Tanks and Irrigation

ඇතාගල මුදුනේ ඉඳන් බලන ඕනෑම කෙනෙකුට මේ කුරුණෑගලට සහ අහල පහළ අයට ජලසම්පාදනය කරන ජලාශයේ හොඳ දර්ශනයක් දැක බලාගන්න පුළුවන්. උකුස්සන් ඉහළින් පාවි පාවි ඉන්න, පිළිහුඩුවන් උඩින් යටින් ඉගිල්ලෙන, මිනිසුන් දිනපතා දියෙහි බැස නාන, සැතපුම් තුන් කාලක් දිග, සැතපුම් භාගයක් පළල මනස්කාන්ත කුඩා වැවක්.



වැව් හා වාරි පද්ධතිය

ලංකාවේ ජලාශ සහ වාරි ඇල මාර්ග ඉතාමත් වැදගත් තැනක් ගන්නා විශේෂිත දෙයක්. ඒත් මම හිතන්නේ රජයට ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්න බැරි පාටයි. වාරි පද්ධතියක තියෙන වැදගත්කම පුරාණ කාලෙ නම් හොඳට අවබෝධ කරගත්ත බවක් පේනවා. ඒ බව මේ දූපතේ විවිධ ප්‍රදේශ වල දකින්න තියන අවුරුදු දහසක් විතර පැරණි, මේ සම්බන්ධයෙන් අපරිමිත කර්තව්‍යයක් කරපු දැන් නෂ්ටාවශේෂව පවතින නටඹුන් සම්පූර්ණයෙන්ම සාක්ෂි දරනවා.


Kurunegala Lake - People Bathing

කුඹුරු බද්ද

මේ වාරි පද්ධතියේ නටඹුන් ප්‍රතිසංස්කරණය කරලා ප්‍රතිෂ්ඨාපනය කරන්නට එතරම් වෙහෙසක් දරා නැති බවක් පේනවා. මොකද අද කාලයේ වැඩි නැඹුරුවක් තියෙන්නේ බ්‍රිතාන්‍ය තේ වැවිලිකරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන්. ඒ සඳහා සහල් නිපදවන ගැමියාගේ අවශ්‍යතාවයන් නොසලකා හරිනවා. කුඹුරු බද්ද මේ බව පෙන්වන නියම උදාහරණයක්. මේ බද්දෙන් ගොවියා මත යෙදෙන අධික පීඩනය ඔහුව සම්පූර්ණයෙන්ම හාමත් කර දමනවා. ඒත් තේ බෝගය නම් සම්පූර්ණයෙන්ම බදු වලින් නිදහස්.

Kurunegala Lake and the Landscape




“ආදම්ගේ ශිඛරය මතින් එලිෆන්ටා ගුහා වෙත – ලක්දිව සහ ඉන්දියාවේ රූප සටහන්” : එඩ්වඩ් කාපෙන්ටර්

තෙවන පරිච්ඡේදය : කුරුණෑගල



From Adam’s Peak To Elephanta : Sketches in Ceylon and India by Edward Carpenter

CHAPTER III: KURUNÉGALA

From the top of the rock one gets a good view of the tank which supplies irrigation water for the town and neighborhood. It is about three-quarters of a mile long and half a mile broad, and forms a pretty little lake, over which kites hover and kingfishers skim, and in which the people daily bathe. These tanks and irrigation channels are matters of the utmost importance, to which I think Government can hardly give too much attention. Their importance was well understood in past times, as indeed the remains and ruins of immense works of this kind, over a thousand years old, in various parts of the island fully testify. A little is being done towards their renewal and restoration, but the tendency today is to neglect the interests of the rice-growing peasant in favor of the tea-planting Englishman. The paddy tax, which presses very hardly on the almost starving cultivator, while tea goes scot-free, is an instance of this.




ලක්දිව ගමන් සටහන් පිටු අංක: 19


Comments