Colombo — Its Streets and Picturesque Glimpses

මම ගොඩක් බය වුණේ රතු මුහුදෙදි කාටත් වගේ තිබ්බ කම්මැලිකමයි විඩාවයි, මඟීන්ගෙ කෝපයට නරකට බලපාලා දරුණු භේදයක් ඇතිවෙයි කියලා. ඉන්දියන් සාගරයේ වුණත් හිටපු දවස් හයේම ඔළුව වෙනත් පැත්තකට ගෙනියන්න කියල දේකට තිබ්බේ ඉගිල්ලෙන මාළුයි නැව ඇතුළේ පැතිරුණු කටකතායි විතරයි. ඉතින් මේ හේතුව හන්දා තාල වර්ගයේ ගස් වලින් පිරුණු වෙරළක් තියන ලංකාවට අන්තිමේදි හරි ගොඩබහින්න ලැබුණු එක නම් ලොකු සහනයක්.


Sea Routes and Stopovers in 19th Century - Suez to Colombo - © MUSEUM VICTORIA
 

කොළඹ

ඔබව ගොඩබිමට අරන් යන්න පැමිණෙන, කළුවන් පැහැ පිරිසක් ආම්බාන් කරන, කේඩෑරි වෙච්ච ඔරු, නැතිනම් හරියටම කිව්වොත් කොල්ලෑ ඔරු, ඇත්තටම බොහොම පටුයි. ඒ ඇතුළේ කොහොම ඉඳගන්නද මන්දා!  එව්ව හදලා තියෙන්නේ මැද්ද හාරපු ගස් කඳන් වලින්. සමාන්තර පවුරු 2ක් ඔරුව ඇතුළේ අඟල් 10ක්, අඩියක්, විතර ඈතින් දෙපැත්තේ සවි කරලා, ඒ මත තියන කොට ලෑලි තට්ටුවක තමයි ඉඳගන්න තියෙන්නේ. එක් පැත්තකින් බාහු දෙකක්, අඩි 8ක් වගේ ඔරුවට ඈතින් වතුර මත ඇති කොල්ලෑව දරා සිටිනවා. කොල්ලෑව, මාළුවෙක් වගේ හැඩයකින් යුතු වතුර මත ඉපිලෙන සැහැල්ලු ලීයක්. යාත්‍රාව පෙරළන එක එයින් නවතිනවා. කොල්ලෑව නැතිනම් ඔරුව පෙරළෙනවා සහතිකයි. රුවල් බලෙන් සහ හබල් ගෑමේ බලයෙන් වතුර කපාගෙන වේගෙන් යන ගමන හරිම කදිමයි. ඇත්තට ම ගොඩට යන්න මේ වගේ දුර්වල යාත්‍රාවකම යන්න ඕනැ නෑ. වැදගත් ශිෂ්ටසම්පන්න බෝට්ටු ඕනැ තරම් හොයගන්න පුළුවන්. දුම්නැව් දියත් වෙද්දිත් බෝට්ටු හොයාගන්න ප්‍රශ්නයක් වෙන්නේ නෑ.

Colombo Harbor From The Landing Jetty, Ceylon (1913) [Image Courtesy: www.colombojumbo.com]

අපි දැන් ඇත්තටම ඉන්නේ බොහොම වැදගත් වෙච්ච, කර්‍ය බහුල වෙච්ච නැව්තොටක. පස් අවුරුද්දකට පෙර හදපු මහා කළුගල් දියකඩනය විසින්, එතැන තිබිච්ච නිකන්ම නිකන් නැව්පොළ, ඉඩකඩ ඇති ආරක්ෂාව ඇති මහා නැව්තොටක් බවට හරවලා. කොළඹට වඩා හොඳ තැපැල් හා මගීන් ප්‍රවාහනය කරන තැනක්, දැන් නම් පෙරදිග නැතුව ඇති. කොළඹ කියන්නේ ප්‍රධාන දුම්නැව් ගමන් මඟක, ඒ කියන්නේ ඔස්ට්‍රේලියාවට, චීනයට, ජපානයට, කල්කටාවට, බුරුමයට යන අතරමඟ තියන ප්‍රධාන නැවතුම් ස්ථානයක්. ඒ වගේම තමයි කුඩා මුහුදුබඩ බෝට්ටුත් ඉන්දියානු මහා භූමිප්‍රදේශයේ ඉඳන් මෙතනට යනවා එනවා.


