ගාල්ලේ සිට කොළඹට

ගාල්ලේ හෝටල් සත්තකින්ම බොහෝ නරකය. හරියකට මෙහි ඉංග්‍රීසි වාසයක් නැති සෙයකි. එනිසා එහි වූ සව්සාර වනගත පරිසරය දින කිහිපයකට පමණක් රස විඳ අපි කොළඹ බලා පිටත්ව ගියෙමු.

Galle Road Ceylon by Skeen & Co. [Image Courtesy: www.lankapura.com]

ගමනාගමන ක්‍රමවේදය

මෙහි ගමනාගමනය නිසැක වශයෙන්ම ඒ ඒ දේවල් ඒ ඒ කර්තව්‍යය සඳහා වෙන්වී ඇති බවට වූ ලාමක අවිචාරක පූර්ව මතයන් බිඳ හෙළනු ලබයි. උදාහරණයක් ලෙසට එංගලන්තයේදී අශ්ව කරත්තයේ රියදුරා පෙට්ටි අසුන මත හිඳින්නේ වාහනය නිසි මඟ පැදවීම පිණිසය. ඔහු තම අත මත තෝන් ලණුව රඳවාගන්නේ අසු මත බලයක් යෙදවීම පිණිසය. නමුත් සිලෝනයේ ඇත්තවුන්ට එවැනි කිසිඳු අදහසක් ඇත්තේ නැත. සිලෝනයේ අශ්ව කරත්ත රියදුරන් එහි සිටින්නේ හුදෙක් බුලත් විට හපා කාරා කෙළගැසීමටය. තෝන් ලණුවක් අත දරන්නේ නැත. ඔහු වාහනයට පාලන බලයක් යොදවන්නේ නැත. ඔහු නොසෙල්වී කරත්තය මත වාඩී හිඳියි. නමුත් කෙවිටක් භාවිත කරයි. කන්දක් නගිනවිට හෝ ගැඹුරු වළකින් එතෙර වන විට ඔහු එය නොමසුරුව භාවිතයට ගනී. කිසිඳු මොහොතක කිසිවිටෙක ඔහු අසුන් හැසිරවීම පිළිබඳ සැලකිල්ලක් දක්වන්නේ නැත. ඒ කටයුත්ත භාරවන්නේ දුක්ඛිත අස්ගොව්වාටය. එක් එක් අදියරේදී අස්ගොව්වන් මාරුවේ. පිටුපස ඇති පා පුවරුවේ හෝ මැදිරියේ පඩියක ඔහු අසුන් ගනී. පල්ලම් නගින විට හෝ පල්ලම් බසින විට හෝ ඉදිරියෙන් ගැල් පේළියක් ගමන් ගන්නාවිට මේ වාහනය මහත් ආපදාවකට ලක්වේ.

Galle Road Ceylon by Skeen [Image Courtesy: www.lankapura.com]


