The Nautch Girls, Their Dress, and Dances

දෙවියන්ගේ දාසියන් වූ දේවදාසීන්ගේ ඇඳුම් පැළඳුම් අද කාලේ බොහෝ දෙනෙකුට පෙරදිග සංස්කෘතික ප්‍රදර්ශන ආදීය නිසා දැන් නිතර දැක හුරු පුරුදු දෙයක්. ඉන්දියානු ගැමි දිවිය නම් කෘතිය රචනා කල කතුවරයා මේ දේවදාසීන් ගැන මෙලෙස කියනවා.

නෘත්‍ය ලලනාවන්, ඔවුන්ගේ වස්ත්‍ර, හා නර්තනය

"ඔවුහු දේවාල පරිශ්‍රය අමදිති. සහල් පිටි ගෙන ගෙබිමේ චමත්කාර රූ ඇඳ පොළව සරසති. දෙවියන් ඉදිරියේ පහන් දල්වා එතුමන්ට පවන් සලමින් එතුමන් ඉදිරියේ  නැටුම් රඟ දක්වති. අවැසි විටක එතුමන් වෙනුවෙන් ගායනාද කරති." තවද, කෙලම්බකම් නැමැති ගමක වෙසෙන කනකම්බුජම් සහ මීනක්ෂි යන නාටිකාංගනාවන් දෙදෙනෙක් ගැන කතුවරයා තම පොතෙහි කියා තිබේ. "කනකම්බුජම්, අසල්වැසි මුදලිතුමාගේ අනියම් භාර්‍යාවය. මීනක්ෂී, අප්පලච්චාරි නම් බ්‍රාහ්මණයෙකුගේ අනියම් භාර්‍යාවය. එනමුදු ඔවුහු ඔවුන්ගේ සේවාව අනෙක් අයටද සපයති."

Nautch Girls, Ceylon photographed by Plate & Co.



මේ අවස්ථාවේ මෙහි සිටින නර්තන ලලනාවන් හතරදෙනාගෙන් එක් අයෙකුගේ ඇඳුම ගැන පවසන්නම්. ඇය රනින් වාටි මැසූ, කොට අත් ඇති අඳුරු පැහැ කපු විල්ලුද කබායක් ඇඳ සිටියා. මේ කබා සැට්ටය බොහොම රූප සම්පන්න උතුරු සළුවකින් හෝ ඉන්දියානු ගැහැනුන් අඳිනා සාරියකින් බොහෝමයක් වැසීගෙන. මෙම සාරිය තද රතු සිල්ක් රෙද්දක රන් පැහැ නූලකින් වැඩ දැමූවක්. එය එක් උරහිසකින් දමා ඉණ වටා දෙතුන් පාරක් ඔතමින් යටසායක් සේ දණහිසින් ටිකක් පහළට වෙනතුරු වැටෙන්නට තමයි අඳින්නේ. ඊට යටින් තැඹිලි පැහැ සේද රෙද්දෙන් තැනූ ඇඟට ඇලුණු කලිසමක් හැඳ සිටියා. ඇගේ පයේ ඉතා බරැති රීදී පැහැ පා සළඹ පලන්ඳා තිබුණා. ඇගේ අතේ අලංකාර රන් පැහැ වළලු. ඉනට පහළින් රිදී පැහැ, ඉනට ඉහළින් රන් පැහැ. මැණික් එබ්බවූ සීනු හැඩැති කඩුක්කම්, නාසයේ සහ කන්පෙති යුගලයේ එල්වාගෙන. ඇගේ හිසේ රෝස පැහැ මල් දම් රන් පැහැ හාරිච්චි කටුවලින් ගවසාගෙන. ගොතාගත් කළුවන් කොණ්ඩය ඇගේ පිට දිගේ වැටී තිබුණා. ඇය සේම අනෙක් නාටිකාංගනාවන්ද මීට වෙනස් වර්ණයෙන්ගෙන් යුතු එවැනිම ඇඳුම් වලින් සැරසී සිටියා.

