Cinghalese Devil Dancing

කළුවා නම් ඔහුගේ ජාතියේ අනෙක් සමහර මිනිස්සුන්ට වඩා ලෝකෙ දැකපු කෙනෙක්. ඒ වගේම ඔහුට ඉඳ හිට ඉඩ ප්‍රස්ථාවක් ලැබෙනවා අමතර පොඩි මුදලක් වුණත් උපයගන්න. ඔහු වයස අවුරුදු 12ක 13ක කාලයේ පටන්ම යක් නැටුම් වල නටනවා. පෙනෙන හැටියට ඔහුගේ පියා තමයි ඔහුව ඊට යොමු කරලා තියෙන්නේ.

යක් නැටුම්

පන්සල් වල නටලා ඔහු යම් මුදලක් ලබා ගන්නවා. ඒත් දැන් නම් හාමුදුරුවරුන්ට ඔහු එච්චර කැමැත්තක් නෑ වගේ. ඒ වගේම ඔහුට පන්සල් ගැන දැන් විශ්වාසයකුත් නෑ.

Singhalese Devil Dancers photographed by Skeen & Co. [Image Courtesy: www.imagesofceylon.com ]
 

මේ යක් නැටුම** ආදිවාසික උඩරැටියන්ගේ යක්ෂ වන්දනාවක නෂ්ටාවශේෂයක් වෙන්න ඕනා. යටිගිරියෙන් කෑගසමින්, වියරු වැටුණු හැසිරීමෙන්, අමනුෂ්‍යය ආත්ම සතුටු කරවීමක්, එහෙම නැතිනම් ලෙඩක් දුකක් පළවා හැරීමක් සිද්ධ කරනවා. මේක නම් ඉතා දරුණු රංගනයක්. නැට්ටුවෝ ටික (සාමාන්‍යයෙන් දෙන්නෙක්) අරුම පුදුම ඇඳුම් ආයිත්තම් වලින් සැරසිලා. තාලයට අනුරූපව උච්චතම අවස්ථාවක කරන ඔවුන්ගේ අසාමාන්‍ය පැනිලි, කරණම්, උඩු පිනුම් සහ අඩ පිනුම් පෙළ, අත්පොළසන් හඬත් යටිගිරියෙන් කරන කෑගැසීම් සහ බෙර හඬත් එක්ක එක්කාසු වෙනවා. මෙය විනාඩි 20ක් තිස්සේ නොකඩවා නවත්වන්නේ නැතුව සිදු කරගෙන යනවා.


Devil Dancers Group [Image Courtesy: www.imagesofceylon.com ]
 

මේකෙ අන්තිමට, ප්‍රේක්ෂකයන්ගෙයි නැට්ටුවන්ගෙයි ආවේගය තීව්‍ර වෙන අවස්ථාවේ, ලෙඩෙකු ඉන්නවනම් මට නම් විශ්වාසයි ඔහු මැරෙනවා, නැතිනම් හොඳටම සනීප වෙනවා! මේ දූපතේ බුදු දහම ව්‍යාප්ත වුණු කාලයේ මෙවැනි පැරණි ඉදිරිපත් කිරීම් බෞද්ධ ආයතන එක්ක සංයුක්ත වුණා.

Devil Dancers, Colombo photographed by Plâté & Co. [Image Courtesy: Benita Stambler]

කළුවා සහ කිරා

අවුරුදු දෙක තුනකට කලින්,  ප්‍රසිද්ධ සර්කස් කරුවෙක් වෙන හැගන්බෙක්,*** ලංකාවෙ උඩරට නර්තන කණ්ඩායමක් එක්ක යුරෝපානුවන් උදෙසා ස්වදේශික නර්ථනාංගයක් ඉදිරිපත් කළා. කළුවාත් එහි සාමාජිකයෙක්. එතැන් ඉඳලා අපේ මේ මිත්‍රයාට පරණ ගැමි ජීවිතය නීරස වේගන ගිහින්. සහසුද්දෙන්ම කියන්න පුළුවන් ඔහු දැන් ජීවත් වෙන්නේ බටහිර සභ්‍යත්වයේ සිහිනයන් එක්ක කියලා.

A poster for the Hagenbeck’s great Ceylon Exhibition, held at the Royal Agricultural Hall during July 1886. [Image Courtesy: The Archives FB Page - John Hagenbeck & Ceylon]



කළුවා බොහොම හැඩි දැඩි ලෙස වැඩුණු පුද්ගලයෙක්. බොහොම ක්‍රියාශීලියි, ඒ වගේම ශක්තිවන්තයි. වයස අවුරුදු 28ක් වගේ ඇති. ජිරාෆයෙක්ගෙ වගේ ළාමක සිංහල ඇස් දෙකක් තියෙන්නේ. එයාලා හැමෝටම වගේ තියන ආචාරසම්පන්න ටිකක් බයාදු ගතියකුත් පෙන්වනවා. ඔහුගේ කලු කොණ්ඩය බොහෝ විට තියෙන්නේ ඔළුව පිටිපස්සේ දඟර ගැසූ ගැටයක් විදිහට. ඔහුගේ වර්ණවත් සරම දරාගෙන සිටින අරුමෝසම් බඳපටිය, කරමතින් දැමූ සාළුව වගේ දෙවල් එක්ක බලනකොට ඔහු බොහොම කඩවසම් කියන්න පුළුවන්.










