Population Composition of Colombo

මේ වීදි හා මාවත් දිගේ උඩහට පහළට යනකොට, මේ වැව දිගේ යනකොට, මේ මුහුදු වෙරළ දිගේ යනකොට, වරාය වේදිකාවට නැව් තටාකයට යනකොට, සෑහෙන්න වෛවාරණ සෙනඟක් මුණ ගැහෙනවා. හිතා ගන්න පුළුවන්ද? සිංහලයන් හා දෙමළුන් තමයි අනිවාර්යයෙන් බහුල වශයෙන් ඉන්නේ. ඒත් ඊට අමතරව "මහොමෙඩාන්වරුන්", මෙහෙ කියන විදිහට නම් මරක්කලයන් (මුවර්), ඒ වගේම මැලේ අයත් යම් තරමකට දකින්න ඉන්නවා.


Many Faces of Ceylon photographed by Skeen & Co. [Image Courtesy: www.imagesofceylon.com ]

කොළඹ ජන සංයුතිය

ලංකාවේ ඉන්න ඉංග්‍රීසීන්, වර්ග තුනකට බෙදන්න පුළුවන්. ඒ ඉංග්‍රීසි නිලධාරීන්, වැවිලිකරුවන් හා සුළු ව්‍යාපාරිකයින් ලෙසට (දුම්රිය මාර්ග සේවකයන් හා අනෙකුත් කර්මාන්ත සේවකයන්ද ඇතුළුව). ඒ වගේම "ඇන්ග්ලිකන්" වුණු උසස් පෙළපත් වලින් ආපු ස්වදේශික දමිළයන් හා සිංහලයන්ද  ඉන්නවා. සමහරක් අය නිලධාරි තානාන්තරවලත් නියැලෙනවා. ඒ අය සෑහෙන්න, යුරෝපීය ඇඳුම් පැළඳුම්, හුරුපුරුදු, පිළිඅරන් වැඩ කරනවා. "ඇන්ග්ලිකන්" නොවුණු, තමන්ගේ ඇවතුම් පැවතුම්, ඇඳුම් පැළඳුම්, එලෙසටම පවත්වාගෙන ගිය සිංහලයන් හා දමිළයන්, පොදු ස්ථාන වල දකින්න ටිකක් අමාරුයි. ඕලන්ද යුරේශියානුවන් බොහෝ දෙනෙක් වෛද්‍යවරුන් හරි සොලිසිටර්වරුන් (පෙරකදෝරුවරුන්) හරි බවට පත් වෙලා. පෘතුගීසීන් නම්  බොහෝ විට කරන්නේ කුඩා පරිමාණ වෙළඳාම්.



British Staff at their Headquarters in Colombo (ca. 1900) [Image Courtesy: www.imagesofceylon.com ]

ඇඳුම් පැළඳුම් සහ කල්ක්‍රියාව

ඇතැම් වෙලාවට කොළඹත්, ලංකාවෙ ඕනෑම තැනකත් දකින්න තියන මේ සියලුම නිදර්ශකයන්ගෙන්; එනම් ඔවුන්ගේ ඇති වෛවාරණ ඇඳුම් පැළඳුම් වල තරාතිරම්, ඒ වගේම අඩු ප්‍රමාණයෙන් ඇඳුම් ඇඟලන ස්වරූපය, ඒ නගරයේ නමට ගෞරව පූර්වක ආවේණිකත්වයක් එක් කරනවා.

Moor Men photographed by Skeen & Co. (ca. 1900) [Image Courtesy: www.imagesofceylon.com ]
 

උදාහරණයක් විදිහට, තෘණ වර්ගයකින් ගොතපු උස තුර්කි තෝප්පියක් (ෆෙස් තෝප්පි) දාගත්තු මේ ලොකු මරක්කලයට, එල්ලෙන පිම්බුණු සුදු කලිසමක්, ඉහළට නෙරවූ සපත්තු, ඇඟ ලා වැසුණු බැනියමක්, උරහිස මතින් දැමූ රතු පැහැ සාළුවක් තිබුණා. (ඔහු නම් පේන විදිහට ලොකු කඩකාරයෙක් වගේ. ප්‍රියමනාප මුහුණක් නම් තිබ්බේ නෑ. ඒත් මට දැනගන්න ලැබිච්ච විදිහට "මහොමෙඩාන්වරුන්" කෙළින් ගනුදෙනු කරන, වචනෙට ගරු කරන කට්ටියක් කියලා ප්‍රසිද්ධියක් තියෙනවා.)