Colombo, Ceylon - Temple Dancing Girls



ඔවුනගේ මුහුණු විස්තර කිරීම තරමක් දුෂ්කරයි. මම සිතන්නේ කලාතුරකින් ඉඳහිට ඔවුනගේ මුහුණු තුළින් යම් කලකිරුණු බවක් පෙනුණා. ඉන්දියානු ගැහැනුන් හට ඇති ඉගැන්වීම් අතර හැඟීම් හෝ කුමන හෝ අන්දමක ආවේගයන් පිට නොවන්නට වග බලාගැනීම එක් කොටසක්. වැදගත් නෝනාවරුන් කෙරෙන් බටහිරෙහි නොවන තරම් උදාර තැන්පත් ස්වරූපයක් විදහා දැක්වෙනමුත් අඳ බාල මෝඩ චරිත තුළින් දැක්වෙන්නේ මන්දෝත්සාහි මුග්ධ බවක්. මේ නාටිකාංගනාවන් සැලකීමේදී තත්වය තරමක සංකීර්ණ බවක් ගන්නේ ඔවුනගේ වෘත්තිය සමඟ අවශ්‍යයෙන්ම බැඳී පවතින ගණිකාවෘත්තිය නිසයි. ලිංගිකත්වය නම් අදහස වටා බැඳුණු සිද්ධස්ථානයක සේවාවන් කරන්නට කැපවී සිටින ගැහැනුන් ලෙස යමෙකු ඇත්තටම සිතන්නට පුළුවන් පැහැදිලිවම ගණිකා සේවයත් ඔවුනගේ වෘත්තියේ අංගයක් ලෙසට. නමුත් මගේ හින්දු මිතුරන් කිහිප දෙනෙකු සහතික වුණේ එය එසේ නොවන බවයි. මේ ගැහැනුන් ඔවුන් කැමති ලෙස කැමති තැනක ජීවත් වෙන බවත්, අනෙකුත් පාර්ශවයන් සමඟ කෙරෙන ගනුදෙනු ඔවුනගේ පලහිලවු බවත්, ඒ කටයුතු කෝවිල් අධිකාරිය මඟින් නියාමනය නොකෙරෙන බවත් එලෙසම පිළිනොගන්නා බවත් ඔවුන් කීවා. හරියටම කිවහොත් මෙම ලලනාවන් ව්‍යාපාරික කටයුත්තක් ලෙසින් මිනිසුන් සමඟ මෙලෙස එක් වන විට සිදුවන අකරතැබ්බයන් සඳහා පමණක් මැදිහත් වෙනවා. ඒ ගැන ප්‍රචාරය කිරීමට ළඳුනට බලපෑම් කෙරෙන අතර සාමාන්‍ය ගෘහස්ථ ජීවිතයේ ක්‍රියාපටිපාටියට බාහිරව එම කටයුතු වෙනවා. මෙම සේවාව ලබා ගැනීම සඳහා එන ධනවතුන් අතින් සාමාන්‍යයෙන් මෙවැනි අකරතැබ්බ සිදුවන බව පිළිගන්නා මතයක්. එලෙසම එම ළඳුන් දැක්මට බොහොම ප්‍රිය උපදවන නිසා මෙවැනි අකරතැබ්බයන් වීමට ඇති හැකියාවත් ඉහළයි.

Nautch Girl, Ceylon photographed by Plate & Co.



මේ කෙසේ වුවත්, මේ දේවල් ගැන කිසි සැකයක් දැන් නොමැති වුණත්, මා සිතන්නේ එක්තරා කාලයකදී මෙම නර්තන ලලනාවන් සපයන ලිංගික සේවාවන් ඔවුන් කැපවී සිටින සිද්ධස්ථානයට සිදු කළ යුතු පිළිගත් රාජකාරියක් ලෙස සැලකුණු බවයි. පුරාණයේ පටන් ආ බොහෝ ආගම් තුළ මෙවැනි අන්දමේ සේවාවන් සැපයීම පිළිගත් කාර්යයක් ලෙස සැලකීමත්, හින්දු දර්ශනය තුළද අඩු තරමින් හෝ ආදිකල්පික ලිංගික වන්දනාවන් අඩංගු කර තිබීමත්, ආදි පුරාණයේ මෙවැනි සිරිත් අදාළ පාර්ශවයන් කෙරෙහි කැළලක් ලෙසින් සලකා ඇති බවට කිසිඳු කාරණාවක් නොමැති වීමත් - එහි ප්‍රතිලෝමය හැරෙන්නට - ගැන සැලකීමේදි මා සිතන්නේ අඩු ගණනේ මෙය බැලූ බැල්මට පිළිගත හැකි අදහසක් බවයි. අදට පවා කුතුහලය දනවන කාරණාව වන්නේ මෙම ලලනාවන්ගේ ජීවිතයේ අනර්ථකාරී සිදුවීම් එසේ තිබියදීත් ඔවුන් නම්බුකාර ඉහළ කුලවත් හින්දු පවුල් අතර පිළිගැනෙන චරිත වීමයි. විවාහ කටයුත්තකදී ඔවුන් මනාලියට වස්ත්‍ර අන්දා, අබරණ පළඳා මනාලියගේ යෙහෙළියන් ලෙස කටයුතු කරයි. එහිදී ඔවුන් වැඩි වශයෙන් සැලකෙන්නේ ඇඳුම් රෙදි පිළි සඳහා බලධරයින් ලෙසටයි.

