The Great Buddhist Temple at Kandy

කළුවාත් අපිත් එක්ක මහනුවර නගරයට ආවා.  ඊට පස්සෙ අපි හැමෝම ගියා මහනුවර තියන බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වුණු දළදා මාලිගාවට. එතැන තමයි බෞද්ධයන්ට මාහැඟි වටිනාකමක් තියන බුදු රජාණන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කරලා තියෙන්නේ.



The entrance to temple of the tooth Kandy (ca. 1910) [Image Courtesy: www.lankapura.com ]


මහනුවර බෞද්ධ මහා විහාරය

මෙතන වාස්තු විද්‍යාත්මකව නම් විශේෂ දෙයක් නැහැ. ඒත් උද්‍යානයේ, පිළිමගේ, ආවාසවල, පුස්තකාලයේ, පොකුණුවල, යනාදි මේ වගේ දේවල්වල තියන පෞරාණික මුහුණුවර නම් සිත්ගන්නා සුළුයි. මෙහෙ ඉන්න පූජනීය ලෙසින් සලකන මත්ස්‍යයන්ට, ඉබ්බන්ට එහෙම මෙතනට එන ශ්‍රද්ධාවන්තයන්ගෙන් කෑම ලැබෙනවා. පාපිෂ්ඨයන් නිරයේදි විඳින අපා දුක් ග්‍රාම්‍ය ලෙස බිතු සිතුවම් කරල තියනවා. අපේ මධ්‍යකාලීන යුගයේදී මීට සමාන තේමා ඔස්සේ කරපු නිර්මාණ වගේ නෙවෙයි කියන්න බැහැ.

Kandy Temple photographed by Skeen & Co. [Image Courtesy: www.imagesofceylon.com ]


දන්ත ධාතූන් වහන්සේ

පූජනීය පිළිමගෙයි දොරවල් හදලා තියෙන්නේ ඇත්දළ සහ රිදී ආලේප කරලා. පඬු කහ පැහැ සිවුරු හැඳි යතිවරු ඉතා විශාල යතුරක් රැගෙන පැමිණියා දොර හරින්න. නමුත් ඊට ප්‍රථමව එතුමන්ලා එය ඉදිරිපස ඇති විවෘත අංගනයේදී ඔවුන්ගේ පා දෝවනය කරගත්තා. බෙර සහ හොරණෑ හඬ මැද්දේ විසිරුවා හැරෙන මල් අතරේ තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ.

Relic of the tooth of the Buddha [Image Courtesy: http://www.sridaladamaligawa.lk]


Sir James Emerson Tennent
(ca. 1830)
© National Portrait Gallery,
London


පිළිමගෙයි ඇතුල් ගැබේ, ශක්තිමත් යකඩ දඬු දෙකක් පිටිපස්සේ සීනුවක් හැඩැති මැණික් එබ්බ වූ රන් ආවරණයක; අනුක්‍රමිකව තැබූ බාහිර ආවරණ (කරඬු) හයෙන් පසු අවසානයට අභ්‍යන්තරයේ තිබූ  ආවරණයක (කරඬු); දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කර තිබුණා. (එමර්සන්ගේ ටෙනන්ට්ගේ වාර්තාවට අනුව මෙය අඟල් දෙකක් පමණ දිගයි.  කිඹුල් දතක් වගේලු!) බුදුරදුන්ගේ ඉතා කුඩා රන් සහ පළිඟු පිළිරු ඒවාටම වෙන්වූ කුඩා පූජාසනයන් මත තැන්පත් කොට තිබුණා. මේ සියල්ලකටම වඩා සිත් ඇද ගන්නේ අතින්ම ලියූ පැරණි පුස්කොළපොත් ඇති පුස්තකාලයයි*.





Library and Lake, Kandy (ca. 1882) photographed by Skeen & Co. [Image Courtesy: www.imagesofceylon.com]

ඉපැරණි පුස්කොළ පොත් සහ පුස්ථකාලාධිපති හිමිනම

තලගසේ ගොබය යොදාගෙන සකස් කරගත්ත පුස්කොළ පත් ඉරු මත විසිතුරු ලෙස ලියවෙන සිංහල, පාලි, සංස්කෘත ආදී වූ අක්ෂරයන් කදිම නිමාවකින් දීප්තිමත් වෙනවා. මේ පත් ඉරු, ගෙවී ගිය රිදී පැහැයක් ලෙසට ආලේප කරවූ කවරයට මැදිව සේද රැහැනකින් බැඳ තැබෙනවා.

