Kandy from Bird's Eye View

දළදා මාළිගාව කේන්ද්ර කරගනිමින් මහනුවර නගරය කුරුළු ඇසින් බලන්න ඒකාලේ සුද්දන්ට තිප්පොළවල් කිහිපයක් තිබුනා.

Kandy and the Lake from Bird's Eye View


⚜️ මහනුවර නගරය කුරුළු ඇසින් බලන ඒකාලේ සුද්දන්ගේ තිප්පොළවල්



ආතර්ගේ සීට් එක (Arthur’s Seat/ Kandy View Point) සමඟ ග්රෙගරි පාර (වර්තමාන රාජපිහිල්ල මාවත), රජ වාසල උද්යානය (එකල Castle Hill Park, දැන් Wace Park/Wales Park/Royal Palace Park), හෝටන් ආර්යා මාවත (Lady Horton’s Walk) සමඟ නැගෙනහිර බලකොටු කඳු මුදුන (Eastern Redoubt), බටහිර බලකොටු කඳු මුදුන (Western Redoubt) ආශ්රිත බහිරව කන්ද සමඟ කටුකැලේ වැව පාර එයින් කිහිපයක්. අදටත් මේ ස්ථාන මහනුවරට එන සංචාරකයන්ගේ නැරඹුම් තිප්පොළවල්. ඒත් බොහොමයක් දෙනෙකුට මේ ස්ථාන මඟ හැරෙනවා. මේවා පොදුවේ ඕනා කෙනෙක්ට යන්න එන්න පුළුවන් තැන්.

ඉතින් මේ හැම තිප්පොළක්ම තමන්ගේ කැමරාවෙන් ආවරණය කරන්න, අපි කලින් දවසක කතා කරපු ඒකාලේ ඡායාරූපගාර අමතක කරන්නේ නැහැ. (ඒකාලේ ඡායාරූපගාර ගැන ලියවුණු ලිපිය මෙතැනින් කියවන්න)


⚜️ සුද්ද්දාගේ කාලේ මහනුවර නගරයේ සිතියම ⚜️


මේ ස්ථාන හඳුනාගැනීම සඳහා මෙහි එක්කොට ඇති සුද්දගේ කාලේ මහනුවර නගරයේ සිතියම ඔබට උපකාරි වේවි. එය උපුටා ගත්තේ ජෝජ් ජේ. ඒ. ස්කීන් සම්පාදනය කරපු (1903) මහනුවර නගරයේ සිතියම් සහිත මාර්ගෝපදේශ සඟරාවෙන්. (ඡායාරූප අංක 1)

1. Map of the Town of Kandy 1903

A guide to Kandy, with maps. A handbook of information, useful alike to the visitor and the resident
by Skeen, George J.A
Publication date 1903



⚜️ නැගෙනහිරෙන්: හෝටන් ආර්යා මාවත ⚜️


දළදා මාළිගා මහමළුව පෙනෙන ආකාරයට දළදා මාලිගයට පිටුපසින් සහ ඉහළින් මහනුවර නගරය කුරුළු නෙතින් ඡායාරූපගත වෙන්නේ හෝටන් ආර්යා මාවතේ ඉඳන්. (ඡායාරූප අංක 2,3,4,5,6) මේ හෝටන් ආර්යා මාවත වෙතින් මහනුවර නගරයේ අලංකාර දර්ශන කිහිපයක්ම ලබා ගන්න පුළුවන්. මේ සඳහාම ඒ කාලේ මේ මාවතේ අතරින් පතර හොඳම ස්පොට්වල උස් ආසන පවා සැකසී තිබුණා. අදටත් මේ මාවතේ මහනුවර නගරය කුරුළු නෙතින් බලන්න වේදිකා සැකසී තියනවා. මේ මාවත අයත් වෙන්නේ උඩවත්ත කැලේට. දැන් කැලයේ උස ගස් වැඩී ඇති නිසා පැරණි ඡායාරූප ප්රතිනිර්මාණය නම් අපහසු වේවි. ලෙනාඩ් වූල්ෆ්ගේ ග්රොවින් (Growing by Leonard Wolf) කෘතිය කියවලා තියනවානම් වුල්ෆ් එයාගේ යාළුවා ක්රිස්ටෝපර් ස්මිත් එක්ක හැන්දෑවට ඩබ්ල් ඩේට් දාන්න ඇවිදින්න අස්සය පිටින් යන්නේ මේ උඩවත්ත කැලේ පාරවල් දිගේ. ඒ පරිසර විස්තර වර්ණනාවත් හොයාගෙන කියවලා බලන්න. (මෙය ප්රේමචන්ද්ර අල්විස් විසින් ලක් බිමේ සත් වසක් ලෙස පරිවර්තනය කොට ඇත. 170 පිටුව) ඒ ආසන්නයේ නගරයේ නැගෙනහිර දෙසින් වු බලකොටු කඳු මුදුනත් (Eastern Redoubt) මහනුවර නගරය දෙස ඉහළින් බලන්නට ඒකාලේ හොඳ තිප්පොළක් වුණා.