කිරා නම් බොහොම කෙට්ටු, කයින් වගේම මනසිනුත් දුර්වල පුද්ගලයෙක්. ඒත්  ඔහුව වෙලා ගත්තු හුරතල් ගතියකට අනෙක් අයගේ හිත් තදින් ස්පර්ශ කරන්න පුළුවන්. ඔවුන්ට ඥාති බෑණාවරුන් දෙන්නෙක් හිටියා පිනා සහ පුංචා කියලා. මං ඔවුන්ව වරක් හෝ දෙවරක් දකින්න ඇති. බොහොම දීප්තිමත් ප්‍රියමනාප කොලු ගැටැව් දෙන්නෙක්. උන් දෙන්නා බොහොම උත්සුක වුණා ඉංග්‍රීසි වචන කෑලි, වාක්‍ය කෑලි, අරුම පුදුම බටහිර ලෝකයේ අදහස් උදහස් කිහිපයක් අපෙන් අහුලගන්න.


"මේ සා දැවෙන උනන්දුව, ඔවුනට දිගන්තය තුළින් නැගෙන අරුණෝදයේ ආරම්භයක්ම වෙනු ඇති. එහෙත්, අහෝ! එයින් ඔවුන්ගේ නොකෙලෙස් සුන්දරත්වය සහ සරලකම සහමුලින්ම සුනුවිසුණු වී යනු ඇත."


Musical & Dancing Team, Ceylon photographed by Skeen & Co. [Image Courtesy:Threeblindmen Photography Archive - Ceylon - Archival Pictures]


[අනුවාදක සටහන:

**- පැරණි ඡායාරූප ගත් කල්හී, එකල සියලුම සිංහල නර්තනයන් නම් කොට ඇත්තේ "Devil Dance" නමිනි. 

***- මෙහි කාල වකවානුව අනුව "හැගන්බෙක්" යනු දෙහිවල සත්ව උද්‍යානයේ ප්‍රාරම්භකයා වූ ජෝන් හැගන්බෙක් නොව මානව සත්ව උද්‍යානයන් නිර්මාණය කල කාර්ල් හැගන්බෙක් වේ.

]



“ආදම්ගේ ශිඛරය මතින් එලිෆන්ටා ගුහා වෙත – ලක්දිව සහ ඉන්දියාවේ රූප සටහන්” : එඩ්වඩ් කාපෙන්ටර්

දෙවන පරිච්ඡේදය : මහනුවර හා පිටිසර ජීවිතය



From Adam’s Peak To Elephanta : Sketches in Ceylon and India by Edward Carpenter

CHAPTER II: KANDY AND PEASANT LIFE

Kalua has seen rather more of the world than some of his people, and has had opportunities of making a little money now and then. It appears that at the age of twelve or thirteen he took to " devil-dancing "—probably his father set him to it. He danced in the temple and got money ; but now-a-days does not like the priests or believe in the temples. This devil-dancing appears to be a relic of aboriginal Kandian demon-worship : the evil spirits had to be appeased, or in cases of illness or misfortune driven away by shrieks and frantic gestures. It is a truly diabolical performance. The dancers (there are generally two of them) dress themselves up in fantastic array, and then execute the most extraordinary series of leaps, bounds, demivolts, and somersaults, in rhythmical climaxes, accompanied by clapping of hands, shrieks, and tom-tomming, for about twenty minutes without stopping, by the end of which time the excitement of themselves and spectators is intense, and the patient—if there is one—is pretty sure to be either killed or cured ! When the Buddhists came to the island they incorporated these older performances into their institutions. Some two or three years ago however Hagenbeck, of circus celebrity, being in Ceylon engaged a troupe of Kandians—of whom Kalua was one—to give a native performance for the benefit of the Europeans ; and since that time the old peasant life has palled upon our friend, and it Is evident that he lives in dreams of civilisation and the West. Kalua is remarkably well-made, and active and powerful. He is about twenty-eight, with the soft giraffe-like eyes of the Cinghalese, and the gentle somewhat diffident manner which they affect ; his black hair is generally coiled in a knot behind his head, and, with an ornamental belt sustaining his colored skirt, and a shawl thrown over his shoulder, he looks quite handsome. KIrrah is thinner and weaker, both mentally and physically, with a clinging affectionateness of character which Is touching. Then there are two nephews, Pinha and Punjha, whom I have seen once or twice — bright nice-looking boys, anxious to pick up phrases and words of English, and ideas about the wonderful Western world, which is beginning to dawn on their horizon—though alas ! it will soon destroy their naked beauty and simplicity.



ලක්දිව ගමන් සටහන් පිටු අංක: 11

Comments