Sinhalese Writing in Ola Leaf photographed by Skeen & Co. [Image Courtesy:Threeblindmen Photography Archive - Ceylon Memory Project]


මෙහි වියපත් පුස්තකාලාධිපති හිමිනම බෞද්ධ හිමිවරු අතරින් ගන්න පුළුවන් වැදගත් ප්‍රිය මනාප නිදර්ශකයක්. ආචාරසම්පන්න බව, ප්‍රඥාවත් බව, සහ නහරයටම කාවැදුණු ශ්‍රද්ධාසම්පන්න හැඟීම එතුමන්ගේ චරිතය තුළින් පැහැදිලිව විද්‍යමාන වෙනවා. පුස්කොළපොත් සහ විවිධාකර ලේඛන පිළිබඳ එතුමන් කතාකළේ බොහොම උනන්දුවෙන්.


Librarian Buddhist Monk at Kandy with palm leaf manuscript book in lap (ca. 1886) photographed by Scowen & Co. [Image Courtesy: www.lankapura.com ]

 

කනගාටුවට කාරණය වෙන්නේ බෞද්ධ හිමිවරුන් පිළිබඳ වැඩි දෙයක් පොදුවේ කියන්න බැරි වීමයි. මොකද ලංකාවේ බොහෝවිට දකින්න ලැබෙන ඉන්න හිමිවරු කොහොම නමුත් අඳබාල අපිරිසිදු බුලත් හපන ඒවගේම බොහෝ සිත් නොගන්න පෙනුමකින් යුතු අයයි.




[අනුවාදක සටහන:

-* මෙය එකල බිසෝ උල්පැන්ගේ වූ අතර බ්‍රිතාන්‍යයන් නගරය අල්ලා ගැනිමෙන් පසු ඔවුන් එයට උඩුමහලක් එක් කර පුස්තකාලයක් ලෙස භාවිතා කරන ලදී. 

]



“ආදම්ගේ ශිඛරය මතින් එලිෆන්ටා ගුහා වෙත – ලක්දිව සහ ඉන්දියාවේ රූප සටහන්” : එඩ්වඩ් කාපෙන්ටර්

දෙවන පරිච්ඡේදය : මහනුවර හා පිටිසර ජීවිතය



From Adam’s Peak To Elephanta : Sketches in Ceylon and India by Edward Carpenter

CHAPTER II: KANDY AND PEASANT LIFE

Then Kalua came on with us to Kandy, and we went to see the great Buddhist temple there, the Devala Maligawa, which contains the precious tooth-relic of Buddha.

Architecturally nothing, the temple is interesting for the antique appearance of its gardens, shrines, priests' cottages, library, fishponds, etc. ; sacred fish and turtles coming to be fed by the pious; rude frescoes of the infernal torments of the wicked, not unlike our mediaeval designs on similar subjects ; the sacred shrine itself with ivory and silver doors ; the dirty yellow-stoled priests arriving with huge keys to open It, but first washing their feet In the forecourt ; the tomtoms and horns blowing ; flowers scattered about ; and then the interior chamber of the shrine, where behind strong bars of iron reposes a golden and bell-shaped cover, crusted with jewels —the outermost of six successive covers, within the last of which is the tooth Itself (reported by Emerson Tennent to be about two inches long, and probably the fang of a crocodile !) ; then the little golden and crystal images of Buddha in various little shrines to themselves ; and, most interesting of all, the library with its old MS. books written on strips of talipot palm leaf, beautifully done In Cinghalese, Pali, Sanskrit, etc., illuminated with elegant designs, and bound by silk cords in covers of fretted silver. The old librarian priest was a charming specimen of a Buddhist priest—gentle, intelligent, and apparently with a vein of religious feeling in his character—and spoke with interest about the various texts and manuscripts. It is a pity that so much cannot be said of the Buddhist priests generally, who are as a rule—in Ceylon at any rate—an ignorant, dirty, betel-chewing and uninviting-looking lot.



ලක්දිව ගමන් සටහන් පිටු අංක: 13




Comments