Salvinia infestation

මේ ඡායාරූපෙන් පෙන්නන්නේ 1955 වගේ කාලෙක සැල්වීනියා ශාකය කුරුණෑගල තිත්තවැල්ල ජලාශය අරක්ගෙන තියන විදිහ..


People in Ceylon trying to clearout Salvinia, the Watermoss, from their waterways.


✍️ සැල්වීනියා උවදුර එදා සහ අද


සැල්වීනියා කියන්නේ බොහොම වේගයෙන් පැතිරෙන ආක්රමණශීලි ජලජ පැළෑටියක්.. වැව් ජලයෙන් වගා කටයුතු කරන ගොවියන්ට සැල්වීනියා කරදරේ එදත් අදත් බොහොම බරපතල ගැටලුවක්.. සැල්වීනියා වැවෙන ජලජ පරිසරයේ ජලය නිසසල වන නිසා මදුරුවෝ වගේ අහිතකර කෘමීන් කදිමට බෝවෙනවා.. ගොවියන්ට විතරක් නෙවෙයි, ඒ නිසා මහජන සෞඛ්යයටත් හොඳ නැහැ..
දෙවන ලෝක යුද්ධ කාලෙදි ජපනාගේ අහස් යාත්තරා රවට්ටන්න මෙව්වා අපේ රටේ ජලමාර්ග වලට සුද්දා බෝ කෙරෙව්වා කියලා කතාවකුත් තියනවා.. ඒ කතාවේ ඇත්ත නැත්ත අපි නම් හරියටම දන්නේ නැහැ.. ඒ ගැන කීම වැඩිහිටි ඔබට බාරයි.. හැබැයි වාර්තා වල විදිහට නම් 1939දි සැල්වීනියා ලංකාවට මුලින්ම ගේන්නේ කොළඹ විශ්වවිද්යාලේ උද්භිත විද්යා පර්යේෂණ කටයුතු වලට.. ඔය ගෙනාපුවායෙන් ඉවත් කරපු කොටසකින්ලු ජල මාර්ගවලට මෙව්වා බෝවෙලා තියෙන්නේ.. එතැන් ඉඳලා අවුරුදු 13ක් ඇතුළත අක්කර 25,000 පුරාම, ගංගා, ඇළ මාර්ග, වැව්, කුඹුරු වල මෙව්වා පැතිරිලා ගියාලු.. ඉතින් ඒ හන්දාම 1952 දී ශාඛ ආරක්ෂණ ආඥාපනත යටතේ හානි කර වල්පැළෑටියක් විදිහට මෙව්වා නම් කරලා..
ඉතින් ඔය ඡායාරූපයෙන් කියවෙන විදිහට පාරුව උඩ අටෝගෙන ඉන්න ගැජට් එකෙන් තමයි පනස් ගණන් වල සැල්වීනියා වඳකරන්න ජලාශේ පුරාම රසායනික ද්රව්ය ඉහලා තියෙන්නේ.. ඒ කාලේ ලංකාවේ වසරකට පවුම් 75,000ක් විතර වියදම් කරලා තියනවා මේ විදිහට සැල්වීනියා උවදුර මැඩ පවත්වන්න.. හරියට මදුරුවන්ට ඩීඩීටී ගැහැව්වා වගේ. ඉතින් මේ ක්රම සෞඛ්යයට එතරම් හිතකර ක්රම නොවන වග අපි දැන් දන්නවා..
කොහොමෙන් කොහොම හරි මේ වැඩේ අවුරුදු කිහිපයක් කරලා අසාර්ථකත්වය හන්දා නවත්තලා දාලා තියනවා.. ඊට පස්සේ හැට ගණන් වල ඔස්ට්රේලියාවෙන් ඔව්වා කන කෘමියෙක් ගෙන්න ගත්තාලු.. ආයේ මේ ළඟදිත් ගෙන්න ගත්තා කියලා ප්රවෘත්තියක් ගියා..
සැල්වීනියා නිජබිම් කරගත් ලොකයේ අනෙක් රටවල, මෙව්වයේ වර්ධනේ පාලනේ කෙරන්නේ සැල්වීනියාට තරඟයක් දෙන්න පුළුවන් තවත් ශාක වලින්.. ඒත් ලංකාවේ එව්වා තිබිලා නැහැ.. සැල්වීනියා අපේ රටේ කෙනෙක් නෙවෙයිනේ.. ඉතින් ඒ හන්දා තමයි මේ විදිහට වල් නාශක ගහලා තියෙන්නේ.. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් ශෙල් පෙට්රෝලියම් කොම්පැනියත් එකතු වෙලා මාස ගණනක කරපු පර්යේෂණයක ප්රතිඵලයක් විදිහට පෙට්රෝලියම් එකතු කරපු නිෂ්පාදනයක් තමයි උවදුර මැඩලන්න යොදාගෙන තියෙන්නේ..
මේ විදිහට ජලමාර්ග වලට ඔහොම දේවල් දානකොට විරෝධයක් ආවද කියන්න නම් දන්නේ නැහැ.. දන්නවානම් අපට ඒ ගැන කියන්න අමතක කරන්න එපා.. සමහරවිට මේ කරපු දේවල් වල ප්රතිඵල අපිට නොදැනීම අපේ ශරීරය අතිවිඳිනවා වෙන්න පුළුවන්..
🤔

මූලාශ්
-The Illustrated London News 1955 June 11

Comments