2. Bird's Eye View from Lady Horton's Walk (ca 1895)


3. General View from Lady Horton's Walk, Kandy, Ceylon (ca 1875)

Photograph of lake and town of Kandy, Sri Lanka
With lake on left and town on right. Sri Dalada Maligawa or Temple of the Sacred Tooth Relic complex in foreground and rows of houses beyond right. Island in lake can be seen to the left. Hills in background.

By Bourne & Shepherd
Ref: The Royal Collection Trust

4. Kandy Lake From Lady Horton's Walk, Ceylon


5. Kandy Lake from Lady Horton's Walk, Ceylon

By Skeen & Co.
Ref: imagesofceylon.com
6. View of Kandy from Lady Horton’s Walk, Ceylon

By Skeen & Co.
Ref: imagesofceylon.com

⚜️ දකුණින්: ආතර්ගේ සීට් එක ⚜️


මේ ස්ථාන අතරින් ප්රධාන තැනක් ගන්නේ ග්රෙගරි පාරේ (වර්තමාන රාජපිහිල්ල මාවත) හිල්වුඩ් කොලීජියට ආසන්නයේ ආතර්ස් සීට් එක. (ඡායාරූප අංක 7,8,9) ජනප්රවාදයන්ට අනුව මේ ආසන්නයේ බංගලාවක සිටි ආතර් නැමැති සුදු ජාතික වැවිලිකරුවෙක් මහනුවර නගරය දෙස බලාසිටින්නට මෙම ස්ථානය සකසාගෙන තිබුණා. ඒ සඳහා එහි ගසක් යට තැබූ මුල් ගල් ආසනය අද වනවිට දක්නට නැහැ. වර්තමාන දැවැන්ත වේදිකාව සැකසීම සඳහා එය කඩා බිඳ දමාලා. නමුත් එය සංකේතවත් කිරීමට නව ගල් ආසනයක් තබා තිබෙනවා. එදා පටන්ම මෙම ස්ථානයේ සිට බොහොම අලංකාර ලෙස දළදා මාළිගා පරිශ්රයත්, මහ මළුවත්, නුවර වැවත්, දේව වීදියත්, ශාන්ත පාවුලු දේවස්ථානයේ මුදුනතත්, ත්රිකුණාමල වීදියත් (වර්තමාන ඩී. ඇස් සේනානායක වීදිය ), කුවීන්ස් හෝටලයත් කුරුළු නෙතින් නැරඹිය හැකි වුණා.

7. Kandy, Sri Lanka 1881 From Arthur’s Seat

Photograph of European style buildings of town along the shore of a lake including; church, Queen's Hotel, Court House and Temple of the Tooth, all ranged along edge of a park

By Charles T Scowen
Ref: The Royal Collection Trust

8. View of Kandy from Arthur’s Seat, Ceylon

by Skeen & Co.
Ref: imagesofceylon.com
9. View of Kandy from Arthur’s Seat

by Plate & Co.


වර්තමානයේ නම් මීට තවත් දේවල් කිහිපයක් එක් වෙලා තියනවා. බහිරව කන්ද බුදු පිළිමයත්, අස්ගිරි විහාර මහා සෑයත් මේ අතර වෙනවා. වේස් උද්යානය, ආතර්ස් සීට් පසු කර ග්රෙගරි පාරේ අනෙක් කෙළවරට යනවිට කඳු බෑවුමේ සිට දකින, හාත්පස සමඟ නුවර වැවේ අනෙක් කෙළවරේ දර්ශනයත් රමණීයයි. (ඡායාරූප අංක 10,11)