Native Sinhalese Toddy Drawer photographed by Skeen & Co. [Image Courtesy: www.lankapura.com ]
 

මේ රතට හුරු තලඑළළු පැහැ සිංහල මිනිහෙක්. පපුවේ මයිල්. අමුඩයක් විතරයි ඇඳන් ඉන්නේ. ලණුවකින් බැඳපු මැටි මුට්ටියක් උස්සාගෙන යනවා. හිතෙන හැටියට නම් ඒ තමයි රා. (ඔහු පිටිසර ගැමියෙක්. සිංහලයො සාමාන්‍යයෙන් ඒ පාට. දෙමළුන් නම් කළුවට හුරුයි. කුලයෙන් ඉහළට යද්දි ටිකෙන් ටික රට වෙරළු පාට වගේ යන්තම් ලා පැහැ වෙනවා.)

Singhalese (two in left ) and Tamil Man (right) (ca. 1900) [Image Courtesy: www.imagesofceylon.com ]
 

තවත් සිංහලයෙක් මුළුමනින්ම සුදු ඇඳගෙන. සුදු කපු කංචුකයක්, දණ හිසෙන් පහළට එල්ලා වැටෙන සුදු වස්ත්‍රයක් (සරමක්), කැස්බෑ පොත්තෙන් හැදූ කදිම අර්ධකවාකාර පනාවක් ඔහුට තිබ්බා. ඇදී ගිය නහයත්, උල්වූ තොලත් එක්ක අසාමන්‍ය බවක් සැර පරුෂ බවක් පෙන්වනවා. (බාග වේලාවට පෞද්ගලික සේවකයෙක් වෙන්න ඇති. එහෙම නැතිනම් රජගෙදර සුළු නිලධරයෙක්. ඒත් නැතිනම් ආරච්චි කෙනෙක්. මේ පනාව පහතරට සිංහලයන්ගේ වැදගත් සංකේතයක්. ඔළුව උඩින් කොණ්ඩේ  පිටිපස්සට පීරලා හරස් අතට පනාව ගහනවා. එතකොට නිකන් අසම්පූර්ණ ඔටුන්නක් වගේ. අගිසි දෙක හිසට උඩින් පේන්න තියන හන්දා ඉස්සරහින් බැලුවම අං දෙකක් වගේ. පිටිපස්සෙන් කොණ්ඩේ තදට ගැටයක් බැඳලා එහෙම නැතිනම් පිටට වැටෙන්න ඔහේ දිග ඇරලා තියනවා. මෙයාට නම් තියෙන්නෙ දුර්වල මූණක්. ඒත් සම්මතයක් විදිහට සිංහලයෝ ගොඩක් බුද්ධිමත් කියල තමයි කියන්නේ. එයාලා ඉතා දක්ෂ වඩු ශිල්පියො ලෙසට ප්‍රසිද්ධයි. ඒ වගේම යාන්ත්‍ර ශිල්පයටත් දක්ෂයි. සාමාන්‍යයෙන් ගත්තොත් සංවේදීයි කියන්න පුළුවන්, ඒවගේම ප්‍රෞඩයි.)


Chetty Men photographed by Plate & Co. (ca. 1900) [Image Courtesy: www.imagesofceylon.com ]
 

මෙතන දුසිමක් හෝ ඊට වඩා වැඩි ගණනක් හෙට්ටියෝ (දමිළ ව්‍යාපාරික කුලය) පේන්න ඉන්නවා. සමහරක් අය හිස මුළුමනින්ම මුඩු කරගෙන, තවත් අය අඩක් මුඩු කරගෙන. සුදු මස්ලින් රෙද්ද මටසිළුටු පිරුණු බාහු දෙක වටේට ලස්සනට ඇඳලා. දුඹුරු සම, නළලේ සලකුණු කරපු පුණ්‍ය ලකුණ, කටේ පිරුණු රත් බුලත් විට, මුහුණේ දකින්න තියන අධික ධන තෘෂ්ණාව, මේ හැම දෙයක්ම එයාලගෙ දකින්න පුළුවන්. [අනුවාදක සටහන: දෙපසින් උල් සහිත හිස් වැස්මක් පැළඳි ඇඳුම සම්පූර්ණයෙන්ම මීට වෙනස් වූ තවත් Colombo Chetty නම් හෙට්ටියන් වර්ගයක් ද සිටී.]


Coolie (ca. 1900) photographed by L.A. Beurteaux
 

දමිළ කුලීකාරයන් ("කූලි") ගත්තොත්, හිස වටා බැඳි ලේන්සුව හැරෙන්නට ටිකක් නග්න වුණත්, ඔපවත් කලු සමක් හා කෘශ සිරුරක් හිමි සුන්දර රූපයක්.


Group of Young Girls from Ceylon in Traditional Dress photographed by H.W. Cave & Co. (1921) [Image Courtesy: www.vernoncorea.wordpress.com ]
 

මේ ඉන්නේ කුඩා සුරුබුහුටි අවුරුදු නමයක වගේ ගෑනු දරුවෙක්. ඇය කුඩා සොහොයුරෙක් එක්ක ගමනක් යනවා. කරවටා නිල් පබළු මාලයක්, සාමාන්‍ය සුදු කපු සැට්ටයක් හා සිංහල ස්ත්‍රීන්ගේ වර්ණවත් චීත්තයක් ඇය හැඳගෙන ඉන්නේ.

