The Village Priest

ගමේ හාමුදුරුවන් වහන්සේ වෙනමම අච්චුවක පුද්ගලයෙකි. අධ්‍යාපනයක් ලැබූ කෙනෙකුය කියා යුරෝපීය සම්මතයට අනුව කියන්නට නොහැකිය. නමුත් මනසේ ඇති යම් මන්දාලෝකයකින් මිනිස් අභ්‍යන්තරයේ ඇති අඳුර වටහාගන්නට හැකියාවක් ලබා ඇත. 


ගමේ හාමුදුරුවෝ

ඇත්තෙන්ම උන්වහන්සේට බොහොම හොඳට කියවන්නට හැකිය. මන්දයත් උදයටත් හවසටත් ත්‍රිපිටකයෙන් හෝ වෙනත් බෞද්ධ ලේඛනයන්ගෙන් උපුටාගත් පාඨයන් විහාරයේ හඬනගා කීම එතුමන්ට අයත් රාජකාරියක් වන නිසාය.එතුමන් හට සෑහෙන හොඳ කුතුහලයකුත්, වෙනත් ස්ථාන හා වෙනත් දේවල් ගැන දැනගැනීමේ ලොකු ආසාවකුත් තිබිණ. මා ධර්ම ග්‍රන්ථයන්හි මුළු පරිච්ඡේද පිටින්ම කියවන සැටි නිතරම දැකීමෙන් උන්වහන්සේට ඒ කෙරෙහි සෑහෙන පැහැදීමක් ඇති වී බුදුදහමට පසුව ඇති හොඳම ආගම වන්නේ කිතු දහම බව අවංකවම පිළිගත්තේය.


 
Buddhist priests, Ceylon, ca. 1880s photographed by Scowen & Co.

එතුමන්ගේ විහාරය සහ ආවාස ගෙය පිහිටා ඇත්තේ කුඩා කඳු පන්තියක එක් කෙළවරක, මල්වත්ත ගම්මානය පිහිටා ඇති බෑවුමේ, නමුදු ගම්මානයට තරමක් ඉහළිනි. ගමෙහි ඇති උළු දමා සෙවිලි කර ඇති එකම වහලය එය වේ. ගමේ අනෙක් වහල මෙන් නොව, යම් දුරක සිට බලන විට මෙය වන ගහණය මධ්‍යයෙන් මතු වී තිබෙනු ඇතැම් විට දක්නට හැකිය. මෙම විහාරය කරා ළඟා වීමට නම් සංචාරකයෙකුට වගුරු සහිත පහත් බිමක් මත ගැලවෙනසුලු ගල් පඩි දමා ඇති ගෙවී ගිය පාරක් දිගේ ගමන් කරන්නට සිදුවේ. නියර අද්දර කුඹුරු යායද ඉහළට යන්නට අධික බෑවුම් වන කන්ද ද නිසා, ලිස්සා ගියහොත් මඟියා වේගයෙන් පහළට දරුණු ලෙස ඇදවැටෙන්නට හැකිය. මේ මාර්ගයේ නම් ගමන් කරන්නට හැකි වන්නේ කඹයක ඇවිදින කරණම්කරුවෙකුට හෝ ඒසේත් නැතිනම් ස්වදේශිකයෙකුටම පමණී.

විහාර දොරටුවේ සිට හාත්පස දකින්නට ඇති දර්ශනය ඉතා දැකුම්කළුය. මයිල ගණනාවක් ඈතට දිවෙන කඳු පන්ති, වනාන්තර, සහ ගම්බද තැනිතලාවන් මත කුඩාම කුඩා මීයන් බොහෝ ගණනක් සේ පෙනෙන්නට රැඳී ඇති ගව රංචු මේ දර්ශනයට හසු වේ. එතුමන් වහන්සේගේ ආවාසගෙය පුද්ගලයෙකුට නඩත්තු වෙන්නට යන්තමින් ප්‍රමාණවත් අන්තයටම කසිකබල් වී ගිය වාසස්ථානයකි. එතුමන්ලාගේ සඟ පිළිවෙත් අනුව කිසිඳු දේපොළක් අත්පත් කරගැනීම තහනම්ය. එතුමන් රැකෙන්නේ දිනපතා ලැබෙන දානමානාදිය නිසාවෙනි - එනම් එතුමන්ගේ ගජමිතුරු කෝරළේ මහත්මයා මෙනි.

School in the Buddhist Temple


එතුමන් නිතරම වගේ මා දකින්නට වත්තට වැඩියේය. එසේ ආවිට බොහොම කුතුහලයෙන් විවිධ පොත පත සහ බංගලාවේ ඡායාරූප පිරික්සා බලන්නේය. මෙවැනි එක් අවස්ථාවක සිදු වූ සිදුවීමකින් ප්‍රථම වරට අපගේ කිට්ටු ආශ්‍රයට යම් බලපෑමක් එල්ල වුණි. නමුත් අවසානයේදී එය අමතක වී ගියේ සිනාසෙන්නටද කාරණයක් ඉතිරි කරමිනි. ඒ සිදුවීම නම් මෙසේය. 

