Cinghalese Views on Politics

කුරුණෑගලට යන අතර වාරේ, දුම්රියේදී තරමක අධ්‍යාපනයක් සහ හැකියාවක් පෙන්වන මොණරසිංහ නැමැති සිංහලයෙකු සමඟ කතාබහක් ඇති කරගන්න මට අවස්ථාවක් ලැබුණා. ඔහු පෙරකදෝරුවරයෙක් නැත්නම් සොලිසිටර නිලධාරියෙක් වෙන්න ඕනා. උද්යෝගීමත්, කතාබහේ දක්ෂ, දේශපාලනය ගැන දැඩි උනන්දුවක් තියන කුඩා මිනිසෙක්.

Pothuhera Railway Station, Kurunegala (ca. 1890) [Image Courtesy: www.lankapura.com ]

සිංහලයාගේ දේශපාලන දර්ශනය

මොණරසිංහ ඉංග්‍රීසීන් ගැන දැක්වූ ආකල්පය බොහොම හාස්‍යජනකයි. ඔහු කියන විදිහට ඉංග්‍රීසීන් මුල් කාලෙදී මිනිස්සුන්ට බොහොම ප්‍රියමනාප ස්වරූපයක් පෙන්වූවත් මාස තුනක් විතර මේ දිවයිනේ ගත කළාට පස්සේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.

"අපිත් එක්ක පෙරළා කතා කරන්නේ නෑ, අපි දිහා පෙරළා බලන්නේ නෑ, ඒත් මට නම් ඒවා ආපහු පෙරළා එයාලට දෙන්න පුළුවන්".


British Officials at the Opening Ceremony of the Kurunegala Railway [Image Courtesy: www.imagesofceylon.com ]

පේන විදිහට නම් ඔහු කුලවාදය සෑහෙන්න පිළිකුල් කරන කෙනෙක්. ඒ අතින් ගත්තොත් ඉංග්‍රීසීන් සෑහෙන්න හොඳ දෙයක් කළාය කියලා ඔහු විශ්වාස කරනවා. ඔහුගේ අදහස වුණේ බ්‍රිතාන්‍ය පාලනය යටතේදී කුලවාදි අර්ථක්‍රමය විනාශ කරලා උදුරා ගත්ත ජන ජීවිතය, මහජන බලවේග වලට නැවත ප්‍රතිෂ්ඨාපනය කරන්නට අවශ්‍යතාවක් ඇති බවකුයි.

Native Officials at the Opening Ceremony of the Kurunegala Railway [Image Courtesy: www.imagesofceylon.com ]

“මම නම් ඕනෑවටත් වඩා රාජපාක්ෂිකයි. මොකද මම දන්නවා රුසියාව* යටතේ ඉන්න වෙනවට වඩා හොඳ තැනක අපි ඉන්නවා කියලා. ඒත් ඉංග්‍රීසීන් කියන්නේ අපිව තේරුම් ගන්න හැකියාවක් නැති මෝඩ ජාතියක්. අපිව වටහා ගන්න අපි අතරට එන්නෙත් නෑ. ඒත් එයාලගේ මිම්මට අනුව එයාලා හිතන් ඉන්නේ එයාලා ඔක්කොම දන්නවා කියලා.”

Bridge No. 10 with Kurunegala Rock, Kurunegala Railway [Image Courtesy: http://www.imagesofceylon.com ]


කුරුණෑගල සහ ඇතුගල

මේ ස්ථානය (ඉංග්‍රීසීන් කියන විදිහට කොර්නැගෝල්) 2,000ක 3,000ක පමණ ජනගහනයක් ඉන්න පුංචි නගරයක්. කොළඹ ඉඳන් ගත්තොත් සැතපුම් 50ක් දුරයි. ළඟම දුම්රිය නැවතුම් පොළ වෙන පොල්ගහවෙල ඉඳන් (දුම්රිය මඟ දිගේ) මයිල 11ක්. මෙය පිහිටා තියෙන්නේ ලංකාවේ කඳුකරය පාමුලම වගේ. කුරුණෑගලට නමින්ම කියවෙන විදිහට 'අලි-ගලක්' (ඇතුගල/ ඇතාගල) තියෙනවා. ඒක ජිබ්‍රල්ටා ගල්කුළ වගේ විශාලයි. අඩි 600ක් උසයි. කාලගුණය හන්දා රැළි වැටුණු, වටකුරු කළුගල් ව්‍යුහයකින් සමන්විතයි. ඒ මත කොළ හැළුණු ගස් කොළන් හරි තණ බිම් හරි දකින්න පුළුවන්. මෙය වර්ණයෙන් සහ සැකසුමෙන් යන දෙකෙන්ම පා මත වාඩිවී හිස කෙළින් කොට ගිමන් හරින අලියෙකුගේ රූපයක් අපූර්ව ලෙස හුවා දක්වනවා.

Kurunegala Station [Image Courtesy: http://www.imagesofceylon.com ]



[අනුවාදක සටහන:

-* ඔහු මෙහිදී රුසියාව ගැන සඳහන් කිරීම පිළිබඳ පැහැදිලි අදහසක් නැත. බොහෝ විට එය ක්‍රිමියන් යුද්ධය නිසා විය හැක. එසේත් නැතිනම් මෙම කාලය තුලදීම පෙරදිග සංචාරයේ (ලක්දිවද ඇතුළුව) නිරත වෙන රුසියානු ලේඛක ඇන්ටන් චෙකොෆ් හෝ රුසියාවේ දෙවන නිකලස් රජු නිසා ඇතිවූ හාහෝවක් විය යුතුය.

]



“ආදම්ගේ ශිඛරය මතින් එලිෆන්ටා ගුහා වෙත – ලක්දිව සහ ඉන්දියාවේ රූප සටහන්” : එඩ්වඩ් කාපෙන්ටර්

තෙවන පරිච්ඡේදය : කුරුණෑගල



From Adam’s Peak To Elephanta : Sketches in Ceylon and India by Edward Carpenter

CHAPTER III: KURUNÉGALA

On my way here, on the coach, I fell In with Moneraslngha, a Cinghalese of some education and ability, a proctor or solicitor. He is a cheerful little man, an immense talker, and very keen on politics. He was very amusing about the English ; says they are very agreeable at first, "but after three months' stay in the island a complete change comes over them—won't speak to us or look at us — but I can give it them back!" His Idea seems to be that representative Institutions are wanted to restore to the people that interest in public life which has been taken from them by the destruction of their communal institutions under British rule. He seems to be a great hater of caste, and thinks the English have done much good In that matter. "I am loyal enough, because I know we are much better off than we should be under Russia. The English are stupid and incapable of understanding us, and don't go among us to get understanding ; but they mean well, according to their lights."

This place (called Kornegalle by the English) Is a little town of 2,000 or 3,000 Inhabitants, fifty miles from Colombo and eleven miles (by coach) from Polgahawella, the nearest railway station. It lies just at the foot of the mountain region of Ceylon, and takes its name, Kurunegala or Elephant-rock, from a huge Gibraltar-like rock, 600 feet high, at the base of which it nestles—and whose rounded dark granite structure, wrinkled with weather and largely bare of trees or any herbage, certainly bears a remarkable resemblance, both in form and color, to a couchant elephant.


ලක්දිව ගමන් සටහන් පිටු අංක: 17

Comments