Nautch Dancing Girl, Colombo



මේ මොක වුණත්, පුරාතනයේ දේවදාසියන්ට පැවරී තිබූ රාජකාරි හෝ ලැබුණු තත්වයේ සත්‍යය ඒ කොහොම වුණත්, මේ සිටිනා දේවදාසීන් සතර දෙනා මේ රාත්‍රියේ තම දෙවියන් ඉදිරියේ පෙනී සිටි ආකාරයෙන් මට පෙනුණේ දුකින් පිරුණු දුර්වල මුහුණුවරක්. ඔවුන් ප්‍රමාණයෙන් කුඩා එමෙන්ම මිටි බවක් ඉසිලුවා. කිසිවෙකුත් සෑහෙන ප්‍රියමනාප බවකින් යුතු වුවා යැයි කිව නොහැකියි. වඩාත් හැඟීම් ප්‍රකාශ වුණේ වැඩිමලාගේ මුහුණින්. ඔවුන්ගේ වයස කීමට අපහසු වුවත් ඇගේ වයස අවුරුදු විස්සක් පමණ විය හැකියි. නමුත් ඇගේ මුහුණ කැහැටු බවකින් බලවත් සේ වෙහෙස බවකින් යුතු වුණා. අනෙකුත් අයගේ මුහුණු තම ළමා බව අහිමි ළමයින්ට අයත් වුණා. එනමුදු ඔවුන් ලද අත්දැකීම් තුළින් ඔවුන් තවම මෝරා තිබුණේ නැහැ.

A Nautch Girl [from Ceylon], from Customs of the World, ed. by Walter Hutchinson, London, 1931



පෙරහැර නතර වූ විට ස්ත්‍රීත්වයේ අනාථ දරුවන් සතර දෙනා ඉන් පසුව දෙවියන් ඉදිරියට හැරී නර්තනයක් යැයි කිව නොහැකි පරිද්දෙන් පා තබා ඒ ඉදිරියට ගියා. දකුණු අතත් දකුණු කකුලත් එකම විට ඉදිරියට තබමින් (කිසිඳු ලාලිත්‍යයක් නොමැති ලෙසකට ) දකුණු දෙසට එක් පියවරක් තබමින් එලෙසටම ඉන්පසු වම් අතත් වම් පයත් ඉදිරියට තබා වම දෙසට තවත් ඉදිරි පියවරක් තැබුණා. මෙලෙස දෙතුන් වරක් කිරීමෙන් පසු ඔවුන් තම ඇඟිලි තුඩු පළමුව උරහිස දෙසට යොමු කොට ඉන්පසු නැවෙමින් දෙවියන් දෙසට තම දෑත් දිගු කෙරුවා. මෙයද නැවත නැවත කළ පසු ඉදිරියට ගිය දුරටම ආපසු පිටුපසට වුණා. මෙවැනි වාර කිහිපයකට පසුව, සමහර විටෙක ගායනාද සහිතව, ඔවුන් යන්නට ගියා. පෙරහැර තව දුරටත් යාර කිහිපයක් ඉදිරියට ඇදෙන්නට වුණා. කෝවිල වටා ගමන ඉවර කරන්නට පෙර හය වතාවක් පමණ අප මෙලෙස නතර වුණා. ඒ හැම වතාවකම ඒ හා සමාන රැඟුමක් ඉදිරිපත් කෙරුණා.

