Korale Walawwa

ප්‍රභාවත් හරිත පැහැයෙන් කැලෑවට මෙන් වැඩුණු ගහකොළ අතරේ වූ නිවසට වූයේ විනාශ මුඛයට ඇද වැටුණු අඳුරු ගති ස්වභාවයකි. එය ඈතට දිස් වූයේ සාරවත් ගස් කොළන් මත නැගි ලොකු ඉන්නෙකු ලෙසය. කෝපි, කෙසෙල්, කපු පුළුන්, ජම්බු, හා පැපොල් යනාදි ගහ කොළ නොසෑහෙන්නට ඝනසැරේට වැඩී තිබුණි.

කෝරළේ වලව්ව

අප වගා උද්‍යානයක් ලෙසින් අමතන දෙය කෝරළේට තිබුණේ නැත. ඔහුට අවශ්‍ය වන්නේත් නැත. මන්දයත් ඔහුගේ එදිනෙදා අවශ්‍යතා සපුරන්නට හිතවත් ගම්වැසියෝ තමන්ගේ දුප්පත් අඟහිඟකමින් පිරුණු කුඩා වගා බිම් තුළ සැදී පැහැදී සිටිති. අරුණ නැගෙන උදාසන ඔහුගේ නිවස දෙසට ඇති වංකගිරි ආකාර කුඩා පටු මාවත දිගේ ඔහුගේ ආහාර ගබඩාවට, එළවළු, පලතුරු සහ බිත්තර, හොඳ බරට බැඳ ගෙනයන මිනිසුන්, ගැහැනුන් සහ ළමුන් දැකගත හැකිය. ඔහුට ඔයින් මෙයින් ලෙහෙසියෙන්ම හොඳ හැටි තරබාරු වන්නටත්, ඔපවත් වන්නටත්, සතුටු වන්නටත් හැකිය. සෑම උදෑසනකම ඔහුගේ දොර පාමුලට මෙලෙසට සෑහෙන ප්‍රමාණයක එළවළු භෝජන සැපයුමක් ලැබේ. මෙවැනි තත්වයකින් එළවළු පමණක්ම කන බ්‍රිතාන්‍යයන්ට උපරිම සතුටක් ළඟා කර දෙමින් ඒ අතරම ඌරන්ටත් සෑහෙන අමතර යමක් ලබා දීමට කටයුතු කළ හැක. නමුදු මේ වයසක මහත්මයා මේ සියල්ලක්ම තම පරිභෝජනයට ගනියි. මන්දයත් ඔහු යටතේ වැඩවසම් ක්‍රමේට නඩත්තු වන කුඩා කොලනියක්ම වෙසෙන නිසාය. මේ ප්‍රවේණිදාසයන් ඔහුගේ පසු පස්සේමය; ඔහු යන හැමතැනකම යති. එකෙක් කඩදාසි කුඩයක් හෝ තල් කොළයක් ඔහු ඇවිදින විට ඔහුගේ හිසට උඩින් අල්ලාගෙන යන්නේය. තවකෙක් ඔහුගේ රාජකාරි බස්තම (stick of office) රැගෙන යන්නේය. අනෙකෙක් මදුරුවන් පලවා හරින්නේය. තවත් අයෙක් ඔහුට නින්ද යන්නට පුන්කාවකින් පවන් සලන්නේය. කෙටියෙන් කිවහොත් කෑමයි නිදාගැනීමයි ඇරෙන්නට ඔහුට අවැසි සියල්ලක්ම කරන්නේ ඔවුන්ය. ඒ හන්දාම ඔහුට කෑමයි නිදාගැනීමයි අති උපරිමේටම කරන්නට හැකිය.


 
Gampola Chief and Party photographed by Skowen & Co. [Image Courtesy: www.imagesofceylon.com ]

මේ වයසක කෝරළේ මා ඔහුව බැහැදකින්නට එන පැමිණීම් ගැන සිටියේ බොහෝ සතුටකිනි. මේ ගොඩ වැදීම් නිසා ඒ කුඩා ජන සමාජයේ ඔහුට හොඳ වැදගත් තැනක් ලැබිණි. ඔහු ජීවත් වූයේ තනියමය. කාලයකට පෙර ඔහුගේ බිරිඳ මියගොසින් ඇත. ඔහුගේ එකම දරුවාත් උණ රෝගයෙන් මියෑදී ඇත. ඔහුගේ දින චරියාවේ බොහෝ දවස් ගතවූයේ නිදාගැනීමෙන්, දුම් බීමෙන් සහ කෑමෙනි. කලාතුරකින් ඔහුගේ හෝ අසල්වැසියෙකුගේ කුඹුරු යායක සක්මන් කිරීමෙන් එය වෙනස් වේ. ඔහු ඉඳහිට පුරාණ නගරයක් වූ මහනුවර සංචාරය කරයි. නමුත් ඔහුගේ මුළුගැන්වුණු පරිකල්පනය කොළඹ වැනි ගෙදරින් සෑහෙන දුරස්තර ලෝකයකට ගමනේ බිමනේ යෙදෙන අදහසකට කිසිවිටක ඔහුව පොළඹවා ගන්නට සමත් නොවනු ඇත.

