The Bazaar and the Shops, Kurunegala

මගේ හිතට ගොඩාක් වැදුණේ, පොදුවේ මේ මිනිස්සුන්ගේ බාහිර හැසිරීමේ සහ අංග චලනයන් වල ඇති සන්සුන් බවටයි හික්මීමටයි. ඒත් ඔවුන්ගේ භාෂිතය නම් (පහත් කුල වල) කොහොමටවත් ඒ වගේ නෙවෙයි.  ඒ වුණත් බටහිර ජනතාව අතර සුලභව දකින්න තියන ස්ත්‍රීන් පුරුෂයන් අතර සිදුවන සරදම් නම් මෙහෙ දකින්න නෑ. තියෙනවනම් ඉතාමත් සුළුවෙන් තමයි තියෙන්නේ.

හික්මීම හා උදාසීන හැසිරීම

කොලු ගැටයන් හෝ ගැටවර ඉලන්දාරි අතර පවා උසුළු විසුළු දැගලිලි පෙම් කෙළීම් හෝ කලහකාරි හැසිරීම් දැක ගන්න නැහැ. මම හිතන්නේ එය හින්දුවරයෙක් තුළ විදහා දැක්වෙන උදාසීනකමින් ක්‍රියාවිරහිතව ඉවසා සිටීමෙයි ආධ්‍යාත්මික මඟ පෙන්වීමක් ලබාදෙන සහජයෙන් ලැබූ ඉවෙයි එක් අංගයක් කියලා. ඇත්තටම ස්ත්‍රීන් පුරුෂයන් අතර ඇති සබැඳියාවේ මනෝභාවය අපේ සමාජයට වඩා යම් ප්‍රමාණයකින් වෙනස්. පොදුවේ ලිංගික කාරණා නම් මට තේරුණ විදිහට, එයට ඇති නැමියාව, ඉහළ කුල අය අතර පවා සෘජුව ප්‍රකාශ වෙනවා. ඒ සම්බන්ධයෙන් අප අතර වුණත් ඇති පොඩි සදාචාරවත් ලජ්ජාශීලිබව ඔවුන්ට ආරෝපණය වෙලා තියෙන්නේ නූතන දියුණුවෙන් පස්සේ.

කඩමණ්ඩිය හා වෙළඳසැල්

Native Village Shop Street Scene photographed by Skeen & Co. [Image Courtesy: www.imagesofceylon.com ]


මේ කුරුණෑගල නගරය ආදි තාලේ ජන ජීවිතය, නූතන සමාජය හා මුහු වෙච්ච අමුතු ගතියක සංකලනයක්. තාවකාලික මඩු සහිත කුඩා වීදි දෙක තුනකින් "කඩමණ්ඩිය" සකස් වෙනවා. මේ වීදි තුළ ගමන් කරන කොට වෙළඳ බඩු දැමූ කූඩා වලට පිටුපසින් ඔවුන්ගේ වාසස්ථාන වල අභ්‍යන්තරය මනා ලෙස දැක ගත හැකියි. ඒ අනුව ජන ජීවිතයේ හැඩ ගැස්ම අව්‍යාජ ලෙසම ඇස් දෙකට දැක බලාගන්න පුළුවන්. මේවා දැකලා කවුරු හරි තීරණේකට එන්න පුළුවන් මේ මිනිස්සුන්ගේ අවශ්‍යතා කොච්චර කුඩාද කියලා.

Pingo Seller with Plantains photographed by Skeen & Co. [Image Courtesy:Threeblindmen Photography Archive - Ceylon Memory Project]


මේ තියෙන්නේ පලතුරු සහ එළවළු කඩයක්. එහි විශාල ආනමාළු සහ අනෙක් කෙසෙල් කැන් දකින්න පුළුවන්. එක කැණක 100ක් වගේ තියනවා. විකුණන්නේ පැන්ස 5කට 6කට වගේ. උදෑසන කාලයේදී දැකගන්න පුළුවන් ගැමියෙක් මේ වගේ කැන් දෙකක් කරේ තියන් පාරදිගේ එන හැටි. දිග පොල්ලක දෙපැත්තේ එල්ලාගෙන, නැතිනම් කදක දෙපැත්තේ දාගෙන, කරින් උසුලාගෙන ගෙන යන්නේ සෑහෙන්න ලොකු බරක්. මීට සමාන රූපයක් වසර 3,000ක් පැරණි ඊජිප්තු ස්මාරක වලත් බහුලව දකින්න තිබ්බා.