උත්සවයේ කූටප්‍රාප්තිය

නැවත ද්වාර මණ්ඩපය අභියෙසට පැමිණෙන විට නාටකයේ තෙවන අංකය යැයි කිවහැකි රංගනය ඇරඹුණා. ගවයා සහ දෙවියන් සිටි වේදිකාව මහත් පරිශ්‍රමයක් දරා ද්වාර මණ්ඩපයට මුහුණ ලා පොළවට පහත් කෙරුණා. අනෙකුත් දෙවියන් දෙදෙනා පසුබිමින් එලෙසම තිබුණා. දේවදාසියන් සතර දෙනා කෝවිල තුළට ගොස් කුඩා පොල්තෙල් පහන් ගෙන පැමිණියා. එක පෙළට කෙනෙක් පිටුපසින් කෙනෙක් යන ලෙසට දේව රූපය වටා ඔවුනුත් ඉන් පිටුසින් සංගීත වාදක ශිල්පීනුත් දේව රූපය පැදකුණු කළා. මෙම වාදකයන් මෙම මුළු උත්සවය පුරාම නොනවත්වා තම වාදන භාණ්ඩ වැයූ අතර නිල් ගැන්වුණු මුහුණ සහ පිම්බුණු කම්මුල් ඒ මහන්සියේ සාක්ෂියක් වුණා. අපගේ කන් වල තත්වයද එහිදී සඳහන් කළ යුතුයි! ඒකස්වර ගුමු ගුමුවත්, දෙවිවර බටනලා රාවයත්, හොරණෑ නාදයත් එකම ස්වරයකට සුසර කර තිබූ බව කීම කොහොම නමුත් සාධරණය. මේ සියල්ල කැටි වීමෙන් නැගුණු සංගීතය එතරම් නරක නැත. නමුත් සීබ්‍රාවෙකු හීලෑ කරනවා සේ හක් ගෙඩියේ ශබ්දය සුසර කළ නොහැක. මෙවැනි හක් ගෙඩි දෙකක්, කෙට්ටු වුණත් ශක්තිමත් වයසක මිනිසුන් දෙදෙනෙකු විසින් අනුකම්පාවක් නොමැති ලෙසට තම ඔළුව පද්දමින් එකට පිඹින විට, ඒ ශබ්දය ගාලගෝට්ටිය හා එක් වුණ විට, ඕනෑම මොහොතක යමෙකුට හිසේ කරකැවිල්ල ඇතිවීම හෝ සමහර විටෙක දිව්‍යඥානය පහළවීම සිදුවිය නොහැකි නොවේ.

Hindu Dancing Girl, Ceylon photographed by Skeen & Co.



පැහැදිලිවම දැන් උත්සවයේ උච්චතම ස්ථානයට එළඹ ඇති හැඩයි. වාදකයන් කෝවිල තුළට ඇතුල් වීමෙන් පසු ඔවුන් වැයු රාවය බියජනක ලෙස දෝංකාර දුන්නා. එය මහජනයාගේ ඉක්මන් පැමිණීමට සංඥාවක් වුණා. අපිත් සෙනග මැදින්  ඇදෙද්දී ශිව දෙවියන් ගවයා පිටින් ඉවතට ගෙන ඡත්‍ර යටින් උසුලාගෙන ගොස් පෙර අවස්ථාවක කී එළිමහන් පරිශ්‍රයේ පැත්තක වූ පිළිමගෙයක් ඉදිරියේ වේදිකාවක වඩා හිඳුවා ඒ ඉදිරියෙන් වූ කඩතුරාවකින් වසනු ලැබුවා. එවෙලෙහි ක්ෂණික ගරුසරු ඇති නිශ්ශබ්දතාවයක් පැවතුණා. කඩතුරාවට පිටිපසින් වූ පූජකතුමන් (අප සිටි තැනට එය බලන්නට හැකි වුණා) අවසන් වරට කෙරෙන පූජාවක් ලෙසට පළතුරු, මල් සහ සඳුන් පූජා කොට අතු පහකට බෙදුණු කපුරු ලාම්පුවක් අවසන් වරට දල්වන්නට වුණා. මේ දල්වන්නට යෙදුණු කපුරු වලින්ද අනෙක්වා මෙන් යමක් සංකේතවත් වෙනවා. ආලෝක එළි පහින් නිරූපණය වන්නේ පංචස්කන්ධයයි. කිසිඳු අවශේෂයක් ඉතිරි නොකර කපුරු දැල්වෙන විට පංචස්කන්ධයද එලෙසට දෙවියන්ට පූජාවී කිසිවක් ඉතිරිනොකර ක්ෂය වී අතුරුදහන් වී යනු ඇති බව ඉන් කියවෙනවා. අවසන් කපුරු කැටයද දැවී අහවර වන විට කඩතුරාව පසෙකට දැමුණා. ගිනිදැල් ආලෝකයට දීප්තිමත් වෙමින් පූජාසනයේ ශිව දෙවියන් වඩා හිඳිමින් සිටිනු දක්නට ලැබුණා.

