Inauguration of the Ceylon Railway

ඔබට මතක ඇති පසුගිය ලිපියකින් අපි මහනුවර දළදා මාළිගා පරිශ්රයේ තිබුණු සර් හෙන්රි වෝඩ්ගේ ප්රතිමාව ගැන කිව්වා. ඔහු වෙනුවෙන් ප්රතිමාව හදන්න මුල් වෙච්ච කාරණාවයි, ප්රතිමාව ගලවලා වෙනත් තැනක සවි කරන්න මුල් වෙච්ච කාරණාවයි දෙකම ගැන අපි කතා කළා.

01. Inauguration of the Ceylon Railway: Turning the first turf of the Ceylon Railway

The Illustrated London News
Saturday 09 October 1958

✍️ සිලෝන් රේල්වේ සමාරම්භක උළෙල ✍️

අද කතා කරන්න යන්නේ මේ කියාපු සර් හෙන්රි වෝඩ්ගේ ධූර කාලයේ, ඔහුගේ මූලිකත්වයෙන් ලංකාවේ සිදුවුණු බොහොම වැදගත් සිදුවීමක් ගැන කියන්න.
1855 මැයි 11 ඉඳන් 1860 ජූනි 30 වෙනකන් ලංකාවේ (British Ceylon) ආණ්ඩුකාර ධූරය දරන්නේ ඔහුයි. ඒ ඇවිල්ලා බ්රිතාන්යයේ වික්ටෝරියා මහරැජිනගේ පාලන සමය. මේ කාලේ වෙද්දි සිංහලයන්ගේ නිදහස් අරගල එහෙමත් මැඩ පැවැත්විලා කෝපි වගාව එහෙම ජයටම කෙරිච්ච කාලයක්. ඒ කාලේ ලංකා කොළණියේ හිටපු සුද්දන්ට තිබිච්ච ප්රධාන ප්රශ්න තුනක් තමයි ගමනාගමනයයි ප්රවාහනයයි සන්නිවේදනයයි. මේ සියල්ලටම ඔවුන්ට පිළිතුරු ලැබෙන්නේ ශ්රීමත් හෙන්රි වෝඩ් ගේ පාලන කාලේ. ලංකාවේ ටෙලිග්රැෆි සන්නිවේදන පද්ධති ඇරඹිච්ච හැටි නම් වෙනම අරගෙන කතා කරන්න ඕනා දෙයක්. ඉතින් මේ කතා කරන්න යන්නේ ගමනාගමනය සහ ප්රවාහනය වෙනුවෙන් ලැබුණු කෝච්චි පාර ගැන කතා කරන්න.
1858 අවුරුද්දේ තමයි ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය සකස්වීම ශ්රීමත් හෙන්රි වෝඩ්ගේ මෙහෙයවීම යටතේ ඇරඹෙන්නේ. හැබැයි සිලෝන් රේල්වේ එකක් ගැන හාහෝව ඊට පෙර ආණ්ඩුකාරයාගේ කාලේ ඉඳන්ම තිබ්බා. කොහොමින් කොහොම හරි වැඩේ පටන් ගත්තේ හෙන්රි වෝඩ්ගේ කාලේ. ඉතින් මේ වැඩේට මංගල පස් පිඬැල්ල කැපීම වෙනුවෙන් පැවති උත්සවය ගැන ඒ කාලේ බ්රිතාන්යය පුවත් පත් මාධ්ය පළ කරපු වාර්තාවන් ඇසුරින් තමා මේ ලිපිය සකස් වෙන්නේ.
මේ උත්සවය පැවැත්වෙන්නේ 1858 අගෝස්තු 3න් වනදා අඟහරුවාදා. සුභ නැකැත් බලාලා කරපු දෙයක්ද කියන්න නම් දන්නේ නැහැ. කොහොම නමුත් මේ සුභ කටයුත්ත "සිතුවම් සහිත ලන්ඩන් ප්රවෘත්ති" පත්රය සිතුවමට නගපු ආකාරය පළමු ඡායාරූපයෙන් දැක බලාගන්න පුළුවන්.
ඊට අනුව ඔය විල්බැරෝව ගාව ඉස්කෝප්පයක් සමඟ සිටින්නේ හෙන්රි වෝඩ්. ඔහුට වම් පසින් සිටින්නේ ජෙනරාල් ලොක්යර්. ජෙනරාල්ට වම් පැත්තෙන් ඉන්නේ ප්රධාන නේවාසික ඉංජිනේරු ඩබ්ලිව්. ටී. ඩොයින්. ඩොයින්ට පිටිපස්සේ නිල ඇඳුමකින් සැරසිලා ඉන්නේ ලංකාවේ දුම්රිය සමාගමේ නියෝජිත කපිතාන් ජී. කමිං. හෙන්රි වෝඩ්ට දකුණු පසින් සිටින්නේ කොළඹ රදගුරුතුමා. ඔහු අසල ඊළඟට සිටින්නේ ලංකාවේ ව්යවස්ථාදායක සභාවේ සාමාජිකයන් කිහිප දෙනෙක්.
