Preface - From Adam’s Peak To Elephanta

තමන්ගේ රට ගැන රටේ මිනිස්සු ගැන පොතක් ලියන්න කියලා කාට හරි කිව්වහම එයා ඒක වැඩක් නැති වැඩක් කියලා අත ඇරියත්, ඒ දේම ඒ විදිහට කෙටි මාස කීපෙකට විතරක් හිටපු ආගන්තුක දේශයක් ගැන කරන්න කිව්වහම සාමන්‍ය සංචාරකයෙක් විදිහට එයා ඒක කරන්නේ බොහොම සන්තෝසෙන්.

Edward Carpenter photographed by Frederick Hollyer (ca. 1890) © Victoria and Albert Museum, London

පූර්විකාව

අපි මොනා හරි දෙයක් ගැන පොඩ්ඩක් දන්න තරමට, අපිට ඒක ගැන හරි ලේසියෙන්, හරි පහසුවෙන්, ලියන්න කියන්න පුළුවන්. මේ කතාව ඊට හොඳ නිදසුනක් කියලයි මම හිතන්නේ. මොනවා හරි දෙයක් ඉස් ඉසල්ලම දකිනකොට හිතට එන පළමු හැඟීමේ ලොකු වටිනකමක් තියනවා කියලා කියනවනේ. මේ කතාවටත් ඒක අදාළයි කියලා මම විශ්වාස කරනවා. ඔව්, එතැනදි ඉක්මන් බැල්මෙන් ගොඩාක් දේවල් මග හැරෙන්න පුළුවන් තමයි. ඒත් පස්සෙ වෙලාවක දැක බලාගෙන ආයාසයක් අරන් මතක තියාගන්නවට වඩා හොඳට මේ වගේ බැල්මකදි පැහැදිලිව දිගු කාලයක් යම් යම් දේවල් මතකයේ රඳව ගන්න පුළුවන්.

මෙතැන ඉඳන් ඉස්සරහට ඇදෙන හැම පිටුවක් ගානෙම මං නිරන්තරෙන්ම උත්සහ ගත්තේ, මා දුටු දේම, මා ඇසූ දේම විතරක් සටහන් කරලා තියන්න. හිතේ සැකේට තීරණ තීන්දු නොගෙන ඉන්න. යුරෝපෙ (රුසියාව රහිතව) වගේ විශාලත්වයක් තියන; නානාප්‍රකාර මිනිස්සු, භාෂාවන්, ආගම් සහ සිරිත් විරිත් තියන, ඉන්දියාව වගේ දේශයක් ගැන හිතුවොත්, එක ඉසව්වකින් මුළු රාජ්ජේ ගැනම කියත හැකි කියලා බරපතල වැරදි වැටහීමක් ඇති කරගන්න එක බොහොම ලේසියි. ඒක හන්දා මං විශේෂයෙන්ම මේ කියවන ඇත්තන්ට කියන්නේ, ඔය මුළාවෙ නම් වැටෙන්න යන්න එපා. ඒ විතරක් නෙවෙයි යම් යම් තැන් වලදි මාත් ඔය මුළාවෙ වැටිලයි කියල හිතන්නත් එපා.

ලංකාවෙදීත් ඉන්දියාවෙදීත් මං ලබාගත්ත සැබෑ අත්දැකීම් ගැන හිතුවොත්, මං හිතන්නේ මං ගොඩක් වාසනාවන්තයි. මොකද මගේ ස්වදේශික හිතමිතුරන්ගේ කාරුණික සහයෝගෙන් මට ඉඩක් ලැබුණා සාමාන්‍යයෙන් සුද්දෙකුට යන්න නොලැබෙන දෙයක් වෙච්ච, සාම්ප්‍රදායික දේශිය ඉගැන්වීම් කව හඳුනා ගන්න. ඒ හන්දම දකුණු ඉන්දියාවෙ ගුප්ත ආගම් පිළිබඳ කතා ආදියත් දැන කියාගන්න මට හැකියාවක් ලැබුණා. ඒ විතරක් නෙවෙයි හින්දු උත්සව වගේ එව්වයෙ පිටුපස කෙරෙන කාර්‍ය භාරය ගැන සිත්ගන්නා සුළු ක්ෂණයන් පවා මතකයට එක් කරගන්න මට අවස්ථාවක් ලැබුණා.

ස්වදේශික සමාජයේ සියලුම තල වලින්; ඉහළම තලයේ ඉදන් පහළම තලය දක්වා, විවිධ පුද්ගලයන් දැනහැඳින ගන්නට, හිතමිතුරන් ඇතිකරගන්නට මං සෑහෙන වාසනාවන්ත වුණා. ඒ වගේම කියන්න ඕනෙ, ප්‍රාදේශියවත් මතුපිටිනුත් විවිධ වෙනස්කම් කිසිම සැකයකින් තොරව පැහැදිලිව පේන්න තිබුණත්, ලෝකයේ මේ කොටසේ ඉන්න ජනතාවගේ මා දුටුව හරස් පැතිකඩ මට බොහොම සහතිකව ඒත්තු ගැන්නුවා, සියලු දෙනාම මනුෂ්‍යත්වයට එකඟවෙමින් වැඩ කරන එක ඉතා අත්‍යවශ්‍ය දෙයක් කියලා.