Plucking Plantains photographed by Skeen & Co. [Image Courtesy: www.imagesofceylon.com ]

අන්නාසි පැන්ස එකේ ඉඳන් හොඳම ඒවා පැන්ස හතරක් විතර වෙනවා. දෙල් සහ විශාලෙට හැදෙන කොස් අතර අනියම් සම්බන්ධතාවක් දකින්න පුළුවන්.

Jak Tree [Image Courtesy: www.imagesofceylon.com ]

 

ඔවුන්ගේ ගේ පැලටත් උඩින් නැගෙන මනහර කොස්ගහක හැදෙන කොස් ගෙඩියක බර වෙන්නේ බොහෝ විට රාත්තල් 12ක් 14ක්. බැරි වෙලාවත් ඔළුවට වැටුනොතින් එහෙම එතැනම තමයි කියලා ලොකු බයක් හිතෙන්න පුළුවන්. එහි මෘදු, කෑමට එතරම් රුව නොවන ඇතුළත මෙහි මිනිසුන් බොහෝ සෙයින් ආහාරයට ගන්නවා.

Native Fruits [Image Courtesy: www.imagesofceylon.com ]

 

වම්බටු, මුරුංගා, බෝංචි, අල සහ අනෙක් එළවළු, සකසනු ලැබූ පුවක් සහිත බුලත් විටි තොගයක් මේ එළවළු පළතුරු කඩයේ දකින්න පුළුවන්. තව කඩයක් තියනවා තුන පහ, ගම්මිරිස්, වියළි මිරිස් සහ ඒ වගේ ව්‍යාංජන සඳහා දමන අනෙකුත් කුළුබඩු විකුණන.

Door to door Clay Pot Pingo Carrier Seller in the Colpetty Road Colombo photographed by Plate & Co. [Image Courtesy: www.imagesofceylon.com ]


ඊට අමතරව එහි කූඩ පිටින් තියන උම්බලකඩ, මුළු පළාතම ගඳ ගස්සනවා. ඒක මේ කඩ මණ්ඩිවල තියන ප්‍රධානම අඩු පාඩු වලින් එකක්. ඒත් සමඟම මැටි භාණ්ඩ හට්ටි මුට්ටි විකුණන කඩයකුත් තියනවා.

Native Fruits and Vegetables photographed by C.A. & Co. [Image Courtesy: www.imagesofceylon.com ]


ඒ වගේම අමතක කරන්න බෑ, අබිං කඩේ. මේ කඩ වලට අමතරව තව කඩ දෙකයි තියෙන්නේ. එක කඩයක් මැන්චෙස්ටර්* නියෝජනය කරනවා, අනික බර්මිංහැම්** නියෝජනය කරනවා! පළමු එකේ විකුණන්නේ සැහෙන විශාල, කමකට නැති කපු කඩමාලු. අනෙකෙ නම් බෙලෙක් බඩු, සබන්, ගිනි පෙට්ටි, භූමි තෙල් ලාම්පු, පිහි, සහ හැම ජාතියකම බාල අවලස්සන හැඳි ගෑරප්පු පේන්න තියනවා. ෂෙෆ්ෆීල්ඩ්*** හී අඳුරු තිප්පොළවල් තුළ අනාථ පිරිමි දරුවන් සහ ගැහැණු දරුවන්, දූවිලි ගොඩක කසළ ගොඩක වහලුන් වගේ අතිශයින්ම අපිරිසුදු වාතය ආග්‍රහණය කරමින්, ගෑස් ආලෝකය යට මේ පිහියා සහ කතුරු, එහෙම නැති නම් මේ වගේ පිහියා සහ කතුරු (මිනිස්සු රවට්ටන්න හදාපු), නිෂ්පාදනය කරනවා මා දැක තියනවා. ඔවුන්ගේ පසු පස කුසගින්නේ බය සහ දඩයම් බල්ලන් වගේ අධම වැඩනායකයන් ලුහු බඳිනවා.