Indian Vel Festival Procession Colombo



පූජා කටයුතු එලෙසට අවසන් වුණා. පූජකතුමන් මිනිසුන් අතරේ පූජාවන් බෙදා දුන්නා. පන්දම් නිවා දැමුණා. මිනිත්තු කිහිපයකින් මාද නවාතැන කරා වීදි අතරින් පියමැන්නේ මා තාමත් සිටින්නේ 19වන සියවසේ නූතන ලෝකයකදැයි පුදුම වෙමින්.


- නිමි -

එඩ්වඩ් කාපෙන්ටර්ගේ ලංකා සංචාරය මෙතකින් නිමාවට පත්වේ. ඉන්දියානු සංචාරය පිළිබඳ දැන ගැනීම උදෙසා මුල් කෘතිය කියවන්න. ස්තූතියි.




“ආදම්ගේ ශිඛරය මතින් එලිෆන්ටා ගුහා වෙත – ලක්දිව සහ ඉන්දියාවේ රූප සටහන්” : එඩ්වඩ් කාපෙන්ටර්

සත්වන පරිච්ඡේදය : හින්දු දෙවොලක රාත්‍රී උත්සවයක්.


From Adam’s Peak To Elephanta : Sketches in Ceylon and India by Edward Carpenter

CHAPTER VII: A NIGHT-FESTIVAL IN A HINDU TEMPLE.


Most people are sufficiently familiar now-a-days, through Oriental exhibitions and the like, with the dress and bearing of these Devadasis, or servants of God. "They sweep the temple," says the author of Life in an Indian Village, "ornament the floor with quaint figures drawn In rice flour, hold the sacred light before the god, fan him, and dance and sing when required." ''In the village of Kelambakam," he continues, " there are two dancing girls, Kanakambujam and MInakshi. K. is the concubine of a neighboring Mudelliar, and M. of Appalacharri the Brahman. But their services can be obtained by others." 

I will describe the dress of one of the four present on this occasion. She had on a dark velveteen tunic with quite short gold edged sleeves, the tunic almost concealed from view by a very handsome scarf or sari such as the Indian women wear. This sari, made of crimson silk profusely ornamented with gold thread, was passed over one shoulder, and having been wound twice or thrice round the waist was made to hang down like a petticoat to a little below the knee. Below this appeared silk leggings of an orange color; and heavy silver anklets crowned the naked feet. Handsome gold bangles were on her arms (silver being usually worn below the waist and gold above), jewels and bell-shaped pendants in her nose and ears, and on her head rose-colored flowers pinned with gold brooches and profusely in woven with the plaited black hair that hung down her back. The others with variations in color had much the same costume.

To describe their faces is difficult. I think I seldom saw any so inanimately sad. It is part of the teaching of Indian women that they should never give way to the expression of feeling, or to any kind of excitement of manner, and this in the case of better types leads to a remarkable dignity and composure of bearing, such as is comparatively rare in the West, but in more stolid and ignorant sorts produces a most apathetic and bovine mien. In the case of these nautch women circumstances are complicated by the prostitution which seems to be the inevitable accompaniment of their profession. One might indeed think that it was distinctly a part of their profession—as women attached to the service of temples whose central idea is that of sex — but some of my Hindu friends assure me that this is not so : that they live where they like, that their dealings with the other sex are entirely their own affair, and are not regulated or recognised in any way by the temple authorities, and that it is only, so to Speak, an accident that these girls enter into commercial relations with men—generally, it is admitted, with the wealthier of those who attend the services — an accident of course quite likely to occur, since they are presumably good-looking, and are early forced into publicity and out of the usual routine of domestic life. 