 Sideboard

මම නිතරම මගේ කහ සිවුරු හැඳි මිත්‍රයාට මගෙන් කෑම වේලක් භුක්ති විඳ යන ලෙස මහත් ඕනෑකමින් කියා සිටින්නෙමි. ඒ අතරම පරංගි වයින් (Port Wine) පොඩ්ඩක් රස බලන ලෙසද පවසන්නේ මෙවැනි අය බොහොමයක් ඊට බොහොම කැමති වග දන්නා නිසාය. නමුත් එය නිෂ්ඵල ඉල්ලීමක් වුණි. එතුමන්ගේ අදහස වූයේ සංඝ නීතීන් මඟින් සීමා පනවා තිවුණා හෝ නැතා, තමා සැර පාන වර්ග වලට ඉතාමත් අකමැති බවය. නමුදු එක් දිනක් එතුමන් සමඟ කතා බහ කරමින් සිටින අතරවාරයක කම්කරුවන් අතරින් කෙනෙකු පැමිණ මා කෝපි ඉස්ටෝරුව වෙත කැඳවාගෙන ගියේය. ඒ නිසා එතුමන් හට මා එනතුරු මගේ කුඩා අල්මාරි මේසය (Sideboard) අසල වාඩිවී තනිවම රැඳී සිටින්නට සිදුවුණි.


ගිය විගසින්ම මා ආපසු පැමිණෙන වේලේ දොර අසලදී මා හට ඇසුණේ හොඳටම කහින, පුපුරන, හුස්ම හිරවී ශබ්ද නගන ඝෝෂාවකි. මා ඇතුළට වත්ම දුටුවේ මේ හිමිනම මැරෙන්නට සේ කැස්සෙන් පීඩා විඳින බවකි. එතුමන් බිත්තියට වත්තන් වී සිටියේය. එතුමන්ගේ දෑස් කඳුළින් බරවී අත් මිටමෙලවී තිබුණි. බිම වැටී තිබූ ඔහුගේ දිගු සිවුර දිගේ දිලිසෙන කලු දියරයක් ගලා ගොසිනි. කුප්පියක් ඔහුගේ කකුල පාමුල වැටී තිබුණි. මොහොතකින් සිදු වූ සියල්ල මට වැටහුණි. මේ පරීක්ෂාකාරී භික්ෂුව මගේ අල්මාරි මේසයෙන් තහනම් වයින් හොරෙන් රස බලන්නට කියා අවාසනාවන්ත ලෙස කටට දමාගෙන තිබුණේ තීන්ත කුප්පියෙන් හතරෙන් එකක හොඳ තීන්ත උගුරකි! 




ජෝන් කැපර් විසින් රචිත “පැරැණි ලක්දිව : පුරාණ ලංකා දිවියේ සටහන්”

පළමු පරිච්ඡේදය : මල් වත්ත


SKETCHES OF CEYLON LIFE IN THE OLDEN TIME BY JOHN CAPPER

CHAPTER I: The Garden of Flowers



The priest was of a far different stamp, not an educated man in any European sense of the word ; but still with some glimmering of mind within, just serving to render internal darkness visible. He of course, could read fluently; for it was a portion of his duties to recite verses of their Pitakas or sacred writings, morning and evening in the Vihara. He possessed a fair share of curiosity, and a desire to know something of other places and things. Nay, more, he frequently heard me read a whole chapter of the Scriptures, with which he was much pleased and frankly admitted that Christianity was the best religion next to Buddhism.

His Vihara and dwelling were at one end of the range of little hills, on the slopes of which the village of Malwattie was situated, though above them considerably. It was the only roof covered by tiles; and, unlike the rest, might be seen at some distance peeping out from amidst a dense mass of foliage. To arrive at it the traveler had to wind his way along a weary length of loose stones that led over low swampy ground, round the edges of rice fields and up the sides of rather steep hills — a slip from which bid fair to plunge the wayfarer down some very ugly places. It was a path that should be trodden by none but a tight-rope dancer, or a native of the country.

The view from the door of the shrine was highly picturesque, commanding a survey of many miles of mountain, forest and prairie country, through which herds of cattle were dotted like so many very small mice. His abode was mean in the extreme, with scarce sufficient to make life supportable. The rules of his order forbad him to acquire any property, and he subsisted from day to day on charity—just as did his friend the Korale.

The priest often visited me on the plantation, and examined with much curiosity the various books and pictures about the bungalow. On one of these occasions an incident occurred which threatened at first to cut short our intimacy ; but was eventually forgotten or laughed at. I had frequently pressed my yellow-robed friend to partake of my meal, and taste a little port wine, of which I knew most of these people are very fond—but in vain ; he professed the utmost dislike to any strong drinks, independently of the restriction laid on them by their rules. One day while conversing with him, I was called away to the coffee store by one of the labourers, and left him alone, sitting by my little jungle sideboard. As I was returning immediately afterwards, and when near the door, I heard a great coughing and spluttering, and strange choking noises. Upon entering I found the priest almost dead with a fit of coughing. He staggered against the wall, his eyes were streaming with water, his hands clenched together, while down his long golden robes, a jet black stream had made its sable way. A bottle lay at his feet. The truth flashed across me in a moment. The wary priest had gone to my sideboard to steal a taste of the forbidden wine, and had, unfortunately, taken a good draught from a quart bottle of ink !


ලක්දිව ගමන් සටහන් පිටු අංක: 4

Comments