10. View of Kandy from the Gregory Road Now Rajapihilla Mawatha

by Skeen & Co.
Ref: imagesofceylon.com

11. View of Kandy from the Gregory Road Now Rajapihilla Mawatha

by Skeen & Co.
Ref: imagesofceylon.com




⚜️ බස්නාහිරෙන්: බහිරවකන්ද ⚜️


වර්තමානයේ බහිරවකන්ද බුදුපිළිමයත් සමඟ ඉහළ නගින්නට ඇති වේදිකාව නිසා පෙර කාලයට වඩා හොඳින් බටහිර පැත්තේ සිට මහනුවර නගරය කුරුළු ඇසින් දැක බලාගන්න පුළුවන්. මේ පෙදෙසේ එකල බටහිර බලකොටු කඳු මුදුන නම්වූ Western Redoubt (ඡායාරූප අංක 12) ආශ්රිත කටුකැලේ මාර්ගයද (ඡායාරූප අංක 13,14) එකල ඡායාරූප ගැනීමට හොඳ තිප්පොළවල් වුණා. රජ වීදියත්, කොළඹ වීදියත්, වෝඩ් පාරත් (වර්තමාන දළදා වීදිය) මෙතැනින් මූලික වශයෙන් ආවරණය කරනු ලබනවා. බෝගම්බර සිර ගෙදරත්, වෙළඳ සංකීර්ණයත්, කටුකැලේ පුල්ලියාර් කෝවිලත් පසෙකින් දැකගත හැකියි.

12. Kandy from the Western Redoubt, Ceylon (ca. 1875)

Photograph looking down on Kandy, Sri Lanka from Western redoubt. Town can be seen centre left, with two parallel straight roads, many houses with tiled roofs and two churches, lake can be seen at right. Hills rise around town. To right are possibly barracks with open space with crossed paths.

By Bourne & Shepherd
Ref: The Royal Collection Trust




13. View of Kandy from Katukele Lake View Road

By Skeen & co.
Ref: imagesofceylon.com

14. View of Kandy from Katukele Lake View Road

By CA & co.
Ref: imagesofceylon.com

⚜️ දකුණින්: වේස් පාක් ⚜️


ආතර්ගේ සීට් එකේ සිට දකින දේම ඊට පහළින් වූ වෙනත් කෝණයකින් වේස් පාක් හී සිට නැරඹිය හැකියි (ඡායාරූප අංක 15, 16,17,18,19). මේ උද්යානයට එක එක ආකාරයේ නම් භාවිත වෙනවා. ඉහත සඳහන් කර ඇත්තේ ඒ නම් කිහිපයයි. සුද්දාගේ කාලයේ එම කන්දේ නමින් Castle Hill Park නම් වූ එය පසුව වේස් පාක් වන්නේ මද්යම පළාතේ රජයේ ඒජන්ත සහ නගරසභාවේ මූලාසනය හෙබවූ හර්බට් වේස් එය අලංකාර කිරීමට සිදුකළ මැදිහත් වීම නිසයි. ඉන්පසුව එය වේල්සයේ කුමරුට ගෞරව පිණිස වේල්ස් පාක් ලෙසටත් ඊටපසු නැවතත් මුල්ම නාමය වූ රජ වාසල උද්යානය ලෙසටත් හැරවුණා.

15. Trincomalee Street (Now D.S Senanayake Street) from Wace Park

By Scowen & Co
Ref: imagesofceylon.com

16. View from Wace Park

By Skeen & Co
Ref: imagesofceylon.com




මේ ස්ථානයේ සිට පුංචි බණ්ඩා නුගවෙල දියවඩන නිලමේවරයාගේ ධූරකාලය තුළදී (1916–1937 ?) ලබාගත් ඡායාරූප වලින් දළදා මාළිගා පරිශ්රයේ වර්තමාන දළදා කෞතුකාගරය වූ අලුත් මාළිගාව ඉදිවන අයුරුත් දැකබලා ගත හැකියි (ඡායාරූප අංක 17).



View from Wace Park, Kandy, Ceylon

17. Construction of Aluth Maligawa from Wace Park
by Plate & Co

ඉතින් මේ ස්පොට් වලින් අද කාලේ පෙනෙන විදිහ ඔබ ළඟ තියනවනම් අනෙක් අයටත් බලාගන්න කොමෙන්ටුවක් විදිහට එක් කරන්න අමතක කරන්න එපා.
👍
මේ ලිස්ට් එකට එකතු වෙච්ච, ඕනා කෙනෙක්ට යන්න පුළුවන් තව තිප්පොළවල් අලුතින් එකතු වෙලා තියනවනම් ඒ ගැන කියන්නත් අමතක කරන්න එපා.
👍
මූලාශ්ර:
- මහනුවර නගරයේ සිතියම් සහිත මාර්ගෝපදේශ සඟරාව, සංචාරකයන් සහ මහනුවර වැසියන් සඳහා විශේෂ අත්පොත, ජෝජ් ජේ. ඒ. ස්කීන් (1903)


Comments