Village Market Street Scene photographed by Skeen & Co. [Image Courtesy: www.imagesofceylon.com ]

"ආදරණීය දරුවනි! නුඹලාගේ දෑතින් නිමවන ඔය අවලස්සන නිර්මාණ මෙහි නොඑවා, නුඹලාටම මෙහි පැමිණෙන්නට හැකි නම්; පුළුවනි ප්‍රීති වෙන්න, පිළිසඳරේ යෙදෙන්න, මහානුභාවසම්පන්න හිරු එළියක් යට. මක්නිසාද යත් මා දනිමි නුඹලා බොහෝ දෙනා ඔය පිළිකුල් සහගත අඳුරින් මිදෙන්නට බොහොම කැමැත්තෙන් සිටින වග."



[අනුවාදක සටහන:

-* මැන්චෙස්ටර් නගරය එංගලන්තයේ වයඹදිග පුරවරයකි. එකල කපු කර්මාන්තය සඳහාම "Cottonopolis" ලෙස හොඳ නමක්  දිනා ඇත.

-** බර්මිංහැම් නගරය එංගලන්තයේ බටහිර මධ්‍යම ප්‍රදේශයේ පුරවරයකි. එකල "City of a Thousand Trades" ලෙස නම් දරා ඇත.

-*** ෂෙෆ්ෆීල්ඩ් නගරය එංගලන්තයේ දකුණු යෝක්ශයරයේ පුරවරයකි. එකල හැඳි ගෑරුප්පු පිහිය ආදිය නිෂ්පාදනය සඳහාම  හොඳ නමක්  දිනා ඇත.

]



“ආදම්ගේ ශිඛරය මතින් එලිෆන්ටා ගුහා වෙත – ලක්දිව සහ ඉන්දියාවේ රූප සටහන්” : එඩ්වඩ් කාපෙන්ටර්

තෙවන පරිච්ඡේදය : කුරුණෑගල



From Adam’s Peak To Elephanta : Sketches in Ceylon and India by Edward Carpenter

CHAPTER III: KURUNÉGALA

I am struck by the gravity and decorum of the people generally—in outer behavior or gesture — though their language (among the lower castes) is by no means always select! But there is none, or very little, of that banter between the sexes which is common among the Western populations, and even among the boys and youths you see next to no frolicking or bear-fighting. I suppose it is part of the passivity and want of animal spirits which characterise the Hindu ; and of course the sentiment of the relation between the sexes is different in some degree from what it is with us. On sexual matters generally, as far as I can make out, the tendency, even among the higher castes. Is to be outspoken, and there is little of that prudery which among us is only after all a modern growth.

The town here is a queer mixture of primitive life with modern institutions. There are two or three little streets of booths, which constitute the " bazaar." Walking down these—where behind baskets of wares the interiors of the dwellings are often visible, and the processes of life are naively exposed to the eye—one may judge for one's self how Httle man wants here below. Here is a fruit and vegetable shop, with huge bunches of plantains or bananas, a hundred in a bunch, and selling at five or six a penny ; of a morning you may see the peasant coming in along the road carrying two such bunches—a good load—slung one at each end of a long pole, or pingo, over his shoulder—a similar figure to that which is so frequent on the Egyptian monuments of 3,000 years ago ; pineapples, from 1d. up to 4d. each for the very finest ; the breadfruit, and its queer relation the enormous jack-fruit, weighing often as much as 12 to 14 lbs., with its pulpy and not very palatable interior, used so much by the people, growing high up over their cabins on the handsome jack-tree, and threatening you with instant dissolution if it descend upon your head ; the egg-plant, murngal, beans, potatos, and other vegetables; and plentiful ready- prepared packets of areca nut and betel leaf for chewing. Then there is a shop where they sell spices, peppers, chilis, and all such condiments for curries, not to mention baskets of dried fish (also for currying), which stink horribly and constitute one of the chief drawbacks of the bazaars ; and an earthenware shop,—and I must not forget the opium shop. Besides these there are only two others—and they represent Manchester and Birmingham respectively —one where they sell shoddy and much-sized cotton goods, and the other which displays tin ware, soap, matches, paraffin lamps, dinner knives, and all sorts of damnable cutlery. I have seen these knives and scissors, or such as these (made only to deceive), being manufactured in the dens of Sheffield by boys and girls slaving in dust and dirt, breathing out their lives in foul air under the gaslights, hounded on by mean taskmasters and by the fear of imminent starvation. Dear children ! if you could only come out here yourselves, instead of sending the abominable work of your hands—come out here to enjoy this glorious sunshine, and fraternise, as I know many of you would, with the despised darkie !


ලක්දිව ගමන් සටහන් පිටු අංක: 22

Comments