පස් පිඬැල්ල කපලා ඊළඟට භෝජන සංග්රහයකුත් පැවැත්වෙනවා. මේ භෝජන සංග්රහය පැවැත්වූ කූඩාරමේ නැගෙනහිර අන්තය, දෙවන ඡායාරූපයෙන් දැක්වෙනවා. මේ අවස්ථාව වාර්තා කිරීමේ නිල ඡායාරූප ශිල්පියා වන්නේ ජේ. පාර්ටින්. ඔහු ගන්නා ලද ඡායාරූප දෙකක් ඇසුරින් තමයි මේ සිතුවම් දෙක සකසා තියෙන්නේ. එහෙනම් ඔබ දැන් දන්නවා 1858 වගේ කාලෙක ඉඳන්ම ලංකාවේ දේවල් ඡායාරූප ගත වෙලා තියනවා කියලා.
ඉතින් පේනවා නේද ගහලා තියන මඩුවේ විශාලත්වය. මේක නම් සුද්දෝ ජයටම කාලා බීලා සමරපු දවසක් වෙන්න ඕනා. මේ මඩුව, ගහ කොළ වලින් සරසවපු, පලාවන් පැහැයෙන් යුතු, ලස්සන මල් වලින් අලංකාර කරපු, හැම දෙනාගේම ආකර්ෂණය දිනාගත්තු විශාල ශාලාවක්. මඩුව ඇතුළතයි පිටතයි වටේටම කොඩි ගහලා. මේ කොඩි වල එක එක වචන ලියා තිබුණා; ‘දුම්රිය’, ‘ටෙලිග්රාෆ්’, ‘මාර්ග’, ‘ශිෂ්ටත්වය’, ‘ප්රගතිය’ වගේ දේවල්. මඩුවේ ඉහළ කෙළවරේ දීප්තිමත් අක්ෂරවලින් ලියූ ‘දෙවියන් වික්ටෝරියා රැජිනට ආශීර්වාද කරයි’යන වැකිය බොහොම අපූරුවට කැපී පෙනුණා. ආණ්ඩුකාරතුමාට සහ ඉහළ පෙළේ පුද්ගලයන්ට අසුන් ගෙන සංග්රහ භුක්ති විඳීම සඳහා වෙනමම මේසයක්ද තවත් දිගු මේස පහළොවක නියමිත ස්ථානයේ අසුන් ගැනීම සඳහා ආරාධිතයන් පන්සීයකගේ පමණ නම් පත්ද ප්රදර්ශනය කොට තිබුණා.
ගොඩනැගිල්ලෙන් පිටත එහි දොරටුවට ඉදිරියෙන් කොඩි ගසක් තිබුණා. එතැනින් තමයි පළමු පස් පිඬැල්ල කපන්නේ. රාජකීය නියෝජිතයන් පැමිණෙන විට රාජකීය ධජය ගොඩනැගිල්ලේ කුඹ ගස මුදුනේ ඔසවන්නට ලැහැස්ති පිට තිබුණා. මහා කර්තව්යය ආරම්භකළ වග ශබ්ද ඝෝෂාවෙන් දැනුම් දීම සඳහා කාලතුවක්කු හමුදාව ඔවුන්ගේ තුවක්කු සහ සේවා නූල් සූදානම් කරගෙන සිටියා. Guard of Honour බලගනයත්, සිලෝන් රයිෆල් හමුදාවත්, තම තමන්ගේ රෙජිමේන්තුවල වර්ණ හා වාදක කණ්ඩායම් සමඟ ආණ්ඩුකාරතුමන්ට නිල ගෞරව හරසර දක්වන්නට පැමිණ සිටියා. ඇත්තටම කිව්වොත් මේ දර්ශනය පුරාතණ මානව සංස්කෘතික අංගත් නූතන ප්රගතිය සහ පාලන බලයත් එකිනෙක මුහු වූ ප්රතිලාභදායී දුර්ලභ සංයෝජනයක්.
සිලෝන් ඔබ්සවර් පුවත්පත (1958 අගෝස්තු 14) කියන්නේ හවස තුනේ ඉඳන් හය වෙනකන් උත්සව පිටියට ආපු කරත්ත සංඛ්යාව හාරසීයට වඩා අඩු වෙන්න බැහැ කියලයි. ආරාධිත අමුත්තන් සියලුම දෙනාට හවස හතර වන විට පිටියට පැමිණෙන්න කියලයි ඉල්ලලා තිබුණේ. සුද්දොයි ඉහළ කුල වල අපේ ඇත්තොයි විතරක් නෙවෙයි, අවට ඉන්න සාමාන්යය ස්වදේශික ජනතාවත් මේ කටයුත්ත බලා කියාගන්න මෙතනට එක් රොක් වෙලා. කට්ටියක් අහල පහළ තියන කුරුඳු වතු අස්සෙ. කට්ටියක් ගස් උඩ. අද කාලේ වගේම තමයි. උත්සව පිටියට යා යුතු මරදානේ මාලිගාකන්ද පාර අතුරු සිදුරු නැතිව පිරිලා තිබුණයි කියලා කියන්නේ. මේ මහා ජනකාය හසුරවන්න පොලිස්සියේ සහයත් යොදාගෙන තිබුණා. ඔබ්සවර් පත්තරේට අනුව මේ ඔක්කොම ප්රේක්ෂකයෝ ගණන පන්දාහක් හයදාහක් මිස ඊට අඩු වෙන්න බැහැලු. එතකොට එතැනින් තුන්සීයක් හාරසීයක් වගේ ගාණක් යුරෝපීය නෝනලයි මහත්තුරුයිලු.

