Gulf of Suez and Red Sea

සුවස් නගරය කියන්නේ පටු මංමාවත් ඇති ජරාවාස වෙච්ච කුඩා තැනක්. තට්ටු දෙකේ ගලින් තැනූ නිවාස බොහෝ දකින්න පුළුවන්. සමහරක් ඒවයෙ ඉදිරිපස ලී කැටයම්, ඒ වගේම ඉහළ මාලෙ වැඩ දමාපු ගරාදි වැටවල්. මං හිතන්නෙ මෙව්වයේ කාන්තාවො වාසය කරනවා.

Port Tewfik Al Suez, Egypt (Suez Port) photographed by Hippolyte Arnoux


සුවස් සමුද්‍රවංකය හා රතු මුහුද

පාරේ හමුවන කිහිප දෙනෙක්ට ප්‍රසන්න මුහුණක් තිබ්බට ගොඩක් අය මැර පාටයි. ඒත් "සේඩ්" තොටුපළ තරම්ම නරක නෑ. එහෙ නම් ඉන්නේ තෝරු මෝරු වගේ කපටි මිනිස්සු. නමුත් මේ තැන් දෙකම අරාබිකාරයන්ටයි, මිසර දේශයේ ගොවියන්ටයි, සංකර මිනිස්සුන්ටයි, යුරෝපීය මිනිස්සුන්ටයි, තැරැව් කාරයන්ටයි, සංචාරක මග පෙන්වන්නන්ටයි, බූරුවන් දක්කන කොල්ලන්ටයි පාරදීසයක්. ඒ වගේම ප්‍රාචින දේශයේ සාම්ප්‍රදායිකම ඇඳුම් වල ඉඳන් නිවැරදිම ඉංග්‍රීසි ක්‍රමයේ ඇඳුම් දක්වාම, හැම පාටකම ඇඳුම්, ඒවගේම විකාර සංකර ඇඳුම් මේ තැන් දෙකේම දැක බලගන්න පුළුවන්.

මඟීන් ගොඩට යන විදිහ, තරුණ නෝනලා කළුපාට බෝට්ටුකාරයන්ගේ බෙල්ලෙ එල්ලිලා යන විදිහ, බුරුවන් දක්කන කොල්ලන් කෑගහන විදිහ, මේ හැම දෙයක්ම, බලන් ඉන්න අපිට නම් හරිම හාස්‍යජනක දර්ශනයක්. බූරුවන්ගේ නම් තමා නම්.

"මේ මිස්ටර් බ්‍රැඩ්ලාෆ්. මහත්මයා ඌ හරිම හොඳ බූරුවෙක්."

"මිසිස් ලැන්ට්‍රි", "ලන්ඩනයේ ආදිපාද"

“Boy in Suez” (Port Said, Egypt) photographed by Hippolyte Arnoux © Basel Mission Archives

සන්තෝසම් අල්ලස් නිසාවෙන් කෙරෙන බිහිසුණු දබර, කපටකමින් නගරෙන් ඈත තියන නිවාසවලට ගෙන ගිහිල්ල පස්සේ නරක විදිහට කෙරෙන අවමාන තර්ජන, නැව පිටත්වෙනවා කියන නිවේදනය ඔන්න මෙන්න තියලා නැවට ගෙනියන්න බෑ කියන බෝට්ටුකාරයො, මේ හැම දෙයක්ම මේ තැන් දෙකේම අඩුවක් නැතුව තියනවා. සුවස් නගරයේ, එතැන ඉඳන් පටන් අරන් කයිරෝ නගරයට දුවන දුම්රිය මාර්ග තිබුණත්, සුවස් නගරයට එයාලටම කියලා කුඩා තවලමකුත් මුහුදුබඩ වෙළඳාමුත් තියනවා. ඇළමාර්ගෙ අනික් කොනේ තියන සහෝදර නගරයට නැති, පුරාතන වැදගත්කමක් සුවස් නගරයට තිබ්බා යයි සලකනවා.

