The Village Headman

මේ ආදිකල්පික ගැමි සමාජය ඉතා කුඩා එකක් වුවද එහි ප්‍රධානීන් ප්‍රභූවරුන් සිටිති. ගමට නායකත්වය දෙන්නේ කෝරළේ හෙවත් ගම් ප්‍රධානියාය. නැතහොත් කුඩා බෞද්ධ විහාරයක වෙසෙන හාමුදුරුවන්වහන්සේය.

ඔවුන්ගේ නාමයන් මෙහි සඳහන් කොට මෙය කියවන පාඨකයන් අමාරුවට පත් කරන්නට මම නොයෙදෙමි. මන්දයත් ඒ නාමයන් අපට උසුරවිය නොහැකි මෙන්ම, ඔවුන්ගේ පැල්පත් වලට ප්‍රවේශ වෙන්නට ඇති මාර්ග සේ ඉතා දිගුය. සිංහල සමාජයක වෙසෙන්නන්ගේ සම්පූර්ණ නාමය කුඩා ග්‍රන්ථ වෙළුමක් පිරෙන්නටම ලිවිය හැක. ඒ නිසා ඔවුන් ගැන මෙහි සඳහන් කරනවිට හාමුදුරුවෝ සහ කෝරළේ යන්න පමණක් මම  යොදමි.


Sinhalese Up Country Village Headman in Ceylon photographed by Plate & Co. [Image Courtesy: www.imagesofceylon.com ]



කෝරළේ මහත්තයා

ලක්දිව වැඩ කෙරෙන ආකාරයට අනුව මේ කෝරළේ බොහොම නම්බුකාර මනුස්සයෙකි. එනමුදු චරිතයේ සෘණාත්මක හැසිරීම් දක්නට ඇත. ඇත්තෙන්ම ඔහු මහාරාජිණියගේ නීතියට අනුව කිසිම මිනීමැරුමක් හෝ සොරකමක් කොට නැත. බොරු සාක්කි දීමට චූදිතයෙක්ව සිටත් නැත. යම් නිලමය රාජකාරි කිහිපයකින් ඔහුව මුදා හැර ඇති නමුත් කිසිවෙක් එය ප්‍රශ්නයක් කොටගෙනත් නැත. කෙසේ වුවද පසුගිය කුඹුරු ඉඩම් තක්සේරුව පිළිබඳව නම් අමුතු කතා පැතිරී ඇත. දිසාපති කාර්යාලය විශ්වාස කරන්නේ සියයට අනූවක් ස්වදේශීය ගම් ප්‍රධානීන් මෙන් ඔහුද කාර්‍යශූර සහ අවංක මුලාදෑනියෙකු කියාය. නමුත් සත්‍ය වශයෙන් මේ ඔහු ගැන ඇත්තම කාරණය නොවේ. ගම් වැසියන් ඔහුට දක්වන්නේ මහත් භක්තියක් සහ ගරුත්වයකි. ඒ ගැන පුදුමයක් නැත. මන්දයත් ඔවුනගේ ඉඩම් නිසා ගෙවිය යුතු කුඹුරු බදු ප්‍රමාණය සම්බන්ධයෙන් නියෝග නිකුත් කරන්නේ ඔහුය.

Sinhalese Village Headman in Ceylon photographed by Scowen & Co. [Image Courtesy: www.imagesofceylon.com ]



ඔහු බොහෝ වයසැති පෙනුමකින් යුතු, එල්ලා වැටෙන සුදු රැවුලක් ඇති, තියුණු නිසසල නෙත් යුගලක් ඇති පරණතාලේ මහත්මයෙකි. ඔහුගේ චරිතයේ කලබල නැති ස්වභාවය කෙනෙකුට උදාර බව හෝ උදාසීන බව ලෙස දැනිය හැක. ඔහුගේ රාජකාරිය වන්නේ ආණ්ඩුවේ නිලධාරීන් හට කර්මාන්ත පිළිබඳ වාර්තා ඉදිරිපත් කිරීමත්- එවැන්නක් ඔහුගේ ගම්මානයේ වෙසෙන යම් සිංහලයෙකුට ඇත්නම්-, ජනගහණය අඩු වැඩි වීම පිළිබඳ වාර්තා පිරවීමත්, අපරාධ සහ වැරදි සම්බන්ධයෙන් නොතීසි නිකුත් කිරීමත්, සුළු සුළු කාරණා සම්බන්ධයෙන් පළාත් පාලන ආයතන නියෝජනය කිරීමත්ය. මේ කිසිවකට ඔහුට කිසිම වැටුපක් හිමි වන්නේ නැත. කන්තෝරුවෙන් ඔහුට ලැබෙන ගෞරවයෙන් ඔහු තෘප්තිමත් වේ. එනමුත් කියන්නට අපූරු කාරණය වනුයේ මේ කෝරළේ කිසි වැටුපක් උපයන්නේ නැතිව ඉඩකඩම් වර්ධනය කරගත් ආකාරයයි. මා මේ ප්‍රදේශයෙන් වෙන්වී යනවිට ඔහු හරකා-බාන දේපොළ-වතුපිටි යනාදි බොහෝ වස්තුවකට උරුමකම් කී පුද්ගලයෙක්ව සිටියේය. ඔහු විධිමත් අධ්‍යාපනයක් ලබා තිබුණේ නැත. කඩදාසි ලෙස භාවිතා කළ තල්පත් හි සිංහල යමක් කුරුටු ගාන්නටත්, මා සිතනා ලෙස දහයට පමණ ගණන් කිරීමටත් ඔහුට පුළුවන්කම තිබිණි. ඔහුගේ සංකීර්ණ ගිණුම් වාර්තා හැම එකක්ම දශම ක්‍රමයට ලියා තිබිණි. ඔහු පමණක්ම දන්නා සංකේත ක්‍රමයක් සහ ඔහුගේ මිතුරු හිමිනමගේ පාණ්ඩිත්‍යයත් උපයෝගී කරගනිමින් අධිකාරින් සමඟ බොහෝ ව්‍යාපාර ගණුදෙනු කරගෙන යන්නට ඔහු විවිධ උපක්‍රම යෙදුවේය.