✍️ මංගල පස් පිඬැල්ල කැපීම ✍️

හවස පහ පසුවෙලා ටික වේලාවකින් ආණ්ඩුකාරතුමන්ගේ පිරිවර, උත්සවයට සපැමිණියා. හමුදා වාදක කණ්ඩායම් නැගූ ශබ්ද රාවයෙන් දැනුම් දෙනු ලැබුවේ ආණ්ඩුකාරතුමන්ගේ පැමිණීම. හමුදා භට පිරිස් තම තමන්ගේ ආචාර සමාචාර දක්වනු ලැබුවා. ආණ්ඩුකාරතුමන් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන්, දුම්රිය කාර්ය මණ්ඩලයේ ප්රධානීන් සමඟ ඊළඟට ගියේ කොඩි ගහ වෙතට.
කපිතාන් කමිං අතේ කළුවර ලීයෙන් මිට සෑදු රිදීයෙන් හැඩ ගැන්වූ ඉස්කෝප්පයක් වුණා. ඔහු එය උසුලාගෙන සිටියේ අධිරාජ්යයක අපේක්ෂාවන් රඳා පවතින දරුවෙකුගේ රැකවරණය ඔහුට භාර දී ඇතිවාක් වගේ. මේ සිදුවිම අනුස්මරණය කරන්නට වැකියක් එහි සටහන් කර තිබුණා. මේ උපකරණයෙන් තමයි පළමු පස් පිඬැල්ල කපන්නේ. කපිතාන් කමිං ඉස්කෝප්පය ආණ්ඩුකාරතුමන් වෙත පිළිගැන්වූවා. හවස පහ හමාරට පස් පිඬැල්ල කපන්න ආරම්භ කරන සුභ මුහුර්ථයට කලියෙන්, කොළඹ පළමු රදගුරු ජේම්ස් චැප්මන් හිමිපාණන් මේ කටයුත්තට දිව්ය ආශිර්වාදය අයැද සිටියා. යාච්ඥාව අවසන් වූ වහාම ආණ්ඩුකාරතුමන් පස් පිඬැල්ලක් කපා, කළුවර සහ බුරුත ලීයෙන් සෑදු, ඔප දැමූ අලංකාර විල් බැරක්කයට පස් ටික පැටෙව්වා. රත් පැහැ ගැන්වුණු දහඩිය නැගුණු මුහුණින් ඩොයින් මහතා කාලතුවක්කු වෙඩි සද්ද සහ ප්රේක්ෂකයන්ගේ සුහද ඔල්වරසන් මධ්යයේ විල් බැරක්කය ඉහළ භූමිය වෙත තල්ලු කරගෙන ගොස් කැපූ පළමු පිඬැල්ල එහි අත හැරියේ කම්කරුවෙකුගේ ශිල්පීය දක්ෂතාවයත් ඉංජිනේරුවෙකුගේ බුද්ධි ප්රභාවත් විදහා දක්වමින්. හිස් වූ විල් බැරක්කය සමඟ නැවතත් පැමිණ ඔහුද පිඬැල්ලක් කපා විල් බැරක්කයට පැටවූවා.

