Cremation Customs

1829 - 1850 කාලය තුළ සියම් මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ මහානායක ධූරය දැරූ වියපත් ස්වාමීන් වහන්සේ නමක් වූ අතිගෞරවාර්හ ගල්ගිරියාවේ ශීර ධම්මරක්ෂිත සුමංගල මහානායක ස්වාමීන් වහන්සේගේ ආදහන අවමංගල්ය පූජෝත්සවය එකල බ්රිතාන්ය පුවත්පතක සිතුවමට නැගුණු අයුරු.

Burning of the aged high priest of the Great Temple of Kandy


මේ සිතුවම උපුටාගත් පුවත්පතට අනුව එකල උඩරැටියන්ගේ ආදහන කටයුතු චාරිත්ර ගැන අගනා විස්තරයක් ලැබෙනවා. එහි කියනා විදිහට මියගිය ඉහළ කුල පරම්පරාවල උඩරට ඈයින්ගේ සහ පූජ්ය පක්ෂයේ අයවලුන්ගේ දේහය ආදාහනය කෙරෙන අතර සාමාන්ය වැසියන්ගේ දේහය භූමිදානය කෙරෙනවා.
ආදහනය කරන විට දල්වන දරසෑය තුළ පොල් ගෙඩිද දර අතර මිශ්ර කොට තබනවා. එසේ කරන්නේ අසල සිටින්නන්ට දර සෑය බුර බුරා දැල්වෙන විට නැගෙන සද්ද, හිස්කබල දැල්වී පිපිරෙන හඬ්ද පොල්කට්ට දැල්වී පිපිරෙන හඬද කියා තෝරාගැනීමට බැරි වීමටලු.

මූලාශ්ර:
The Illustrated London News -1850, August 17

Comments