මේ වයස්ගත ගම්ප්‍රධානියාගේ වාසස්ථානය කෞතුක භාණ්ඩ ප්‍රිය කරන්නෙකුට නම් තම අධ්‍යයන කටයුතු සඳහා හොඳ තෝතැන්නකි. ඔහුගේ සුදු දිගු රැවුලත් සමඟ සියල්ල හොඳින් නඩත්තු වේ. දොර, ජනේල, කවිච්චි, තුන් පා මේසය යන සියල්ල, ගෙවී ගිය අවුරුදු ගණන් සමඟ අති පුරාණ වී ගොසිනි. අවට වාතයද පුස් සහිත ගඳක් උසුලන්නේ ඔහු කුඩා කොල්ලෙකු කාලයේ සිටම එය ඔහු සමඟ සිටි බවක් කියා පාමිනි.

Sinhalese Low Country Village Headman in Ceylon drawing by Emile Antoine Bayard (1837-1891)

 


ජෝන් කැපර් විසින් රචිත "පැරැණි ලක්දිව : පුරාණ ලංකා දිවියේ සටහන්"

පළමු පරිච්ඡේදය : මල් වත්ත

SKETCHES OF CEYLON LIFE IN THE OLDEN TIME BY JOHN CAPPER

CHAPTER I: The Garden of Flowers


Small as was this primitive community, it had its superiors. The leading men were the priest of the little Buddhist Vihara, or shrine ; and the Korale or headman. I will not distress the reader by putting the names of these men in print, as they would be perfectly unpronounceable, and moreover, as lengthy as the approaches to their own dwellings. The entire names of one Cingalese community would fill a small sized volume. I will therefore, only speak of these persons as the Priest and the Korale.

The latter was a rather respectable man, as things go in Ceylon; he was negatively irreproachable in character. He had certainly never committed murder or theft on the Queen’s highway. Perjury had not been charged against him, and as for the faithful discharge of his few official duties, no one had ever called that in question, though there were some rather curious tales afloat on the subject of the last assessment on rice lands. At the office of the Government Agent of the district he was believed to be as active and honest as nine-tenths of the native headmen, though to be sure that was not saying very much for him. The villagers looked up to him with the utmost veneration and respect, and no wonder, for on his fiat depended the amount of rice tax their lands were to pay.

He was a venerable looking old gentleman, with a flowing white beard, a keen, quiet eye, and an easy-going habit that might have been called dignity or laziness. It was his duty to render to the Government officers a just account of the industry, if such a term can be applied to any Cingalese, of his village ; to furnish returns of the increase or decrease of the population ; to give notice of all crimes and offenses committed ; and in short to represent the local government in minor details. For all this, no salary was paid him. He was satisfied with the honor of the office ; and yet, strange to tell, this Korale had so far increased his property by gaining nothing, that he was a man of some substance when I left the place, owning some hundreds of cattle and rich in pasture lands. Education was unknown to him ; he could scratch a little Cingalese on the dried leaves used in place of paper, and I believe could count as far as ten. His most complicated accounts were all on a decimal system, and by the aid of numerous symbols known but to himself and the erudition of the friendly priest, he contrived to transact a multitude of business with the authorities. The abode of this old patriarch would have furnished a study for a lover of the antique. Everything seemed in keeping with his long white beard. The doors and windows, the couches and three-legged table, all were hoary with years. Even the atmosphere had a musty smell about it, as though it had been keeping him company ever since he was a little boy.


ලක්දිව ගමන් සටහන් පිටු අංක: 2

Comments