Breakwater Ceremony (ca. 1875) photographed by Skeen & Co. [Image Courtesy: www.imagesofceylon.com]
 

කොළඹ මංමාවත් සහ දර්ශනීය ක්ෂණයන්

කොළඹ නගරයට තියෙන්නේ යුරෝපානු නගරයක ස්වල්ප ඡායාමාත්‍රයක් විතරයි. අනිවාර්යයෙන්ම බලකොටුවක් නම් තියනවා. ඒ වගේම ආණ්ඩුකාර නිවස්නය, පාබල සේනා රෙජිමේන්තු බැරැක්ක ආදියත් (බොහොමයක් තියෙන්නේ උඩරට ප්‍රදේශයේ) දැකගන්න පුළුවන්.

Colombo Harbour, Queen Street, Government House & Post Office [Image Courtesy: lankapura.com]

තට්ටු දෙකේ, ඒ වගේම තට්ටු තුනේත් නිවාස තියන; වෙළඳසැල්, බැංකු, වෙළඳ කන්තෝරු වගේ එවාත් තියන මාවත් දෙක තුනක් තියනවා. හෝටල් කිහිපයක්, විශාල භාණ්ඩ-ඉස්ටෝරු, ප්‍රදීපාගාරයක්, සිංහල දෙමළ කම්කරුවන් සිය ගණනක් පමණ සේවය කරන විශාල ඉංනේරු කර්මාන්ත ශාලාවක් දකින්නත් පුළුවන්. ඉංග්‍රිසි වාසස්ථාන විදිහට දකින්න තියෙන්නෙ ඒවා තමයි. භූමිය නම් සමතලයි. කලින් කිව්ව ස්ථාන ගත්තොත්, ඒ වටා හැම තැනම එළිමහන් තණ පිට්ටනි.

Street Scene Colombo photographed by C.A & Co. [Image Courtesy: lankapura.com]


ගස් පෙළ සහිත පාරවල් දෙපැත්තේ කුඩා අඳුරු තාවකාලික මඩු හරි, කුටි හරි දැකගන්න පුළුවන්. අතරින් පතර, ස්වදේශික කඩමණ්ඩි හා එකිනෙකට ගැට ගැහුණු කුඩා මංමාවත් අවුල් ජාලයක් වගේ. මේවා තුළ නානාවිධ ජීවිතවල ජීවිත කතාව ලියවෙනවා.

Wolvendaal Church, Colombo (ca. 1860) built by the Dutch, during their occupation of the Maritime Province of Ceylon (1656-1796) [Image Courtesy: www.imagesofceylon.com]
 

මේ නම් යුරේසියානුවන්ට අයිති හොඳට හදපු ගෘහයන් තියන, "විලා" තියන වීදියක්. යුරේසියානුවො කියන්නෙ පැරණි පෘතුගීසී ලන්දේසි පදිංචිකාරයන්ගෙන් යම් තරමකට මිශ්‍ර වෙලා පැවත එන අයට.  17 වන සියවසට අයත්  පැරණි ඕලන්ද පල්ලිය වටේට, කුඩා එක තට්ටුවක, කලාතුරකින් තට්ටු දෙකක, බදාම දාලා ගඩොල් වලින් හදාපු ඉස්සරහ ආලින්දයක් තියන, එහි කුඩා විවෘත මිදුලක් තියන ගෙවල් රොත්තක් දැක ගන්න පුළුවන්.

