Fate of the Malwattie Village

මාස ගණනාවක් ගෙවී යද්දී, පහතරැටි ආගන්තුකයාත්, මංපහරන්නන් කල්ලියත් මතකයෙන් ගිලිහී ගියේය. 

මල්වත්ත ගම්මානයේ ඉරණම

මේ තාක් නොවෙනස්ව පැවති මල්වත්තේ ගැමි ජන ජීවිතයද කෙමෙන් කෙමෙන් වෙනස් වන්නට විය. නමුදු එය හොඳකට නොවිණි. ඉතාම අයහපත් නව්‍යකරණය වුයේ ගම්මණ්ඩියේ හදවත් වන් වූ පෙදෙසේ අරක්කු තැබෑරුමක් ඉදිවීමයි. තම ආදායම් තරකිරීමේ සහ එම ආදායමෙන් රට සංවර්ධනය කිරීමේ සාංකාවෙන් පෙළුණු රජය විසින් (මා සිතනා පරිදි ඔවුන් එය ශීර්ෂ ගැන්වූයේ එලෙසය) මේ සඳහා උඩරට පෙදෙසේ අමතර අරක්කු තැබෑරුම් 20ක් පමණ ඉදිකිරීම සඳහා අරක්කු රේන්දකාරයන් හට අවසර ලබා දෙන ලදී. ඒ අනුව ඉන් එකක් මල්වත්ත ගම්මානයේද ඉදිවිය. ඉතා ඉක්මනින්ම ගම්මානයේ පෙර පැවති නිහඬ නිස්කලංක ශාන්තස්වරය බිඳලමින් කලකෝලහල සණ්ඩු සරුවල් ඇති වන්නට පටන් ගත්තේය.

Toddy Tavern & Consumers, Jaffna, Ceylon


විෂහරණය සඳහා පාලකයන් විසින් නොමිලේ උගෙනගත හැකි පොදු පාසලක් මෙම ඝෝෂාකාරි තැබෑරුම ඉදිරියේ ඉදිකළ වග සත්‍ය මුත්, අරක්කු සමඟ තරඟයේ වැදී ජයගන්නට අධ්‍යාපනයට ලැබුණේ සොච්චම් අවස්ථාවකි. මේසයක වාඩිවන සෑම නව ශිෂ්‍යයෙකු වටාම බේබදු සිසුන් රාශියක් විය. අරක්කු තැබෑරුමෙන් සිදුවූ ප්‍රතිඵල අතර පොලිස්සියේ රාජකාරි බහුල වීමත්, ආරච්චි හට වැටුප් ලැබීමත්, අපරාධ ඉහළ යෑමත් හා නඩු හබ ඉහළ යෑමත් විණි. පරම්පරා ගණනක් සාමයෙන් කල් යැවූ පවුල් වර්ගයා පරම වෛරක්කාරයන් බවට පත් විය. අරක්කු තැබෑරුම ඉදිවී වසරක් ගෙවී යන්නට මත්තෙන් මල්වත්ත ගමෙහි සකල සමාජ සංස්ථාවම දරුණු ලෙස කැබලි වලට කැඩී බිඳී ගියේය.

Rockland Ceylon Arrack, Sri Lanka's oldest commercial producer of arrack


මම දිගටම මගේ හිතාදර කෝරළේ මහත්තයාත් ගමේ හාමුදුරුවන් වහන්සේත් බැහැදැක්කෙමි. පන්සලේ හාමුදුරුවන් අරක්කු තැබෑරුම පිළිබඳ කතා බහ කළේ කෝපය මුහු වූ මහත් ශෝකයකිනි. ඉදිවූ පාසල පිළිබඳව දැරූ මතයද වූයේ එය බුදුදහමට ගැසූ බලවත් පහරක් බවයි. මෙම පළාතේ බල ප්‍රධානීන්ගේ යටි සිතේ මෙම නව අධ්‍යාපනික ක්‍රියාපටිපාටියට විරෝධීව නැගුණු වෙනත් ගැඹුරු සිතුවිලි සමුදායක්ද ඇති බව මට පැහැදිලිව පෙනිණි. ඔවුන් සිතන ලද්දේ මෙම ගැමි දුප්පතුන් අතරේ ඥානය පුළුල් වන විට ඉංග්‍රීසි ආණ්ඩුව හට කාලය ගතවෙද්දී ගම් ප්‍රධානීන්ට වඩා ඉහළිකින් පොදු ජනයා ඔසවා තබනට හැකි වනු ඇති බවත් එමඟින් ඔවුනගේ ප්‍රභූ බල පරාක්‍රමය එක් වරම ගිලිහී යනු ඇති බවත්ය.