කොළඹ දක්වා ඇති මයිල 70වම මුහුදුබඩ මාර්ගයකි. එය මුහුදු වෙරළින් වෙන්වන්නේ තුනී පොල්ගස් පෙළකිනි. ගාලු පාරේ සෑහෙන ප්‍රමාණයක් දුරට, එහි දෙපස ස්වදේශික පැල්පත් පේළි සහ, බම්බු හා තල් කොළ වලින් නිමවූ ගොඩනැගිලි ඉදිවී ඇත. ඒවා "පෝල් සහ ව'ජිනියා" නවකාතාවේ සිතුවම් හා සමානතාවයක් දක්වයි. මෙම ගොඩනැගිලි පෙළ කෙතරම් ඉදිරියට ඇදෙනවාද යත්, එයින් සංචාරකයෙකු හට තමන් නගරයක් තුළ ඉබාගාතේ යන හැඟීමක් ඇති කරවයි. මෙම දූපතේ ජනගහනය පිළිබඳව අදහසක් ගන්නට මෙම කොළඹ සහ ගාල්ල අතර දිවෙන මාර්ගය යමෙකු භාවිත කළහොත්, ඔහු නිගමනයට එනු ඇත්තේ විශාල ජනගහනයක් ඇති රටවල් අතරින් මේ දිවයිනද එක් රටක් බවයි. නමුත් සත්‍යය නම් පෙරදිග ඇති අඩුම පදිංචිකරුවන් සිටින රටවල් අතරින් මේ දූපතද තවත් එක් රටක් වීමයි. මෙම මාර්ගයෙහි දෙපස රැස්කකා සිටින ස්වදේශීකයන් දැක යම් ආගන්තුකයෙකු ඉන් මවිතයට පත් වුව හොත්, ඔවුන් තුළ ඇති උකටලී බව දැක්මෙන් ඇතිවන මවිතය ඊට අඩු නොවේ.  පෙනෙනා අන්දමට, පැලෙහි පිවිසුමෙහි කවිච්චිය මත දිග ඇදී, මගෙහි යන එන්නවුන් දෙස බලාසිටීම හෝ, ගෙම්බන්සේ විලුඹෙන් උක්කුටියට බිම හිඳගෙන බුලත්විට හපමින් කාරා නියමිත ඉලක්කයට කෙළගසමින් සිටීම හැරෙන්නට වෙනත් වැදගත් රාජකාරියක් ඔවුනට නැති සෙයකි. මෙම රටෙහි ජව බලය ඇති එකම උදවිය වන්නේ කොල්ලන් සහ බල්ලන්ය. අශ්ව කෝච්චියක් යන කල්හී, දෙවර්ගයම එක හා සමාන ලෙස විගසින් මතුවී, කෑ ගසමින්, බුරමින් ඒ පිටුපස දුව එයි. සෑම රටකම, ජාතියකම, කුමන භාෂාවක් කතා කළද, මෙලෙස කෑ කෝ ගසමින් වාහන පිටුපස හඹා ඒමට කොල්ලන්ද එමෙන්ම එලෙසටම බල්ලන්ද ගන්නා උත්සහය පීඩාකාරී විශ්වීය න්‍යායකි.

Galle Road Near Colombo [Image Courtesy: www.lankapura.com]


තල්කොළ සෙවිලි කළ ආරුක්කු වහලයකින් සමන්විත කුඩා තිරික්කල පේළි පාර පුරාවටම රැස් කකා තිබේ. මේවා දිවවෙන්නේ කුඩාම කුඩා ගොනුන් මඟිනි. සමහරක් උන් විශාල මැස්ටිෆ් බල්ලන් තරම්වත් උස් වන්නේ නැත. උන් විශාල ගොලුබෙල්ලන් සේ ගාටන්නේ පැයකට මයිල භාගයක වේගයකිනි. 