මේ තියෙන්නේ ඉංග්‍රිසි නිලධාරීන්ගේ සහ උසස් ස්වදේශිකයන්ගේ නේවාසික වාසස්ථාන. පරණ කුරුඳු වත්ත කියන්නේ දැන්, ලොකු "විලා", බංගලා සහ පෞද්ගලික භූමි තියන ඉඩමක්. දැන් මෙන්න රෝමානු කතෝලික පල්ලියකුයි කන්‍යාරාමයකුයි පේනවා.

Road Scene, Cinnamon Gardens, Colombo [Image Courtesy: lankapura.com]

එහෙම නැතිනම් පේන්න තියෙන්නේ අස්වාභාවික මුහුණතක් තියන හින්දු කෝවිලක්. හැම තැනම වගේ ගසුයි, මල් ගොමුයි. නගරෙන් එපිටට යන්නට යන්නට පොල් ගස් වලයි කෙසෙල් ගස් වලයි විශාල කොළ වලින් පාරට හොඳ සෙවණක් දෙනවා දකින්න පුළුවන්.

Hindu Temple, Colombo, Ceylon photographed by Skeen & Co (ca. 1880) [Image Courtesy: lankapura.com]

කොළඹ ගැන සඳහන් වෙන ඕනෑම විස්තරයකට නැවුම් ජලයක් තියන වැව ගැන කියන්න අමතක කරන්න බෑ. එය නගරය පුරා නොයෙක් අතට ඇදගැසී පැතිරෙමින් මුහුදෙන් යාර 100ක් ඇතුළත සංකීර්ණ ගමන් ලීලාවක යනවා. මේක නම් ඕනම කෙනෙක් නිරන්තරයෙන්ම පුදුමයට පත් කරන්න පුළුවන් වසඟ කරවන දර්ශනයක්. කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදි ඇස ගැටෙන පිවිසුම හැරුණු කොට වෙනත් මේ වගේ මනරම් දර්ශනයක් නම් මම දන්නේ නෑ. එය වඩාත් ආන්දජනක වුණේ අනපේක්ෂිතව දැක්ක හන්දා වෙන්න ඕනි.



Colombo Club and Lake photographed by Skeen & Co. [Image Courtesy: www.imagesofceylon.com]
 

ආසන වෙන් කරන කාර්‍යාලය පසු කරගෙන ඒ අතරින් ඔබ දුම්රිය වේදිකාවට පැමිණෙන්න ඕනා. දුම්රිය රේල් පාර හැරුණුකොට අනෙක්වා වැව් තාවුල්ලට අයිතියි. වනයෙන් ගැවසීගත්ත ඉවුරු සහ දූපත් අතර විසිරිච්ච විලා ගෘහයන් හා කුටි සහිත අති විශාල ජලජ පරිසරයක් ඔබ ඉදිරියෙන් දිස්වේවි. සුදු රුවල් බෝට්ටු එහාට මෙහාට යනවා. කාල වර්ණයෙන් යුතු පුද්ගලයන් කණ්ඩායමක් ඉණ වටක් ජලයේ බැහැලා රෙදි හෝදනවා. කුඩා දරුවෝ ජලයේ පීනමින් සෙල්ලම් කරනවා.


Natives Washing in the Lake at Colombo (1903) photographed by F. Sternberg [Image Courtesy: lankapura.com]

ප්‍රභාවත් ආකාශ පැහැයන් හා වළාවන් කැඩපතක මෙන් ප්‍රතිබිම්බ නැංවූ නිසසල වැව් තලයක පසුබිමේ නැගුණු, පලා වර්ණයෙන් යුතු කෙසෙල් කොළයක විනිවිද පෙනෙන දාරය අතරෙන් දීප්තිමත් වන සැඳෑ හිරුගේ පෙරබිම.

මා දැක්ක මේ දර්ශනය එක් වරක් පමණක්ම දුටු නිසා, දර්ශනයකට වර්ණයන්ගෙන් වන බලපෑම ඉක්මවන්න වෙනත් දෙයක් නැහැයි කියන්න තියන තවත් එක් උදාහරණයක්.