✍️ දැවැන්ත භෝජන සංග්රහය ✍️

මංගල පස් පිඬැල්ල කැපීමේ උත්සවය සුබදායක ලෙස මෙලෙස අවසන් වූ නිසා අමුත්තන් සංග්රහ ශාලාව වෙත පිය නැගුවේ වඩාත්ම වැදගත් කටයුත්තට අත ගැසීමටයි. භෝජන සංග්රහය ආරම්භ වන විට හවස 6.30යි. හැරී පොටර්ගේ ඉස්කෝලේ භෝජන සංග්රහයන් දෙන අවස්ථාවල රූප රාමු ඔබට මතකද? අන්න ඒ වගේ දැවැන්ත දර්ශනයක් සිහියට නගා ගන්න. රේල්වේ කාර්ය මණ්ඩලයේ උත්සව සංවිධායකයින් බොහොම අනර්ඝ කාර්ය භාරයක් ඉටු කර ඇති බව මේ ඉදිකොට ඇති උත්සව ශාලාවෙන් කියවෙනවා. මෙතන ඉන්නේ සුද්දෝ විතරක්ම නෙවෙයි. ඉහළ පෙළේ ස්වදේශියකනුත් මේ සංග්රහය භුක්ති විඳිනවා. එතකොට ඔක්කොම 600 දෙනෙක්ගේ වගේ සෙනගක්. හවස් යාමේ අන්ධකාරේ කොහොමද මෙහෙම දෙයක් කරන්නේ? ඔව්, මුළු ශාලාවම ලාම්පු වලින් ආලෝකමත් කරලා තියෙන්නේ. භෝජන සංග්රහය අවසානයේ කට්ටිය විසිර ගියේ එක එක කතා වලින් රැජිණටත්, රාජකීය පවුලටත්, හමුදාවට සහ නාවික හමුදාවටත්, ආණ්ඩුකාරතුමන්ටත්, සිලෝන් රේල්වේ එකටත්, වෝඩ් ආර්යාවටත් ලංකාවේ සියලුම ආර්යාවන්ටත් සව්දිය පුරලා. කට්ටිය ඔක්කොම යනකොට රෑ නමය හමාරට විතර ඇති.
ඔන්න ඔය විදිහට තමයි ඒ වැඩේ සිද්ධ වුණේ. මේ උත්කර්ෂවත් සිදුවීම ගැන සුද්දෝ කවි ගී පවා ලියා තියෙනවා. එයින් එකක් තෙවන ඡායාරූපයෙන් දැක බලාගන්න පුළුවන්. හැබැයි ඔය විදිහට පටන් ගත්තු කෝච්චි පාරේ ගමනක් යන්න හෙන්රි වෝඩ්ට හැකි වෙන්නේ නැහැ. ඔහු දුම්රිය පද්ධතිය ඉදිවීම නිමවෙන්නට පෙර මදුරාසියෙදි මිය යනවා.

මූලාශ්
- Inauguration Of The Ceylon Railway, Illustrated London News, Saturday 09 October 1858
- Inauguration Of The Ceylon Railway extracted from Ceylon Observer- 14th Aug., Morning Chronicle, Thursday 16 September 1858
- Inauguration Of The Ceylon Railway, Lancaster Gazette, Saturday 18 September 1858