බ්‍රිතාන්‍යයන් සහ යුරේශියානුවන්

මෙන්න "ට්වීඩ්" ඇඳුම් ඇඳපු ටෙනිස් සපත්තු දාපු ඉංග්‍රීසි මහත්තුරු දෙන්නෙක් ඉතා පරිස්සමින් කුඩ ඉහළාගෙන එනවා. පෙනෙන හැටියට නම් වැවිලිකාරයෝ. බොහොම තරුණයි. ඒත් හරිම ඔතෑනියි. මේ ඇස් වල දිස්වෙන චංචල අස්ථීර ස්වභාවය වැවිලිකරුවන් අතර අසාමාන්‍ය දෙයක් නෙවෙයි. මම දැනටමත් ඒ බව අවුරුදු 18ක නිකං කොලු ගැටයෙකුගේ දෑස් වලත් හොඳටම දැක්කා.


Burghers in Ceylon (ca. 1890) [Image Courtesy: www.burghersuk.com ]

මෙතන චාම් යුරෝපියානු ඇඳුම් වලින් සැරසුණු තරුණ යුරේශියානු දැරියන් තුන් දෙනෙක් ඉන්නවා. ඔවුන් වියූ හිස්වැසුම් වලින් සැරසිලා. කෙනෙක් කොණ්ඩය නිදහසේ ලිහා දමලා. තව කෙනෙක් කොණ්ඩා වැටිය පිටුපසින් වැටෙන්නට ගැට ගසලා. හරිම ලස්සනයි. (දවසේ රස්නෙ කාලෙ පහු වෙලා හන්දා එයාලා ගාලු මුවදොර මුහුද අයිනේ සක්මන් පථයෙ ඇවිදින්න වගේ යන්නේ.)



Two British Ladies Riding the Jin-Rickshaws in Ceylon (ca.1880) [Image Courtesy: www.lankapura.com ]

මේ බොහොම සකසීරුවට හැඳ පැළඳගත්තු තරුණ ඉංග්‍රීසි ආර්යාවක්. ටිකක් කම්මැලිකමෙන් වගේ ඉන්නේ. ඈ ඇගේ සැහැල්ලු අස්ස කරත්තය පදවමින් සාප්පු සවාරියේ යනවා. ඇගේ පිටුපසින් කලු කොලුගැටයෙක් සිටගෙන ඇයට හිරු ආවරණයක් අල්ලාගෙන ඉන්නවා.

රික්ෂෝ රථයක සිටිනා ටොමි ඇට්කින්ස්

Jin-Rickshaw (1875) [Image Courtesy: www.imagesofceylon.com ]
 

කොළඹ දකින්න තියන එක විශේෂ ලක්ෂණයක් තමයි ජින් රික්ෂෝ රථ. [අනුවාදක සටහන: ජින් රික්ෂෝ යනු ජපාන යෙදුමකි ( ජින් = මිනිස්, රිකි = බලය, ෂා = රථය ) අනෙකුත් රටවල් පොදුවේ රික්ෂෝ යන වදනෙන් මෙය හඳුන්වයි.] ඒක මිනිස්සු අදින සැහැල්ලු රෝද 2ක් සහිත රේස් කරත්තයක්. මේවා වීදි වල බහුලව දැක ගන්න පුළුවන්. අදින්නේ දමිළ මිනිස්සු, ඉන් බහුතරයකටම තට්ටේ. ඔවුන් තමන්ට තියන සැහැල්ලුම ඇඳුම ඇඳගෙන, හිරු මුදුන් වෙලාවේ ඊට පිට දීලා, පාවහනුත් නැතිව, ඉතාම අඩු ගාස්තුවකට ඔබව ඇදගෙන, කොළඹ එක කොනක ඉඳලා අනෙක් කොනට යන හැටි හරිම ආශ්චර්‍යයක්.

"ටොමී ඇට්කින්ස්ට" නම් මේ වෙහෙස වෙලා වැඩ කරන කල්ලාගේ පිටිපස අහංකාර ලීලාවෙන් යන එන එක හරි විනෝදයක්. [අනුවාදක සටහන: ටොමී ඇට්කින්ස් යනු බ්‍රිතාන්‍ය හමුදාවේ සාමාන්‍ය සෙබළෙකු හඳුන්වන්නට යොදන ග්‍රාම්‍ය ව්‍යවහාරයකි] සන්ධ්‍යාවන් වල ඔහු එක් ජින් රික්ෂෝවකත්, ඔහුගේ යුරේශියානු පෙම්වතිය තවත් ජින් රික්ෂෝවකත්, ගාලු මුවදොර හොටලයට හෝ දුරස්තර, වැල්ලේ පිහිටි, මුහුදු රැළි ඇසෙන මානයේ වූ, තවත් නිවාඩු නිකේතනයක් කරා යනු ඔබට දැක ගන්න පුළුවන්.




