Colombo - Social Arrangements and Amenities

කොළඹ නම් විනෝද වෙන්න තියන තැන් ප්‍රමාණවත් නැහැ. (ඉන්දියාවේ නගරවලත් එහෙමම තමයි). රඟහලක් තියා ප්‍රසංග ශාලාවක්වත් නෑ. ජන සංඛ්‍යාව ඉතා විශාල වුණත් (120,000) මේ තත්වයට හේතුව පහසුවෙන් වටහාගන්න පුළුවන්. ඒ කියන්නේ මේ හැමෝම එකිනෙකට වෙනස් නානාප්‍රකාර විදිහේ අය හන්දා ඇති පදම් විශාල ජනකායක් මේ තැන්වලට ඒය කියල හිතන්න බෑ. අනික සෑම ස්වදේශික ජාතියකටම ඔවුන්ගෙම කියලා ඔවුන්ට ඕනාකරන විදිහට සැණකෙළි තියනවා.

සමාජ විධිවිධාන හා සුවපහසුකම්


Elphinstone Picture Palace, Colombo (1939) There is another one with the same name in India, Kolkata currently called as Chaplin Cinema. [Image Courtesy: www.madantheatres.com]

මිලියන තුනක් වෙන මුළු ජනගහනයෙන් ගත්තොත්, හමුදාභට පිරිස්ද ඇතුළුව මුළු ලක්දිවටම බ්‍රිතාන්‍යයන් සිටින්නේ 5,000ක් වගේ ඉතා කුඩා ප්‍රමාණයක්. බටහිර සිරිත් විරිත් ඔස්සේ යන යුරේශියානු ජනගහණය එකතු වුණත් පිරිමහන්න බෑ. 

කලාතුරකින් එන සර්කස් කණ්ඩායමක්, අල්ලාගත් වියරු වනසතුන්ගේ ප්‍රදර්ශනයක්, එහෙම නැතිනම් ඔස්ට්‍රේලියාවට යන අතරමඟ ගොඩ වැදෙන දඩාවතේ යන නාට්‍ය කණ්ඩායමක් විතරයි විනෝදවෙන්න කියලා තියෙන්නේ.

Tamil Theatrical Company Ceylon (1907) photographed by Plate & Co.

ඊට අමතරව බොහොම ශක්තිමත් ගැලවීමේ හමුදාවක්, පරමවිඥානාර්ථ සංගමයක්, රාජකීය ආසියාතික සංගමයේ ශාඛාවක්, සහ විවිධ තල නියෝජනය කරමින් නොයෙක් කුඩා කුඩා සමාජ බිහිවෙලා තියනවා. ජන සමාජය නම් ඇත්තටම බොහෝ තලවලට කැඩී බිඳී ගිහිල්ලා. ටික දෙනෙක් හිටියා වුණත් බ්‍රිතාන්‍යයන් පවා කනගාටුදායක ලෙස කල්ලි කණ්ඩායම් විදිහට ඊර්ෂ්‍යාව නිසා බෙදිලා. ඉංග්‍රීසි නිලධාරී පැලැන්තිය සහ ඉංග්‍රීසි දෙවෙනි පැලැන්තිය අතර දරුණු ලෙස දැඩි බෙදීමක් තියනවා (මුළු ඉන්දියාවේමත් මෙය දැකගන්න පුළුවන්). යුරේශියානුවන් අතරෙත් මේ තත්වය ඒ වගේම තමයි. සිංහලයන් හෝ දමිළයන් හෝ සාම්ප්‍රදායික යුරේශියානු පවුල්, වැදගත් නිලධාරි තානාන්තරයක් අත් කරගත්තත්, මැඩලිය නොහැකි දැඩි බවක්, බ්‍රිතාන්‍යයන්ගේ සහ ඔවුන්ගේ ආශ්‍රය තුළ සලකුණු වෙනවා.

