්ලම් සහිත පාරක් පාදමේ ඉඳන් මුදුනට සකස් කරලා තියනවා. එතැනට නැගුණම අපිට බොහොම හොඳ අවට දර්ශනයක් දැක බලාගන්න පුළුවන්.

Abhayagiri Dagoba photographed by Joseph Lawton [Image Courtesy: www.imagesofceylon.com ]



අනුවාදක සටහන:

ජේතවනාරාම චෛත්‍යය සහ අභයගිරිය චෛත්‍යය එකල හඳුනාගැනීමේදී මාරු කොට හඳුනාගෙන ඇති බව සඳහන් වේ. බොහෝ පැරණි ඡායාරූප වල මේ දාගැබ් හි නම් වෙනස් වී ඇත්තේ මේ වරද නිසාය. මෙහි දක්වා ඇති ඡායාරූපයන්හි නිවැරදි නමට එය වෙනස් කොට ඇත. 
එමෙන්ම මෙහි එඩ්වඩ් කාපෙන්ටර් ජේතවනාරාමය ලෙස සඳහන් කොට ඇති දෑ වර්තමාන අභයගිරිය ලෙසත්, අභයගිරිය ලෙස සඳහන් කොට ඇති දෑ වර්තමාන ජේතවනාරාමය ලෙසත් සලකන්න.



“ආදම්ගේ ශිඛරය මතින් එලිෆන්ටා ගුහා වෙත – ලක්දිව සහ ඉන්දියාවේ රූප සටහන්” : එඩ්වඩ් කාපෙන්ටර්

සයවන පරිච්ඡේදය : අනුරාධපුරය, වන අරණේ නටබුන් නගරය.



From Adam’s Peak To Elephanta : Sketches in Ceylon and India by Edward Carpenter

CHAPTER VI: ANURADHAPURA – A RUINED CITY OF THE JUNGLE.

The dagobas, which are by far the most important remains here, are bell-shaped structures mostly of solid brick, originally built to enshrine some relic. They might ingeniously be mistaken for ornamental candle- extinguishers made on a vast scale, and have mostly in their time been coated with a white plaster and decorated here and there with gold or brass. Round them have been courts supported on stone columns ; and generally at the four points — North, East, West, and South—have been placed little shrines with well-cut steps and ornamental balustrades leading up to them. The interiors of these dagobas—such as they may have been—have never been accessible except to the priests ; sometimes, no doubt, treasures have been concealed within them, but for the most part probably they have concealed nothing except the supposed relic, and have been built to gratify the pride and add to the popularity of the monarch of the day.

The Thuparama Dagoba, which stands at the northern extremity of the park-like clearings above mentioned, is supposed by Fergusson {Handbook to Architecture, vol. i., p. 41) to be older than any monument now existing on the continent of India. It was built by King Dewanipiatissa in B.C. 307 to enshrine the right collar-bone of Buddha, and was restored some years ago by the pious, so that one gets a good idea from it of the general appearance these objects originally presented. It is white, bell shaped, and some sixty-five feet high, with a brass pinnacle on the top ; and some elegant columns about eighteen feet high stand yet in admired disorder in the court below. In the accompanying illustration the dagoba and surrounding columns appear some distance in the background, and the stone pillars and steps in the foreground are the remains of the Dalada Maligawa—a temple which was built to receive the sacred tooth of Buddha when it was first brought over to Ceylon from the mainland. Round this tooth battles raged, and in the struggle for its possession dynasties rose and fell. The enormous saurian fang, which purports to be the same tooth, is now preserved in great state in the well-known Buddhist temple at Kandy, as I have already mentioned. The little figure of a gate-keeper or dhworpal at the foot of the steps is an excellent specimen of early Buddhist sculpture, and is very graceful and tender. It is given on a larger scale in a separate illustration (page 113).

The Ruanweli (or Gold-dust) Dagoba, which rears its unshapely form close to the present village, eives one a notion of the massiveness of these ancient structures, and at the same time of the ravages which lapse of years has wrought upon them. In outline it resembles a gigantic but illmade circular haystack, 150 feet high. All the upper part of it is covered with thick grass, except where recent lapses have exposed the close yet rather soft brickwork of which the whole is compacted. The more accessible lower parts and surrounding terraces have lately been cleaned of undergrowth; and at the foot, among some well-executed carvings, stand four or five fine statues, about eight feet high—one of King Dutugemunu who is said to have begun the building about B.C. 161, the others apparently of Buddha, and all dignified and noble in conception, if not anatomically perfect in execution.

But the dagobas which best show the gradual effacement of human handiwork by Nature are the Jetawanarama and the Abhayagiria, both of which stand some distance out in the woods, and tower above the foliage to the heights of 250 feet and 300 feet respectively. The former of these (see plate at beginning of this chapter) presents a vast cone of brickwork some 200 feet high, surmounted by a cylindrical column of the same ; and the conical portion is simply overgrown by dense masses of trees, which inserting their roots into the crevices of the bricks are continually dislodging portions of this artificial mountain. Cactuses, varieties of fig, and other trees climb to the very base of the column, and here, where the brickwork is too steep to be covered with foliage, the omnipresent wanderoo monkey may be seen disporting itself on the very summit.

The Abhayagiria is of similar shape, but only covered at present with a shrub-like growth. Originally it was the largest dagoba in Ceylon, being 405 feet high—or as high as S. Paul's—but time has reduced it to somewhere about 300 feet. A rather precipitous path leads from the base to the summit, which has recently been restored in some fashion, and from thence a fine view may be obtained.


ලක්දිව ගමන් සටහන් පිටු අංක: 43

Comments