02. Inauguration of the Ceylon Railway: East end of the Banquet Bungalow.

The Illustrated London News
Saturday 09 October 1958

The ceremony of cutting the first turf of the Ceylon railway which we here illustrate, was performed on the 3rd of last august by his Excellency Sir Henry Ward, the Governor of the Island. The gentleman standing at the wheelbarrow with the blade of the mammotie (hoe or spade) resting on his arm is Sir Henry Ward. Next on his left is General Lockyer; to his left is Mr. W. T. Doyne, the chief resident engineer; and the gentleman in uniform immediately behind Mr. Doyne is Mr. G. Cumming, the Railway Company’s agent in Ceylon.
Immediately to the Governor’s right is the Bishop of Colombo; and near him are several members of the Legislative Council of Ceylon. This engraving, and the accompanying view of the east end of the tent in which the banquet on the occasion was held, are from photographs by Mr. Parting, taken especially for this journal.
We abbreviate from the Ceylon newspapers, chiefly from the “Observer”, the following particulars of the ceremony – an oriental scene tempered by the western element: -
The number of carriages that passed into the inclosure from three to six p.m. could not have been less than four hundred; and the number of spectators, including the masses of natives who crowded the surrounding cinnamon gardens, or climbed the scattered trees to obtain a better view, could not have fallen short of from five to six thousand. Of this number probably some three hundred to four hundred were European ladies and gentlemen.
Until the hour of the Governor’s arrival, the scattered and animated groups found pleasant and engrossing employment in walking about, and examining and commenting upon the arrangements. The centre of attraction was, of course, the magnificent bungalow, now fully dressed in richest verdure, studded with gorgeous flowers, and waving with flags inside and out. Small flags bearing the watchwords – ‘Railways’, ‘Telegraphs’, ‘Roads’, ‘Civilisation’, ‘Progress’, &c., were hung profusely around the building; while ‘God bless Queen Victoria’, in illuminated letters, was conspicuous at the upper end. The tables, from the oval days at the top, intended for the Governor and the leaders of society, and down through the building were prepared and elegantly laid out.
Outside the building, and opposite its entrance, were the flagstaff, indicating the spot where the turf was to be cut- a skeleton platform showing the height and slope of the proposed embankment- and in front of all the gently-inclined plank known in ‘navvy’ parlance as the tip. The yards of the flagstaff were alive with bunting; the Royal standard was ready to be hoisted at the masthead when the representative of Royalty arrived; the Artillery stood with their guns and portfires ready, with all the emphasis of sound, to announce the commencement of the great undertaking; the guard of honour of the 50th and the Ceylon Rifles, with the colours of the former regiment and the bands of both, were drawn up ready to receive the governor with the salute due to his rank. The scene, in truth, was a rare combination of the primitive elements of humanity and of the representatives of progress and of power of rule, firm, but gentle and beneficent.
Shortly after five the Governor’s equipage dashed up; the strains of the bands announced his Excellency’s arrival; the military presented arms and saluted; and the spectators began to arrange themselves for a sight of the ceremony. The Governor and the leading officials, accompanied by the heads of the railway staff, then formed in procession at the at the building, and advanced towards the flagstaff, Captain Cumming bearing the silvered and ebony handled mammoties, destined to cut the first sod. Arrived at the spot, the mammotie, bearing an inscription commemorative of the event, was handed to his Excellency, and Bishop Chapmen implored the divine blessing on the work about to be commenced. Immediately on the conclusion of these prayers, his Excellency Sir Henry Ward cut the first turf, which he deposited in a wheelbarrow of polished satinwood and ebony. Mr. Doyne then, amidst the roar of the artillery and the cordial cheers of the spectators, wheeled the barrow up the incline, and tipped over the turf at the top ‘with the art of a navvy and the air of a prince of engineers’.
The opening ceremony thus auspiciously completed, the guests adjourned to the bungalow, and about half past six sat down to a banquet, which for elegance and abundance, was the theme of universal praise. The scene, when 600 persons of all classes, Europeans and Orientals, were seated in the vast building with the radiated flags of many nations at one end, and the grand curtain of the sky visible through the other – the interior being bright with lamps and beaming eyes and cheerful faces- was interesting and animated in the extreme. The banquet concluded, the toasts and the speaking commenced, each toast being followed by an appropriate air.
The first toast, “The Queen,” was proposed by the Hon. the Colonial Secretary, Sir C. J. McCarthy, and was responded to with all the honours by the vast and loyal assembly, who had frequently interrupted the speaker by the most hearty cheers.
Mr. C. P. Layard, Government Agent for the Western Province, then proposed “the Prince Consort, the Prince of Wales and the rest of the Royal Family,” which was also received. The Queen’s advocate, the Hon. H. B. Thompson then proposed “the Army and Navy”. General Lockyer returned thanks in a happy and soldier like speech. Hailed by the most tremendous and enthusiastic cheering, the governor then rose to propose the toast of the evening, “Success to the Ceylon Railway”. We much regret that we cannot afford space for Sir Henrys excellent address in which he vividly depicted the great good which he already been achieved in Ceylon, and drew a bright future. The Chief Justice, Sir C. Rowe, then proposed Governor’s health; and his Excellency’s reply, a most and was loudly cheered. Other toasts were given and duly responded to; and thus happily terminated a day which will long be remembered in Ceylon.

03. On the inauguration of the Ceylon Railway

"Good luck attend ye, and a welcome send ye,
And bless your efforts to improve Ceylon"

The Lancaster Gazette
Saturday, September 18, 1858

Comments

  1. බොහෝම වටිනා වැඩක් බොහෝම පින්. තව තවත් ලියන්න.

    ReplyDelete

Post a Comment