All the same, though doubtless these things are so now, I think it may fairly be supposed that the sexual services of these nautch girls were at one time a recognised part of their duty to the temple to which they were attached. Seeing indeed that so many of the religions of antiquity are known to have recognised services of this kind, seeing also that Hinduism did at least incorporate in itself primitive sexual worships, and seeing that there is no reason to suppose that such practices involved any slur in primitive times on those concerned in them—rather the reverse—I think we have at any rate a strong prima-facie case. It Is curious too that, even to-day, notwithstanding the obvious drawbacks of their life, these girls are quite recognised and accepted in Hindu families of high standing and respectability. When marriages take place they dress the bride, put on her jewels, and themselves act as bridesmaids ; and generally speaking are much referred to as authorities on dress. 

Whatever, however, may have been the truth about the exact duties and position of the Devadasis in old times, the four figuring away there before their gods that night seemed to me to present but a melancholy and effete appearance. They were small and even stunted in size, nor could it be said that any of them were decently good-looking. The face of the eldest—It was difficult to judge their age, but she might have been twenty—was the most expressive, but it was thin and exceedingly weary ; the faces of the others were the faces of children who had ceased to be children, yet to whom experience had brought no added capacity.

These four waifs of womanhood, then, when the procession stopped, wheeled round, and facing the god approached him with movements which bore the remotest resemblance to a dance. Stretching out their right hands and right feet together (in itself an ungraceful movement) they made one step forward and to the right ; then doing the same with left hands and feet made a step in advance to the left. After repeating this two or three times they then, having first brought their finger points to their shoulders, extended their arms forward towards the deity, inclining themselves at the same time. This also was repeated, and then they moved back much as they had advanced. After a few similar evolutions, sometimes accompanied by chanting, they wheeled round again, and the procession moved forwards a few yards more. Thus we halted about half a dozen times before we completed the circuit of the temple, and each time had a similar performance.

On coming round to the porch what might be called the third act commenced. The platform of the bull and the god Siva was—not without struggles—lowered to the ground so as to face the porch, the other two gods being kept in the background ; and then the four girls, going into the temple and bringing forth little oil-lamps, walked in single file round the image, followed by the musicians also in single file. These latter had all through the performance kept up an almost continuous blowing and their veined knotted faces and distended cheeks bore witness to the effort, not to mention the state of our own ears ! It must however in justice be said that the drone, the flageolet, and the trumpets were tuned to the same keynote, and their combined music alone would not have been bad ; but a chankshell can no more be tuned than a zebra can be tamed, and when two of these instruments together, blown by two wiry old men obdurately swaying their heads, were added to the tumult, it seemed not impossible that one might go giddy and perhaps become theopneustos, at any moment.

The show was now evidently culminating. The entry of the musicians into the temple, where their reverberations were simply appalling, was the signal for an inrush of the populace. We passed in with the crowd, and almost immediately Siva, lifted from the bull, followed borne in state under his parasol. He was placed on a stand in front of the side shrine in the forecourt already mentioned ; and a curtain being drawn before him, there was a momentary hush and awe. The priest behind the curtain (whom from our standpoint we could see) now made the final offerings of fruit, flowers and sandalwood, and lighted the five-branched camphor lamp for the last time. This burning of camphor is, like other things in the service, emblematic. The five lights represent the five senses. As camphor consumes itself and leaves no residue behind, so should the five senses, being offered to God, consume themselves and disappear. When this is done, that happens in the soul which was now figured in the temple service ; for as the last of the camphor burned itself away the veil was swiftly drawn aside—and there stood the image of Siva revealed in a blaze of light.

The service was now over. The priest distributed the offerings among the people ; the torches were put out ; and in a few minutes I was walking homeward through the streets and wondering if I was really in the modern world of the 19th century.


ලක්දිව ගමන් සටහන් පිටු අංක: 51

Comments