“ආදම්ගේ ශිඛරය මතින් එලිෆන්ටා ගුහා වෙත – ලක්දිව සහ ඉන්දියාවේ රූප සටහන්” : එඩ්වඩ් කාපෙන්ටර්

පළමු පරිච්ඡේදය : කොළඹ



From Adam’s Peak To Elephanta : Sketches in Ceylon and India by Edward Carpenter

CHAPTER I : COLOMBO

Up and down these streets and roads, and by the side of this lake, and along the seashore and through the quays and docks, goes, as may be imagined, a most motley crowd. The Cinghalese and the Tamils are of course the most numerous, but besides these there are Mahomedans—usually called Moor-men here—and some Malays. The English In Ceylon may be divided into three classes : the official English, the planters, and the small trading English (including employees on railway and other works). Then there are the anglicised native gentry, Cinghalese or Tamil, some of whom occupy official positions, and who largely adopt European dress and habits ; the non-anglicised ditto, who keep to their own ways and costume, and are not much seen in public ; the Dutch Eurasians, many of whom become doctors or solicitors (proctors) ; and the Portuguese, who are frequently traders in a small way.

Specimens of all these, In their different degrees of costume and absence of costume, may be seen in Colombo, as Indeed In almost any place In Ceylon which can be dignified with the name of a town.

Here for Instance is a great big Moor-man with high fez of plaited grass, baggy white pants and turned-up shoes ; a figured vest on his body, and red shawl thrown over one shoulder. [He is probably a well-to-do shopkeeper ; not an agreeable face, but I find the Mahomedans have a good reputation for upright dealing and fidelity to their word.]

Here a ruddy-brown Cinghalese man, with hairy chest, and nothing on but a red loin-cloth, carrying by a string an earthenware pot, probably of palm beer. [A peasant. The Cinghalese are generally of this color, whereas the Tamils tend towards black, though shading off in the higher castes to an olive tint.]

Another Cinghalese, dressed all in white, white cotton jacket and white cloth hanging to below the knees, with elegant semicircular tortoise-shell comb on his head ; a morbidly sensitive face with Its Indrawn nose and pouting lips. [Possibly a private servant, or small official of one of the courts, or Arachchi. The comb Is a great mark of the low country Cinghalese. They draw the hair backwards over the head and put the comb on horizontally, like an incomplete crown, with its two ends sticking up above the forehead—very like horns from a front view ! The hair is then fastened in a knot behind, or sometimes left hanging down the back. This is a somewhat feeble face, but as a rule one may say that the Cinghalese are very intelligent. They make excellent carpenters and mechanics. Are generally sensitive and proud.]

Here come two Englishmen In tweed suits and tennis shoes—their umbrellas held carefully by the middle — apparently of the planter community, young, but rather weedy looking, with an unsteady, swimmy look about the eyes which I fear is not uncommon among the planters ; I have seen it already well-developed in a mere boy of eighteen.

Here a dozen or so of chetties (a Tamil commercial caste), with bare shaven and half-shaven heads, brown skins, and white muslins thrown gracefully round their full and sleek limbs ; the sacred spot marked on their foreheads, red betel in their mouths, and avarice in their faces.

There a Tamil coolie or wage-worker, nearly naked except for a handkerchief tied round his head, with glossy black skin and slight yet graceful figure.

Here a pretty little girl of nine or so, with blue beads round her neck, and the usual white cotton jacket and colored petticoat or cilai of the Cinghalese women, walking with a younger brother.

Here three young Eurasian girls in light European costume and straw hats, hair loose or in pigtails down their backs, very pretty. [They are off for a walk along the Galle Face promenade by the sea, as the heat of the day is now past.]

Here also an English lady, young and carefully dressed, but looking a little bored, driving in her pony-trap to do some shopping, with a black boy standing behind and holding a sunshade over her.

One of the features of Colombo are the jinrickshaws, or light two-wheeled gigs drawn by men, which abound in the streets. These Tamil fellows, in the lightest of costumes, their backs streaming under the vertical sun, bare-legged and often bareheaded, will trot with you in a miraculous way from one end of Colombo to the other, and for the smallest fee. Tommy Atkins delights to sit thus lordly behind the toiling "nigger." At eventide you may see him and his Eurasian girl—he in one jinrickshaw and she in another—driving out to the Galle Face Hotel, or some such distant resort along the shore of the many-sounding ocean.




ලක්දිව ගමන් සටහන් පිටු අංක : 4

 

Comments