පොල් රුප්පා

මයිල 70ක් තරම් දුරට දිවෙන පොල් රුප්පාව, සංචාරකයෙකුගේ නෙතඳුනේ මවන රසයට වඩා ඉඩම් හිමියෙකුගේ පසුම්බියට මහත් සේ වටනේය. මේ භූමියේ අක්කරයක් පවුම් 50ක් පමණ වේ. සියල්ල අයිතිවන්නේ ස්වදේශිකයන්ටය. ඔවුහු පරිභෝජනය නොකරන පොල් ගෙඩි කොළඹ තෙල් මෝල් කරා යවයි. මෙම පාර දෙපස ඇති පොල් ගස් මුහුද දෙසට නැමී ඇති ස්වරූපයේ වෙනස් නොවන නැඹුරුතාවය අපූරුය. පොල් ගස් 10ක් ගත හොත් අවම වශයෙන් ඉන් 9ක්ම, නොනවත්වා හමන මූදු හුළඟේ ශක්තියද නොසලකා මෙලෙස මුහුද දෙසට ආනතියක් දරයි. මේ පොල්ගස් ද, බටහිර ඉන්දීය කොදෙව්වේ බෙල්ලන් ගහණ කඩෝලාන පරිසරයද, පිරිසිඳු ජලයේ මෙන්ම ලුණු මිශ්‍ර ජලයේද බොහොම හොඳින් වැඩේ. බොහෝ අවස්ථාවන් වල ඵලදාවෙන් පිරි සරුවට වැඩී ඇති ගස්, මූදු රැල්ලෙන් නෑවි මුල් පෑදි ඇති බව ඔබට දැකිය හැකිය. ඇත්තෙන්ම මේ ශාක විශේෂ දෙකම උභයජීවී කුලය යටතේ- එවැන්නක් ශාක සඳහා තිබේ නම්- නාමකරණය කළ හැකිය. සිලෝන් දූපතේ ගත කරන පළමු විනාඩි පහේදි අත්දකින පොල් ගසේ අපමණ භාවිතාවන් පිළිබඳ ඔබ විස්මයට පත්වනු ඇත. පැල්පත්හි වහල, හිරු ආවරණ පැළලි, පැදුරු, බීමට ගන්නා කෝප්ප, කඹ, ආදි වශයෙන් ඇත්තෙන්ම දිනපතා පරිහරණය වන සියල්ලක්ම සාදාගනු ලබනුයේ මෙම ප්‍රයෝජනවත් ගසෙනි. පොල් මල මැද ලබා ගන්නා නැවුම් යුෂය ප්‍රණීත සිසිල් බීමකි. එය දකුණු ඇමරිකාවේ ඇමරිකන් කෝමාරිකා පඳුරෙන් ලබා ගන්නා රා සහා පුල්කා බීමට සමානය. පොල් රා පැසවූ විට අරක්කු බවට පත්වේ. එය මහත්සේ මත් කරවන මුත් කිසි සේත්ම පිළිකුල් සහගත නොවේ. කොළ පැහැ පොල් ගෙඩි පිරී ඇත්තේ රසැති පානයකිනි. එය මෝරන විට රසවත් ආහාරයකි. ආරාබි කතරට රට ඉඳි ගස් වෙන් වී ඇත්තේ යම්සේද එලෙසටම සිලෝනයට පොල් ගස් වෙන් වී ඇත. රටඉඳි ගසින් ලබාගන්නා අටසියයක් ප්‍රයෝජනද පොල්ගසින් ඇති එකසිය අට ගණනක භාවිතාවන් ලෙසටද රටවල් දෙකෙහිම කවිකාරයන් තම තමන්ගේ ගස ගැන අතීතයේ සිට වර්ෂ ගණනාවක් තිස්සේ වර්ණනා කොට කවි පබඳා ඇත. පොල් ගස් රා මදින්නට සකස් කර ඇති විට රා මදින්නන් ගසින් ගසට කඹ පට තුනක් බැඳ, ඉන් එකක් ඒ මත ඇවිද ගසින් ගසට මාරු වන්නටද අනෙක් දෙක අත්දෙකට වාරු ගන්නටද පිළියෙල කරගනී. මේ මතින් ඉතා ඉක්මනින් ගස් අතර සැරි සරන්නට හැකිය. ගස් අතර බැඳි මේ කඹ එක්වරම නොපෙනේ. බිම සිට අඩි පණහක් හැටක් උසින් මිනිසෙකු මේ හරහා ගමන් කොට ගස් අතර මාරු වන විට පෙනෙන්නේ ඔහු කිසිඳු ආධාරකයක් නොමතිව ගමන් කරන හැඩයකි.

Toddy Drawers, Ceylon



බංගලාවයි කූඩාරමයි හෙවත් සිලෝනයට සවාරියක්

දෙවන පරිච්ඡේදය

"THE BUNGALOW AND THE TENT"

Chapter 02


The hotels at Galle are of course bad, as at what place peopled by English are they not? So, after admiring for a couple of days the wild, almost rank luxuriance of the environs, we proceeded to Colombo.

Travelling, doubtless, disabuses one of certain vulgar, narrow-minded prejudices concerning the invariable use for which certain objects are intended. We have an idea in England, for instance, that the driver of a vehicle is placed on the box for the purpose of guiding that vehicle, and that the reins are placed in his hand to enable him to direct the exertions of the horse ; but such is by no means the case in Ceylon. He is there merely as a betel-chewing, expectorating peg on which the reins are suspended, but over which he exercises no control ; he sits immovable, except as regards the whip-hand, which he uses most liberally going up hill, or through very deep ground : he never, for a moment, entertains any notion of guiding the horses, that office being undertaken by a miserable horsekeeper, who changes at each stage, and sits during the transit either on the foot-board behind, or on the step of the carriage; and whether the vehicle comes to grief by going up a bank on one side, or down a bank on the other, or into a train of waggons in front, appears to all whom it most nearly concerns a matter of utter indifference.