මේ ආදි කාලීන ප්‍රාණියාගේ ඉත්තෑවෙකු වන් පැවැත්ම දෙස නිරීක්ෂණය කිරීම කුහුල දනවන කාරණයකි. සෑම බත් වේලකින් පසුවම අඳුරු බිංගෙයක් වන් ආලින්දයේ කම්මැලිකමින් පෙරළි පෙරළි ඔහු සිටියි. අමුත්තෙකු නොපැමිණිය හොත් ඊළඟ ආහාර වේලෙන් අලසකම අවදි කරන තෙක්ම නිදන්නේය. නිතරම මා ඔහුව දකින්නේ දුහුවිල්ලෙන් ගඳගහන, බැලුමක් ආකාර උඩරට හිස් වැසුමින් ජේත්තු පෙනුමක් ලබා, රිදී හවඩියකින් රඳවනු ලැබූ බුරුල්ව එල්ලා වැටෙන දිග ඇඳුමින් සහ පිම්බුනු උරහිස් අත් ඇති ලිහිල් සැට්ටයක් හැඳ පැළඳ, නොසෑහෙන තරම් සුදු මස්ලින් රෙද්දක් ඉණ වටා රැළි නැගෙන සේ ඔතා, අඩක් ම්ලේච්ඡ විභූතියකින් සැරසුණු පුද්ගලයෙකු ලෙසයි. 


Kandyan Chief and Party photographed by Skeen & Co. [Image Courtesy: www.imagesofceylon.com ]

ඉතා කුඩා දියපහරක් ඉතා සෙමින් බුබුළු නංවමින් කෝරළේ නිවස අද්දර ගහකොළ මල් ගල් අතරින් ගලා බසියි. පහළින් ඇති කුඹුරු යායෙන් එය සැඟවී ගනී. මේ දිය පහරේ ඇති සෑම කුඩා ජල තරංගයක්ම කෙළි දෙලින් දුව පැන සෙල්ලම් කරන්නේ සෙල්ලමට තුටු වන දෙව්ලියන් මෙනි. අඳුරු නිවසේ සිට බැලූකල දොළ පහරේ එතරම් දෙයක් දැකගන්නට ලැබෙන්නේ නැත.  සතසහස්‍ර සංඛ්‍යාත කෘමී සතුන්ගේ ගුමුගුමුව සහ ඈතින් නැගෙන වන විහඟුන්ගේ කිචි බිචිය හැරෙන්නට දොළ පහරේ සද්දයක් ඇසෙන්නේත් නැත.

කෝරළේ සමඟ වාඩිවී ප්‍රාදේශිය සහ අනෙකුත් වග විස්තර කතාබහ කරන්නට නිතරම මම පෙළඹී සිටියෙමි. ඔහු අදහස් වලින් හිඟ වුවද ඕපාදූප දෙඩීමෙහි නම් සමතෙකි. අනෙකුත් රටවල් ගැන, ඒවායේ පිහිටීම සහ වැදගත්කම වැනි කාරණා ගැන ඔහුට තේරුම් කරවන්නට මම දැඩි ලෙස උත්සහ කළෙමි. උඩරටට වඩා එම රටවල්හි ප්‍රබලත්වය, බටහිර වැසියන් වන අප පෙරදිගින් වෙනස්වන සංකේතීය ලක්ෂණ ගැන ඔහුට අවබෝධකරවන්නට මම වෙහෙසුනෙමි. නමුත් යුරෝපය යනු ලක්දිවට වඩා විශාල, වඩා දියුණු දෙයක් බව; හොඳම ඉරිඟු සහ එළවළු වැවෙන්නේ උඩරට කඳු ප්‍රදේශවලට වඩා එංගලන්තයේ බව; සිංහල කෝරළේ වලව්වක මැටි ගෙබිමක් හා කොළ වියනක් ඇති අමුත්තන් පිළිගන්නා කාමරයකට වඩා නවීන විසිත්ත කාමර හොඳ සුවපහසු බව ඔහුට ඒත්තු ගන්වන්නට කිසිසේත් නොහැකි වුණි. ප්‍රතිපත්තිමය වශයෙන් ප්‍රජාතාන්ත්‍රීය වූ ප්‍රාදේශිය පුවත්පතකින් වාර්තා කළ කරුණු වලින් ඇහිඳගත් අදහස් වලින් තම දේශපාලන දැනුම ඔහු යම් තරමකට ගොඩ නගාගෙන තිබුණි. දේවල් සිදු වන්නේ එය සිදුවිය යුතු ලෙස නොවේය කියා ඔහුට යම් සැකයක් විය. වර්තමාන මනුෂ්‍ය අවශ්‍යතා සපුරන්නට නම් ජනරජ පාලනයක් තිබිය යුතු බව ඔහුගේ මතය විය. නමුත් කියන්නට පුදුමය නම් ඔහුගේ අදහස් සම්බන්ධ වී තිබුණේ නිදහස් මතධාරී බ්‍රිතාන්‍ය ආණ්ඩුව මඟින් අහෝසි කළ, බලෙන් වැඩ ගැනීම (රාජකාරි ක්‍රමය ) සහ ගම් මුලාදෑනියාගේ අභිමතය පරිදි කසපහර දීම් වැනි දඬුවම් ලබාදීම නැවත ලබා ගැනීමේ ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයක් කෙරෙහිය.