“ආදම්ගේ ශිඛරය මතින් එලිෆන්ටා ගුහා වෙත – ලක්දිව සහ ඉන්දියාවේ රූප සටහන්” : එඩ්වඩ් කාපෙන්ටර්

පළමු පරිච්ඡේදය : කොළඹ



From Adam’s Peak To Elephanta : Sketches in Ceylon and India by Edward Carpenter

CHAPTER I : COLOMBO

Colombo,—I fear that the Red Sea combined with mutual boredom had a bad effect on the passengers' tempers, for terrible dissensions broke out; and after six days of the Indian Ocean, during which the only diversions were flying-fish outside and scandalmongering inside the ship, it was a relief to land on the palm-fringed coast of Ceylon. The slender catamarans—or more properly outrigged canoes — manned by dusky forms, which come to take you ashore, are indeed so narrow that it is impossible to sit inside them ! They are made of a " dug-out " tree-trunk (see frontispiece), with parallel bulwarks fastened on only lo inches or a foot apart ; across the bulwarks a short board is placed, and on that you can sit. Two arms projecting on one side carry a float or light fish-shaped piece of wood, which rests on the water 8 feet or so from the canoe, and prevents the vessel from capsizing, which it would otherwise infallibly do. Impelled by oars, or by a sail, the boat bounds over the water at a good speed; and the mode of traveling is very pleasant. There is no necessity however to embark in these frail craft, for respectable civilised boats, and even steam launches, abound ; we are indeed in an important and busy port.

A great granite mole, built five years ago, has converted an open roadstead into a safe and capacious harbor, and there is now probably no place In the East better supplied with mails and passenger boats than Colombo. It is the calling place for the great lines of steamers en route for Australia, for China and Japan, and for Calcutta and Burmah, not to mention smaller coasting boats from the mainland of India, and so forth. The city itself has only the slightest resemblance to a European town. There is a fort certainly, and a Government House, and barracks with a regiment of infantry (part of whom however are generally up country); there are two or three streets of two or even three-storied houses, with shops, banks, mercantile offices, etc.; a few hotels and big goods stores, a lighthouse, and a large engineering works, employing some hundreds of Cinghalese and Tamil operatives; and then you have done with the English quarter. The land is flat, and round about the part just described stretch open grass-covered spaces, and tree-fringed roads, with the tiny booths or huts of the darkles on both sides of them. Here and there are knots and congeries of little streets and native markets with multifarious life going on in them. Here is a street of better built cottages or little villas belonging to Eurasians—the somewhat mixed descendants of old Dutch and Portugruese settlers—small one or seldom two-storied houses of stuccoed brick, with a verandah in front and a little open court within, clustering round an old Dutch church of the 17th century. Here is the residential quarter of the official English and of the more aspiring among the natives—the old Cinnamon Gardens, now laid out in large villa-bungalows and private grounds. Here again is a Roman Catholic church and convent, or the grotesque fagade of a Hindu temple; and everywhere trees . and flowering shrubs and, as one approaches the outskirts of the town, the plentiful broad leaves of coco-palms and bananas overshadowing the roads. Nor in any description of Colombo should the fresh- water lake be forgotten, which ramifying and winding in most intricate fashion through the town, and in one place coming within a hundred yards of the sea, surprises one continually with enchanting glimpses. I don't know any more delightful view of its kind—all the more delightful because so unexpected—than that which greets the eye on entering the Fort Railway Station at Colombo. You pass through the booking-office and find yourself on a platform, which except for the line of rails between might be a terrace on the lake itself; a large expanse of water with wooded shores and islands, interspersed with villas cottages and cabins, lies before you ; white-sailed boats are going to and fro ; groups of dark figures, waist-deep in water, are washing clothes ; children are playing and swimming in the water ; and when, as I saw it once, the evening sun is shining through the transparent green fringe of banana palms which occupies the immediate foreground, and the calm lake beyond reflects like a mirror the gorgeous hues of sky and cloud, the scene is one which for effects of color can hardly be surpassed.




ලක්දිව ගමන් සටහන් පිටු අංක: 3







Comments