"අහා! ඉලන්දාරියා,  උඹ මෙහෙ අවුරුදු තුනක් හිටියනම් ඔය වගේ වැඩක් කරන්නේ නෑ!"

ස්වදේශීය කුලවතෙකුට ඉතා සුහදව අතට අත දී ආචාර කල මගේ තරුණ මිතුරෙකුට වැවිලි කරුවෙකු කිව්වේ එලෙසයි.

ඔයින් මෙයින් සහෝදරකමින් එකට එක්වී එකමුතුව වැජඹෙන පරිසමාප්ත සමාජීය සංකලනයක් හා මිහිරියාවක් මෙහි තවම දක්නට ලැබෙන්නේ නෑ. එහෙම වුණා නම් මෙය ඉතා මනහර දිවයිනක්.

රසවත් සැර සුළඟක්

මේ දූපතේ රමණීයත්වය ගැන කතා කරනකොට කියන්නට ඕනා, මගේ ප්‍රථම ගොඩබැසීමේදි පවා මාව තදින්ම ග්‍රහණය කරගත්තේ රසවත් සැර සුළඟක්. වා තලයම සුවඳ දුමකින් අරක්ගෙන. ඊට තරමක් පුරුදු වන්නට පෙර සති තුන හතරක් යනකන් ඊට මගේ බලවත් අවධානය දිනාගන්න පුළුවන් වුණාට මේ සුවඳට හේතු කාරකය වුණ පැළෑටි විශේෂය හෝ පඳුර මට හොයාගන්න බැරි වුණා. සමහර විට එය කුරුඳු කොළ තලනකොට එන ගන්ධය වගේ වෙන්නත් පුළුවන්. ඒත් මම හිතන්නේ නෑ ඒ සුවඳ එන්නේ එතනින් කියලා.



“ආදම්ගේ ශිඛරය මතින් එලිෆන්ටා ගුහා වෙත – ලක්දිව සහ ඉන්දියාවේ රූප සටහන්” : එඩ්වඩ් කාපෙන්ටර්

පළමු පරිච්ඡේදය : කොළඹ



From Adam’s Peak To Elephanta : Sketches in Ceylon and India by Edward Carpenter

CHAPTER I : COLOMBO

In "places of entertainment " Colombo (and the same is true of the towns in India) is very wanting. There is no theatre or concert-hall. It can be readily understood that though the population is large (120,000), It Is so diverse that a sufficiently large public cannot be found to support such places. The native races have each their own festivals, which provide for them all they require in that way. The British are only few—5,000 In all Ceylon, Including military, out of a population of over three millions ; and even If the Eurasian population—who of course go in for Western manners and Ideals—were added, their combined numbers would be only scanty. An occasional circus or menagerie, or a visit from a stray theatrical company on its way to Australia, is all that takes place In that line.

For the rest there is a Salvation Army, with thriving barracks, a Theosophist Society, a branch of the Royal Asiatic Society, and various other little clubs representing different sections. Society is of course very much broken up Into sections. Even the British, few as they are, are sadly divided by cliques and jealousies ; the line between the official English and the "second-class" English Is terribly severe (as indeed all over India) ; and between these again and the Eurasians. Even where Cinghalese or Tamil or Eurasian families of old standing attain important official positions, an insuperable stiffness still marks the intercourse between them and the British. " Ah ! " said a planter to a young friend of mine who had just shaken hands rather cordially with a native gentleman, "Ah ! my boy, you won't do that when you've been here three years ! " Thus a perfect social amalgamation and the sweetness of brethren dwelling together In unity are things still rather far distant In this otherwise lovely isle.

Talking about the beauty of the Island, I was very much struck, even on my first landing, with Its " spicy gales." The air is heavy with an aromatic fragrance which, though it forced Itself on my attention for three or four weeks before I got fairly accustomed to it, I have never been able to trace to any particular plant or shrub. It is perhaps not unlike the odor of the cinnamon leaf when bruised, but I don't think it comes from that source.



ලක්දිව ගමන් සටහන් පිටු අංක: 7

Comments