දැනට ඉන්දියාවේ සිද්ධවෙන දර්ශනීය සමාජ පරිවර්තනය, යුරෝපයේ සිට සමාජවාදය හදාරන ඒ ගමන් මඟක යන ඕනෑම කෙනෙකුට මහත් උනන්දුවක් ඇති කරවන්නක්. ඉදිරියටත් තව එය උනන්දුව වැඩි කරවාවි. ඒත් ඉන්දියාව ගන්නා සමාජවාදී ගමන් මග අපගේ වගේ නෙවෙයි වුණත් ඒ ක්‍රියාවලිය කුතුහලය දනවන ලෙස එකමයි. ඉදිරි වර්ෂ වල පවා අප්‍රතිහතව නොනැසී පැවතීගෙන යා හැකි ලෙස ආර්ථික පෙරළියන්ගෙන් අනුබලය ලබාගෙන ඇති නිසා එය නම් ඉතා ඉක්මනින් අභාවට යයි කියා හිතන්නට බෑ.

ස්වභාවික හා සාමන්‍ය ජන ජීවිතයේ මං බලාපොරොත්තු නොවූ අනපේක්ෂිත ප්‍රාණවත්භාවයක්, මාගෙ ආභිප්‍රාය ප්‍රථමයෙන් එය නොවුණත් මාව පොළඹවාගත්තේ, මෙම කෘතිය පුරාවටම ඒ ප්‍රාණවත්භාවයේ දර්ශනය වර්ණනා කරවගන්න. මෙහි එන රූපක සටහන් බොහොමයක් ලබාගත්තේ අනර්ඝ ඡායාරූප සපයන්නන් වන කොළඹ ස්කොවන් සහ සමාගම, බොම්බායේ බෞන් සහ ශෙපර්ඩ් ස්ටුඩියෝව, හා රයිගේට් හී ෆ්‍රාන්සිස් ෆ්‍රිත් සහ සමාගමෙනුයි.


නොවැම්බර් 1892
ඊ. සී. (එඩ්වඩ් කාපෙන්ටර්)




“ආදම්ගේ ශිඛරය මතින් එලිෆන්ටා ගුහා වෙත – ලක්දිව සහ ඉන්දියාවේ රූප සටහන්” : එඩ්වඩ් කාපෙන්ටර්



From Adam’s Peak To Elephanta : Sketches in Ceylon and India by Edward Carpenter

PREFACE

If asked to write a book about his own country and people a man might well give up the task as hopeless — yet to do the same about a distant land in which he has only spent a few months is a thing which the average traveler quite cheerfully undertakes. I suppose this may be looked upon as another illustration of the great fact that the less one knows of a matter the easier it is to write or talk about it. But there is, it is sometimes said, a certain merit of their own in first impressions ; and I trust that this may appear in the present case. Certainly though there are many things that are missed in a first glance there are some things that stand out clearer then than later.

In the following pages I have tried to keep as far as possible to the relation of things actually seen and heard, and not to be betrayed into doubtful generalisations. It is so easy in the case of a land like India, which is as large as Europe (without Russia) and at least as multifarious in its peoples, languages, creeds, customs, and manners, to make the serious mistake of supposing that what is true of one locality necessarily applies to the whole vast demesne, that I must specially warn the reader not only against falling into this error himself, but against the possibility of my having fallen into it in places.

As far as actual experience of life in Ceylon and India is concerned I have perhaps been fortunate ; not only in being introduced (through the kindness of local friends) into circles of traditional teaching which are often closed against the English, and in so getting to know something of the esoteric religious lore of South India ; but also in obtaining some interesting glimpses behind the scenes of the Hindu ceremonial. I have too had the good luck to find friends and familiar acquaintances among all classes of native society, down almost to the lowest ; and I must say that the sectional view I have thus obtained of the mass-people in this part of the world has made me feel with renewed assurance the essential oneness of humanity everywhere, notwithstanding the very marked local and superficial differences that undoubtedly exist.

The spectacle of the social changes now taking place in India is one that is full of interest to anyone who has studied and taken part in the Socialistic movement at home ; and the interest of it is likely to increase. For though the movement in India is not the same as that at home, it forms a curious counterpart to the latter ; and being backed by economic changes which will probably persist for years to come is not likely to die out very soon.

For the rest the book must rely on the description of scenes of nature and of ordinary human life, whose unexpected vividness forced me to portray them—though to begin with I had no intention of doing so. The illustrations are many of them taken from the excellent photographs of Messrs. Scowen of Colombo, Messrs. Bourn of Bombay, and Messrs. Frith of Reigate.

Nov. 1892.                                                                                 E. C. (Edward Carpenter)



ලක්දිව ගමන් සටහන් පිටු අංක : III



Comments