Native Bar with Native People (ca. 1905) photographed by Adolphus William Andrée [Image Courtesy: Lankapura.com]


ඔවුන්ගේ නොපසුබට විරෝධතාව මෙලෙස නැගුනද එවැන්නකට අවශ්‍යතාවයක් එතරම් නොතිබුණි. පරම්පරාගත ඥානය තුළ නොවූ දැනුම උකහා ගනු උදෙසා ස්වදේශික ගොවියන් පෙළඹවීම ඇත්තෙන්ම කළ නොහැකි කාර්යයක් විය. තම වැඩිහිටියන් දැන සිටි කාරණාවන්ගෙන් පෝෂණය වීමෙන් එම ගැමිහු සෑහීමකට පත් වූහ. එම ගැමියා නැඹුරු වී සිටියේ තම පරම්පරාගත ආදර්ශයන්ට අනුව කටයුතු කරන්නටය. ඒ අනුව කෝරළේ හා දිසාවේලා දෙස බැලුවේත් ඒ අන්දමටය. අවාසනාවන්ත ලෙස මෙම රජයේ පාසල්හි නිසි බලධරයන්, තමුන් මහත් පරිශ්‍රමයකින් අරගල කරන්නේ අධ්‍යාපනය නම් දම්වැලෙහි අවසන් පුරුක් දාමයේ බව උගෙනගෙන නැත. පෙරදිග රටවල්හී ඥානය ගලා යන්නේ ඉහළ සිට පහළටය; කිසිදා එය උඩු අතට ගලා නොයයි. පෙරදිග ප්‍රවේණිදාසයින් වැදගතුන් කරන්නට නම් ඔබ පළමුව එම දාමයේ ඉහළ පුරුකක, ඉහළ පුරුක යැයි මෙම ගැමියා සලකන අයවලුන්ගේ බුද්ධිමය ශක්‍යතාව ඉහළනැංවිය යුතුය.

ජෝන් කැපර් විසින් රචිත "පැරැණි ලක්දිව : පුරාණ ලංකා දිවියේ සටහන්"

පළමු පරිච්ඡේදය : මල් වත්ත

SKETCHES OF CEYLON LIFE IN THE OLDEN TIME BY JOHN CAPPER

CHAPTER I: The Garden of Flowers


Again months rolled on, the low-country stranger and the robbers were all forgotten. Changes had been, meanwhile, stealing over the face of the hitherto changeless Malwattie, and those not for the better. The worst of all innovations was the establishment of an arrack tavern in the very heart of the village. The Government in its anxiety to add to its revenue-, and increase its means of developing the resources of the country, (I think that was what they termed it) had granted permission to the renter of the arrack licenses for the Kandyan country, to establish a few score additional taverns, one of which novelties was located in Malwattie; and soon where before had been quiet contentment, was nothing but brawling riot. It is true the Executive presented an antidote with the poison, by establishing a free school opposite the noisy tavern; but education stood small chance in competition with arrack, and for every new pupil at the desk there were a score of fresh drunkards. This led to an increase in the duties of the police, and soon after, to a salary to the head-constable ; crime was on the increase ; law suits were instituted ; families at peace for several generations, became deadly enemies ; and ere a year had elapsed since the introduction of the tavern, the whole social fabric of Malwattie was rent and disrupted into ugly fragments.

I continued to visit my friends the Korale and the Priest, both of whom, especially the latter, spoke bitterly of the arrack nuisance, and looked upon the establishment of the school as a direct attack upon Buddhism. I saw plainly however, that there was another and deeper feeling, antagonistic to the educational scheme, in the bosoms of these leading men of the place. They felt that by diffusing enlightenment amongst the poorest of the villagers, the British Government would in time raise the masses of the people above the level of the headmen, in which case their influence would at once disappear. Their unflinching opposition was but little needed, for the native cultivators could not be made to appreciate that knowledge which their immediate superiors did not possess. Too prone to take as their models those above them, the villagers were content to remain as they knew their fathers had been, and as they saw Korales and Dessaves were. Unfortunately, those in charge of Government schools have yet to learn that they have been toiling with the broad end of the educational wedge foremost ; that in Eastern countries enlightenment can only flow downwards, never upwards : that to elevate the Indian serfs, you must first improve the intellectual capacities of those whom they ever have, and ever will regard as their patterns.

ලක්දිව ගමන් සටහන් පිටු අංක: 7

Comments