අපි දැන් සුවස් බොක්කෙන් ඈතට ගිහිල්ල ඉන්න හන්දා මුහුද නම් ගැඹුරුයි, නිල්ම නිල් පාටයි, හරිම ලස්සනයි. ඉවුර දිගේ තියන ගල් පර්වතයි, කඳු පව්වයි නොදැමුණු මුඩු බවක් එක් කරනවා. සමහර තැන් වල සැර රත් වර්ණයක් දකින්න පුළුවන්.

රතු මුහුදේ වම් බාහුව හෙවත් සුවස් බොක්ක සැතපුම් 150 විතර දිගයි. හැබැයි මම හිතන්නේ නෑ කිසිම තැනක සැතපුම් 20කට වඩා පළල් ඇති කියලා. සමහර තැන් ඊටත් වඩා පළලින් අඩුයි. අපි, ඉදිරියට නෙරපු තුඩු ටිකයි දූපත් ටිකයි ඉතා ළඟින් පහු කරගෙන ආවා. ඒ ටික තිබ්බේ අපට බටහිරින්. විශාල ගල් පර්වත තියන ගිරිකඳුරු සම්පූර්ණයෙන්ම වගේ ගස්කොළන් වලින් රහිතයි. නැගෙනහිරින් වෙන්න සැතපුම් 10ක් වගේ ඈතින්, ඒත් පැහැදිලිව, "සීනායි" කන්දේ හුදකලා සීමාවෙදි, "ජෙබෙල් සර්බල්" කඳු මුදුන දකින්න පුළුවන්. පේන විදිහට  අඩි 5,000ක් 6,000ක් වගේ උසයි. ගිරිකුළු සහිත නොදැමුණු බවක් පෙන්වන්නවා. බොහෝ ගල් කූටයන් කඳු මුදුනෙදි ගිනි ඌෂ්ණයට පැළුණු විවර වුණු බවක් පෙන්වනවා. තවත් එහාට තව කඳු මුඳුන් දැක ගන්න පුළුවන්. එයින් එකක් තමයි "ජෙබෙල් මූසා".

Two arms of Red Sea and Mountains of Sinai Peninsula

මේක නම් ඉතාමත් අපූර්ව දේශයක්. දුරදක්නයක් පිහිටට ගත්තොත් බොහෝ තැන් පැහැදිලිව දැක ගන්න පුළුවන්. ලිහිල් වැලිතලා, විශාල ප්‍රදේශයක් ඔස්සේ සැතපුම් ගණන් විහිදෙනවා. කඳු පාදමට එරෙහිව සුළං ඛාදනයෙන් සේදි ගිය ප්‍රදේශ හැර අනෙක් ප්‍රදේශ බොහොම හොඳින් මට්ටම් වෙලා. මේ තැනිතලා හරහා උස අඳුරු කුළුණු වගේ බියකරු වැලි කුණාටු සුළං සුළි හෙමෙන් හෙමෙන් ගමන් කරන හැටි පැහැදිලිව දැක ගන්න පුළුවන්.

ඉන්දියන් සාගරය - ඔක්තෝබර් 25.

දැන් නම් හොඳට සීතලයි. ඒත් රතු මුහුදේ ඉන්නකොට නම්, නැව් කුටියේ උෂ්ණත්වය 90°ක් විතර. ඔව් ඇත්තටම එතනදි ග්‍රීෂ්මෙ කියන්නෙ සිත් අලවන මාතෘකාවක්. හැමෝම වගේ දාඩිය පිහිදනවා. පංකාවන් ටිකත් උපරිම වේගෙන් සෙලවුණා. මම නම් හිතන්නේ එතැන වතුර නිතරම වගේ ෆැරන්හයිට් 90°ට ළං වෙනවා. සමහරක් වෙලාවට 95°යි. ඒත් මෙහෙ නම් හරිම සිසිලයි. පේන හැටියට 60°ට වඩා යන්නේ නෑ. එහෙම බැලුවොත් එතනයි මෙතනයි අතර ලොකු වෙනසක් තියනවා.