The distance to Colombo is some seventy miles, and the road throughout its entire length runs close to the sea, from which it is separated only by a thin belt of cocoa-trees. For the greater part of the distance both sides of the road are lined with native huts, little bamboo and talipot-leaf buildings, resembling those that usually adorn the illustrated editions of Paul and Virginia. So continuous is this line of buildings that the traveller almost fancies he is passing through some straggling suburb ; and any person judging of the population of the island from the road between Galle and Colombo, would come to the conclusion that the island was one of the most densely peopled, instead of being, as in reality it is, one of the most thinly-inhabited spots in the East. If the stranger is struck with the number of natives who throng the road-side, he is no less struck with their invariable listlessness and want of energy. The men seem to have no more urgent employment than lying at full length on mats or benches at the entrance of their huts, and gazing at the passers-by, or of squatting on their heels in rows, like frogs at the edge of a pool, masticating their chaw, and expectorating with a freedom and precision worthy of better men. The only energy indigenous to the country is shared in pretty equal proportions by the children and the pariah dogs, who rush out, and shout and bark after the coach, much in the same way that the like ** critters " do in more temperate climes. It appears to be an instinct, as universal as it is annoying, for the children of all countries, nations, and languages, to shout and use frantic endeavours to overtake passing vehicles, and for dogs to do so likewise.

The road was almost thronged with strings of curious little waggons, with arched talipot roofs projecting before and behind: these, drawn by the most diminutive of cattle, some actually not much higher than a large mastiff dog, and crawling unwillingly along at a steady rate of half-amile an hour, bore a strong resemblance at a short distance to huge snails dragging their slow length. The unbroken groves of cocoa-nut, for the distance of seventy miles, are more valuable to the proprietor than interesting or picturesque to the traveller. The land is of the average value of about 50^. per acre, and belongs exclusively to natives, who prepare those nuts they do not consume, for the Colombo oil-presses. The invariable tendency of the cocoa-nut to bend sea-wards is very remarkable on this road ; notwithstanding the strength and continued prevalence of the seabreeze, at least nine-tenths of the trees have a most decided inclination towards the ocean. They, together with the oyster-bearing mangroves of the West Indies, seem to thrive as well in salt water as in fresh: they court the spray, and in many instances you see healthy trees laden with fruit whose roots are washed and saturated by the waves. In fact these two species of trees may decidedly be classed under the head of Amphibia, if such an order exists in inanimate creation.

Your first five minutes in the Island of Ceylon impress you with the almost innumerable uses to which the cocoa palm is applied. The roofs of the huts, the screens from the sun, the mats, the drinking-cups, the ropes, in fact nearly every article of daily use, is the produce of this useful tree. It conduces scarcely less to the support than to the comfort of human life. The juice of the tree, when fresh drawn, affords a sparkling refreshing drink, very much resembling the pulque or toddy drawn from the American Aloe, in South America; when fermented the toddy becomes arrack, by no means a nauseous, though an excessively intoxicating beverage. The nuts, when green, are filled with delicious milk, and when mature, supply a delicate food, though indigestible to any save school-boys or niggers. The cocoa-nut is to the native of Ceylon, what the date palm is to the Arab of the desert, and the eight hundred uses of the latter, and the hundred and eight of the former, have throughout ages been celebrated by the poets of both countries. When a grove of cocoa trees is in the course of being tapped for toddy, the drawers fasten three coir ropes from tree to tree, one to walk on, and one for either hand, and along these they pass with considerable rapidity. When seen at a short distance the ropes are invisible, and the curious effect is produced of a man crossing from tree to tree at a height of fifty or sixty feet from the ground, without any visible means of support.


ලංකා ගමන් සටහන් - 3

Comments