Kandyan Chief and Party [Image Courtesy: www.imagesofceylon.com ]

 


ජෝන් කැපර් විසින් රචිත "පැරැණි ලක්දිව : පුරාණ ලංකා දිවියේ සටහන්"

පළමු පරිච්ඡේදය : මල් වත්ත


SKETCHES OF CEYLON LIFE IN THE OLDEN TIME BY JOHN CAPPER

CHAPTER I: The Garden of Flowers



In the midst of thick foliage, as bright and green as the cottage was dark and cankery, it seemed at a distance, like a huge wart on the rich vegetation. The coffee, the bananas, the cotton, the jambo, the pau-pau grew in wild profusion. Of what we should call garden, he had none, nor did he need any, for the friendly villagers kept his daily wants amply supplied from their own poor scanty patches. At early dawn the little narrow pathway leading circuitously to his door, might be seen tracked by men, women and children, laden with fruit, vegetables, and eggs for the Korale’s larder ; he might well grow stout and glossy and contented with his lot. There was such a supply of vegetable diet introduced through his crazy old doorway each morning, as might have fully satisfied the vegetarians of Great Britain, with something to spare for the pigs. But the old gentleman disposed of it all ; for he had a little colony of feudal dependents hanging about his heels behind his own barn of a place. These serfs tracked him wherever he went ; one held a paper umbrella or a talipot leaf over him in his walks : another carried his stick of office : one beat off the mosquitoes ; another fanned him to sleep with a punkah. In short they did everything for him, save eat and sleep, and these functions he performed for himself to perfection.

The old Korale was generally pleased with my visits, for they added to his importance in the eyes of the little community. He lived quite alone ; his wife had been dead some years, and he had lost his only child by fever. His days were mostly passed in sleeping, smoking and eating, varied occasionally with a stroll round his rice fields, or those of his neighbors. It was seldom that he visited Kandy, the ancient capital : as for Colombo, the wildest freaks of imagination would never induce him to contemplate a journey so far from his domestic hearth.

It was a curious sight to behold this ancient being leading such a hedge-hog existence : rolling himself up in indolence, after every meal of rice and curry, in his little darkened, cavern-like verandah ; and there, if no guest arrived, falling asleep until the next meal aroused him from his torpor, I have found him thus, clad in semi-barbaric pomp, reeking with dirt, and swelled with importance in a baloon-shaped Kandyan hat, a flowing robe and loose jacket with shoulder-of-mutton sleeves, secured by silver bangles ; an enormous mass of white muslin wrapped, fold upon fold, around his waist. A petty little mountain stream fell trickling and bubbling past the door, over stones and sticks, and flowers and herbs, until it was lost in the rice fields below, playing and gambolling as though each tiny wave had been some frolicsome wood nymph. Little could be seen from that shady portal, and not much more heard, beyond the hum of myriad insects and the distant cry of jungle birds.

Often have I sat with the Korale chatting on local and other matters, for he was a man of gossip though of limited ideas. I tried in vain to make him understand the position and importance of other countries : of their great superiority to the Kandyans, and of the features which distinguished us people of the west from orientals. He could not be persuaded that Europe was larger or a better place than Ceylon ; that better corn and vegetables were grown in England, than on the Kandyan hills ; or that a modern drawing-room was a more comfortable sort of place than a Cingalese Korale’s reception room, with earthen floor and leafy ceiling. Of some description of politics he had gleaned a faint idea from the reported contents of one of the local newspapers very democratic in its principles. He had an inkling that things were not ’ going on as they should do, and that a republic must be the sort of government suited to the present wants of man, yet strange to say he connected with his ideas of reform, a return to those things which the liberality of the British Government had abolished, forced labor and flogging at the discretion of the headmen!



ලක්දිව ගමන් සටහන් පිටු අංක: 3

Comments