රතු මුහුදේ නම් තියෙන්නේ ඔළුව විකාර කරවන දේශගුණයක්. හැම තිස්සේම වගේ වෙරළෙන් එන දූවිල්ල නිසා එන තුනී මීදුම. ඒත් එක්කම අධික වාෂ්පීකරණය හන්දා වාතයත් හරිම තෙත් ගතියයි. එල්ලලා තියන ඇඳුම් ඉක්මන්ට තෙත් වෙනවා. ඒවගේමයි සැර පින්න. ගිනියම් රස්නෙන් ඇතිවන පීඩනයට පස්සේ එන සුළඟ සමහර වෙලාවට සෑහෙන්න වැඩී. එහෙම වුණොත් නැවට ආපහු හැරිල යන්න වෙනවා සුළඟට විරුද්ධ අතට. එහෙම කලත් තුවාලකාරයො සහ මරණ කියන්නේ දුර්ලභ දෙයක් නෙවෙයි.

Map of Bab-el-Mandeb Strait

රතු මුහුදේ සැතපුම් 200ක් විතර තියන පළලයි, තුනී මීදුමයි හන්දා වෙරළෙ එච්චර දෙයක් කියල බලන්ට ලැබෙන්නේ නෑ. ගල් සහිත දූපත් ටිකකුයි, අපි කිසිම දෙයක් නොදන්න කැත ගල්පර සෑහෙන ගානකුයි පසු කරගෙන ගියා විතරයි අපි දැක්කේ. "බෑබ්-එල්-මන්ඩේබ්" සමුද්‍රසන්ධිය කුතුහලය දනවන තැනක්. "පෙරිම්" දූපත හා අරාබි භූමි ප්‍රදේශය අතර තියන ගමන් මඟ හරිම පටුයි. පළල සැතපුම් එකක් දෙකක් විතරයි. අරාබියේ මිටි කඳුපෙළ අඩි 3,000ක් 4,000ක් විතර උසයි වගේ පේන්නේ. ඒවගේම එහෙ ප්‍රංශ බලකොටුත් දකින්න පුළුවන්. "පෙරිම්" දූපත ගත්තොත් ඒක වටකුරු පහත් බිමක්. ඉංග්‍රිසි කොටුවක් ප්‍රදීපාගාරයක් තිබ්බට අඳුරු අවලස්සන තැනක්. තෙතමනය හන්දා මිටි කුඩා "හෙදර්" ගස් නම් වැවිලා තියනවා. බලකොටුව වටේට වාහන වගේ කූඩාරම් සහිත ස්වදේශික නගරයක් දකින්න පුළුවන්. ඉංග්‍රීසීන් කිහිප දෙනෙකුත් හිටියා. මසුන් අල්ලන, යාත්‍රා කරන, කුඩා බෝට්ටු වෙරළ දිගට දකින්න තිබුණා.

Perim Island Lighthouse

අරාබි දකුණු වෙරළ දිගේ නැගෙනහිරට හැරෙනකොට සුවස් බොක්කෙත් දකින්න තිබුණ අර එපා කරපු භූමිය ආයෙ දකින්න පුළුවන්. අඛණ්ඩ දූවිලි වලාවක් ඒ හරහා ගමන් කරමින් තිබුණා. ඒ වුණත් ඕනම කෙනෙකුට ඊට එපිටින් වැලිතලා සහ උස වියළි කඳුමුඳුන් පැහැදිලිව දකින්න පුළුවන්. මොනවා වුණත් මේ කලාපයේ සමහර කොටස් වල ජලය තියෙන්න හැකියාවක් තියනවා. මොකද ලෝකයේ ජනප්‍රියම කෝපි "මෝචා" වුණත් හැදෙන්නේ මේ කලාපයේ (යෙමනය) හන්දා.





“ආදම්ගේ ශිඛරය මතින් එලිෆන්ටා ගුහා වෙත – ලක්දිව සහ ඉන්දියාවේ රූප සටහන්” : එඩ්වඩ් කාපෙන්ටර්

පළමු පරිච්ඡේදය : කොළඹ



From Adam’s Peak To Elephanta : Sketches in Ceylon and India by Edward Carpenter

CHAPTER I : COLOMBO

Gulf of Suez.—The town of Suez is a tumbledown little place, narrow lanes and alleys ; two storied stone houses mostly, some with carved wooden fronts, and on the upper floors lattice-work, behind which I suppose the women abide. Some nice-looking faces in the streets, but a good many ruffians ; not so bad though as Port Said, where the people simply exist to shark upon the ships. In both places an insane medley of Arabs, fellahs, half castes and Europeans, touts, guides, donkey-boys, etc., and every shade of dress and absurd hybrid costume, from extreme Oriental to correct English ; ludicrous scenes of passengers going on shore, ladies clinging round the necks of swarthy boatmen; donkey-boys shouting the names of their donkeys — " Mr. Bradlaugh, sir, very fine donkey," " Mrs. Langtry," " Bishop of London," etc. ; fearful altercations about claimed baksheesh ; parties beguiled into outlying quarters of the town and badly blackmailed ; refusals of boatmen to take you back to the ship while the very gong of departure is sounding ; and so forth. Suez however has a little caravan and coasting trade of its own, besides the railway which now runs thence to Cairo, and has antique claims to a respectability which its sister city at the other end of the canal cannot share.

Now that we are out in the gulf, the sea is deep blue, and very beautiful, the rocks and mountains along the shore very wild and bare, and in many parts of a strong red color. This arm of the Red Sea is about 150 miles long, and I think not more than 20 miles wide at any point ; in some places it is much less. We pass jutting capes and islands quite close on the west of us—great rocky ravine cut masses absolutely bare of vegetation. On the east—apparently about 10 miles distant, but very clear—stands an outlying range of Sinai—Jebel Sirbal by name—looks about 5,000 or 6,000 feet high, very wild and craggy, many of the peaks cloven at the summit and gaping as if with the heat ; farther back some higher points are visible, one of which is probably Jebel Musa. A most extraordinary land ; at some places one can discern —especially with the aid of a glass—large tracts or plains of loose sand, miles in extent, and perfectly level, except where they wash up In great drifts against the bases of the mountains. Across these plains tall dark columns can be distinguished slowly traveling—the dreaded sand-clouds borne on eddies of the wind.

Indian Ocean, Oct, 25th.—Much cooler now. In the Red Sea, with thermometer at 90° in the cabins, heat was of course the absorbing topic. Everybody mopping ; punkahs in full swing. I believe the water there frequently reaches 90° F., and sometimes 95°; but here it is quite cool, probably not much over 60°, and that alone makes a great difference. It is a queer climate in the Red Sea: there seems to be always a haze, due to dust blown from the shores ; at the same time the air is very damp, owing to the enormous evaporation, clothes hung up get quite wet, and there are heavy dews. When the wind is aft the oppression from the heat is sometimes so great that ships have to be turned back and steamed against the breeze ; but even so casualties and deaths are not uncommon. Owing to the haze, and the breadth of the Red Sea which is as much as 200 miles in parts, little is seen of the shores. A few rocky islands are passed, and a good many awkward reefs which the passengers know nothing of. The Straits of Bab-el- Mandeb are curious. The passage between the Island of Perim and the Arabian mainland is quite narrow, only a mile or two wide ; tossed wild-looking hills on the mainland, 3,000 or 4,000 feet high, with French fortifications. The island Itself lower and more rounded, with English fort and lighthouse ; but looking very black and bare, though owing to the moisture there is some kind of stunted heathery stuff growing on it. There are a few English here, and a native town of waggon-like tents clustered round the fort ; some little fishing and sailing- boats along the shores. Turning eastwards along the south coast of Arabia the same awful land meets the eye as in the Gulf of Suez. A continual cloud of dust flies along it, through which one discerns sandy plains, and high parched summits beyond. There must however be water in some parts of this region, as it is back from here in this angle of Arabia that Mocha lies and the coffee is grown.



ලක්දිව ගමන් සටහන් පිටු අංක: 2







Comments